34 කොටස(07/04/2013)
පසු දින දිනිති සුවය
ලබා රෝහලින් පිටවුනා.ඇය නිවසට පැමිණියත් දෙමාපියන් සතුටින් සිටින බවක් දැනුනේ
නෑ.අනිත් අතට විකුම් තමා බැලීමටවත් නොපැමිණීම ඇයට මහත් පුදුමය දනවන සිදුවීමක්
වුනා.
මේ අතර ඇගේ මව
දිනිතිට පානය කිරීමට වැල්දොඩම් යුෂ වීදුරුවක් රැගෙන කාමරයට පිවිසියා.
“ආ මෙන්න දුව,
බොන්න... ඔයා ආසයිනේ මේවට.”
දිනිති වීදුරුව අතට
ගත්තා.දේවිකා කාමරයෙන් නික්මයාමට සැරසුනා.
“අම්මා..”
“ඇයි දූ..?”
“ඇයි
විකුම් අයියා මාව බලන්නවත් නාවේ..”
දිනිති
විකුම්ව දැකීමට අපේක්ෂාවෙන් නොසිටියත් යටිසිත ඇයගේ හඩ ආක්‍රමණය කලා.
“ආ....මම
මේ කියන්නමයි ආවේ... දුව මේ... හිත කළබල කරගන්න ඕන නෑ.... විකුම් පුතාට පොඩි
කරදරයක් වුනා... දුව හිත කළබල කරගනී කියල හිතපු නිසා මම හොස්පිට්ල් එකේ දි කිව්වේ
නෑ.”
දිනිතිට
මේ එකපිට සිදුවන 0පීඩාවන් තේරුම්ගැනීමට අපහසු වුනා.ඇය දොඩම් වීදුරුව තොල මත තබාගෙනම
මව කී දේ කල්පනා කලා.
“විකුම්ට
කරදරයක්....” තම සැමියාට අනතුරක් වි ඇතිබව දැන් ඇයට පැහැදිලියි...ඒත්
“සැමියා-විකුම්” නොරිස්සුම්සහගත වේදනාවක් ඇයට දැනෙන්ට වුනා.
සිය දියණියගේ මුහුණේ ඉරියව් වෙනස්වෙන ආකාරය දෙස දේවිකා
බලාසිටියා.
“විකුම්ට මොකද වුනේ?”
“එදා දුව ඇඩිමිට් කරපු වෙලාවේ ඔයාව බලන්න එද්දි... එයා
ඇක්සිඩන්ට් වුනා.තාම හොස්පිට්ල් එකේ.”දේවිකා සිය උරහිසින් නෙතග පිසින ගමන්
පැවසුවා.
සුළුදෙයින් පවා කම්පාවන සිත් ඇත්ති,දිනිතිගේ හදවතේ පතුලට
යගුලියක් වැටුනාසේ දැනුනා.
“මොනවද මේ සිද්දවෙන්නේ... අනේ... විකුම් අයියා.”ඇයට ඉබේම
කියවුනා.
“මට එයාව බලන්න ඕන... අම්මා අපි යමු.”
*************************************************
විකුම්ට සිහිය
ලැබුනත් තවමත් තම කකුලක් අහිමි බව ඔහු දන්නේ නෑ.ඔහුට සිය දණහිස දෙසින් දැඩි
වේදනාවක් දැනුනත් මුළු සිරුරම තලා දැමු ලෙසින් දැනෙන නිසා එය විශේෂයක් ලෙස හැගුනේ
නෑ.
තම මවත්
මිතුරනුත් විරසුරිය අන්කලුත් තමා අසල සිටියත් කුමක් හෝ අඩුවක් ඔහුට දැනුනා.ඒ සිය
ප්‍රියාදරිය, දිනිති නොමැති අඩුව මිස අන් යමක් නොවේ.
“අ.. අම්මා..
දිනිතිට දැන් සනීපද?” ඒ විකුම් අනතුරින් පසු ඇසූ පළමු පැණයයි.
ඔහුගේ මවට ඉකි
බිදුමක් පැමිණියත් එය යටපත් කර ගත්තා.
“ඔවු
පුතා,දුවට දැන් හොදයි.අද ඔයා බලන්නත් ඒවි.”
“එපා අම්මා
එයාට තව රෙස්ට්කරන්න කියන්න. මට අමාරුවක් නෑ.”
එවර නම් මවට
ඉවසා සිටිය නොහැකි වුනා. ඇය සිය සාරි පටින් මුව වසාගෙන වාට්ටුවෙන් ඉවතට
දිවගියා.විකුම්ට මේ සියල්ල පුදුමයක් වගේ.සියළුදෙනාගේ නෙත්වල කදුළු පිරී තිබුනා.ඔහු
සිය මිතුරෙකු වන අයේෂ් දෙස හැරුනා.
“මට ඇත්ත
කියපන්,මොකද වෙලා තියන්නේ.මොකද උඹලා අඩන්නේ?”
අයේෂ් විකුම්
දෙස බලා සිටියා0 මිස කිසිවක් කීවේ නෑ.
“මොකද බං වෙලා
තියන්නේ?”එවර විකුම් ඇදෙන් නැගිටින්නට උත්සාහ කරමින් පැවසුවා.
අයේෂ් වහාම
විකුම්ව උරහිසින් අල්ලාගත්තා.
“හරි හරි බං
ඔ..ඔහොම ඉදපන්,උඹට සීරියස් ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුනේ... ඉතින් බං උඔව බේරගන්න
පුළුවන් වුනේ වාසනාවටයි ඩොක්ටර්ස්ලගේ දක්ෂකමටයි....” විකුම් නොරිස්සුම් ලෙස
මිතුරා දෙස බලා සිටියා.
“ඉතිං උඹලා මේ
අඩන්නේ මොකද කියපං...” විකුම් සිය සිරුරේ වේදනා යටපත් කරගනිමින් අපහසුවෙන්
විමසුවා.
“මචං...
ඇක්සිඩන්ට් එකේ දි උඹේ දකුණු කකුල.... ගොඩාක් ඩැමේජ්වෙලා....”
විකුම්ට සිය
දකුණු කකුල දෙස බැලුනේ ඉබේටමයි.
“ඉතිං.. ඒ
නිසා.... දණහිසින් පහළ කොටස.... කපන්න වුනා බං. නැත්නං උඹේ ජීවිතේ පවා නැතිවෙන්න
තිබුනා කියලා ඩොක්ටර් කිව්වා.”අයේෂ් ඉතා අපහසුවෙන් වචන ගලපමින් කිව්වා.
විකුම්ට ඒ
වචන,උසාවියක නඩුකාරයෙක් දඩුවමක් දෙනවිට කියන වචන වගේ දැනුනා විය හැකියි.ඔහු සිය
මිතුරා දස බලා සිටියා.මිතුරාගේ නෙත් කෙවෙනි දෙපසින් කදුළු බිදු උතුරා යනු
දුටුවා.විකුම් ගැඹුරු හුස්මක් ගෙන නෙත් පියා ගත්තා...
35 කොටස(08/06/2013)
දෙනෙත් පියාගත් විකුම්ට බොහෝ දේ මැවී පෙනුනා.තමාගේත්
දිනිතිගේත් අනාගතය කෙබදුවේද? තමා නිසා දිනිති කොපමණ දුක් විදිනු ඇතිද? මේ රූපාවලිය
සමග ඔහුට නින්ද ගියා.
විකුම් නැවත නෙත් විවර කලේ තමාට ඉතා හුරු පුරුදු හඩක්
තමා අමතනු ඈතින් මෙන් ඇසුනු නිසයි.
“විකුම් අයියා.... අනේ විකුම් කතාකරන්න කෝ....!” ඒ
දිනිතිගේ ආදරණිය හඩයි.
“දිනිති... ඔ...
ඔයා ඇයි මේ.දැන් සනීපද?” විකුම් තම වේදනාව මැඩගෙන අපහසුවෙන් විමසුවා.
“මට සනීපයි.... අනේ ඔ ඔයාට මේ.... ම මට සමාවන්න.විකුම්
අයියේ... මම නිසානේ ඔයාට මේ දේ වුනේ...මම මහ..
දිනිතිට පැවසීමට හැකි වූයේ එපමණයි.විකුම් සිය සුරතින්
ඇගේ මුව වැසුවා.
“ඔයා මේ මොනවද කියන්නේ... ඔයා ඔය කියන වචන මගේ මේ තුවාල
වලට වඩා වේදනයි.මේක ඔයාගේ වරදක් නෙවි. මගේ නොසැලකිල්ල නිසා සිද්දවුනු දෙයක්.ආයෙත්
ඔය කතාවනම් කියන්න එපා.
දිනිති පළමු වරට විකුම් ගේ හිස ආදරෙන් පිරිමැද්දා...
*************
කාලය සෙමින් ගෙවුනා. දිනිති නැවත රැකියාවට පැමිණියා. ඇය
දිනපතා උදේ,දවල් සහ සවස විකුම් බැලීමට රෝහලට ගියා. ඇය නේවාසිකව සිටි නිවස රෝහල අසල
පිහිටා තිබීම ඊට මහත් රුකුළක් වුනා.සිදුවු සියල්ල සිය මිතුරියගෙන් පැහැදිලි කරගත්
නිශා සැබවින්ම0 සිය මිතුරිය ගැන දුක්වුනා. ඇයත් හැකි අයුරින් දිනිතිට සහාය වුනා.
විකුම්ට සිදුවු අනතුර පිලිබද මලිත් සිය මිතුරාවන අවිශ්කට
පැවසුවා.ඒ ඇසු අවිශ්කට වේදනාත්මක කණගාටුවක් දැනුනා. ඒ දිනිතිගේ අනාගතය ගැන ද යන්න
දන්නේ ඔහු පමණයි.
“මචං මට විකුම්ව බලන්න යන්න ඕන.උඹත් එනව ද?” දිනක්
මලිත්ගේ වෙළදසල අසලට පැමිණි අවිශ්ක විමසා සිටියා.
“මොකක්, උඹට පිස්සු ද , අයෙත් ගිහින් ඔලුව අවුල් කරගෙන
එන්න ද හදන්නෙ?”
“නෑ බං මගේ හිතට හරිනෑ මේක දැනගෙනත් නොගිහින් ඉන්න එක...”
“හරි බං ඉතිං දැන්ම යන්න ඕන ද?”
“ඔව් දැන්ම ගියොත් දිනිති එන්න කලින් ඉක්මනට ලෙඩා බලලා
එන්න පුළුවන්.”
“හා හා ඔහොම පොඩ්ඩක් හිටපන් මම අම්මට මෙතෙන්ට එන්න කියලා
එන්නං, අද විජේත්(කෙඩේ සහායක) නෑ.” අවිශ්ක කිව් දෙයක් ලේසියෙන් වෙනස් නොකරන අයෙකු
බව දන්නා නිසා මලිත් එසේ පවසා නිවස දෙසට ගියා.
විකුම්ගේ තුවාල බොහොමයක් සුව වී තිබුනා.පසු දින රෝහලෙන්
නික්ම යා හැකි බව වෛද්‍යවරුන් පවසා තිබුනා.එක් පාදයක් අහිමි ඔහු හිස් බැල්මෙන්
යුතුව ඇදේ හාන්සිවී රෝහල් කොරිඩෝව දෙස බලා සිටියේ දිනිති එනතුරුයි. එක් වරම ඔහුගේ
නෙත ගැටුනේ හුරුපුරුදු රූ දෙකක්!
“මේ එන්නේ අවිශ්කයි මලිතුයි නේ ද?” ඔහු තමාටම පවසාගත්තා.
අවිශ්කත් මලිතුත් විකුම්ගේ ඇද අසලට පැමිණියා.මොහොතක්
ඔවුනොවුන් අනිමිසයෙන් එකිනෙකා දෙස බලා සිටියා. අනතුරුව විකුම් සිය හඩ අවදි කලා.
“අවිශ්ක... මාව බලලා යන්න ආවද?” ඒ වදන්වල අසරණකමක් හෝ
ලෙන්ගතුකමක් හෝ දෙකම හෝ තිබුනා විය හැකියි.
“කොහෙමද විකුම්...දැන් තුවාල එහෙම සනීපවෙලාද?” අවිශ්කගේ
අදහස මලිත් වචනවලට පෙරළුවත් මලිත්ටත් අවිකුම් දුටුවිට අතිවුනු සංවේගයත් සමග මුසුවී
ඒ වදන් 0බොහොම සංවේදි ස්වරයක් මැව්වා.
“දැන් ගොඩක් දුරට හොදයි.හෙට ටිකට් කපනවා කිව්වා.”
“හ්ම් ඒක හොදයි.ගෙදර ගිහින් හිතේ නිදහසේ නාලා කාලා
ඉන්නකොට ඉතුරු ටිකත් හොදවෙයි.”
මලිත් එසේ පැවසුවත් තමාට කිසිදා යතා තත්ත්වයට පත්විය නොහැකි බව විකුම්ට නැවත සිහිවුනා.ඔහු
සුසුමක් පිටකලා.
මලිත්ටත් අවිශ්කටත් විකුම්ගේ අදහස වැටහීගියා. මේ අතර
විකුම්ගේ ඇස් කොරිඩෝව දෙසට නැවත යොමුවෙන ආකාරයත් ඒත් සමග මුහුණට අමුතු ආලෝකමත්
බවක් එන අයුරුත් ඔවුන් දුටුවා. ඔවුන් ද කොරිඩෝව දෙස බැළුවා.
දිනිති.දෑතින් පාර්සල් දෙකක් රැගෙන ඈතින් එනු ඔවුන්ට
දැකගත හැකිවුනා.
අවිශ්කට කිසියම් නොසන්සුන් හැගීමක් දැනුනා. “අපි යමු ද?”
ඔහු මලිත්ට සන් කලා. ඔහොම හිටපන් එක පාර දමලගහල යන්න පුළුවන් ද? මලිත් ද සිය සංඥා
භාෂා හැකියාව භාවිතා කළා.
බිම බලාගෙන පැමිණි දිනිති විකුම්ගේ වාට්ටුවට පැමිණ හිස
ඔසවා විකුම් සිටි දෙස බැළුවා... ඒත් ඒ නෙත ගැටුනේ විකුම් නම් නොවේ.... ඒ නෙත වඩාත්
ප්‍රිය කල රුව.... අවිශ්ක.
“අවිශ්ක...” දිනිතිට කියවුනේ ඉබේටමයි. ඇගේ විඩාබර මුහුණේ
ස්වර්ණවර්ණ රේඛාවක් යාන්තමට ඇදී මැකී යන ආකාරය කාටත් හොරා නමුත් විකුම් දුටුවා.
හිස නැවත පහත් කරගත් ඇය වරදක් කළ කුඩා දැරියක මෙන්
විකුම් අසලට පැමිණියා. මොහොතකට මුළු වාට්ටුවම නිහඩ වී ගියා ද නැතහොත් ඔවුනොවුන් ගේ
දෙසවන් නෑසී ගියා ද, කුමක් වුව ද ඒ විරාමය බින්දේ ද රෝගියා වු විකුම් ම තමයි.
“බලන්න දිනිති අවිශ්ක මාව බලන්න ඇවිත්”
දිනිති නැවත හිස ඔසවා අවිශ්කදෙස බැළුවා. “ දැන් ගොඩක්
වෙලා ද ඇවිල්ලා?” ඇය යටපත්වන ස්වරයෙන් විමසා සිටියා.
“ආහ්.... ඔ ඔව්
නංගි අපි මේ දැං යන්න කියලයි හැදුවේ” මලිත් පිළිතුරු දුන්නා.
නමුත් ඒ පිළිතුර දිනිතිටවත් අවිශ්කට වත් නම් ඇසුනා දැයි
හරියට කියන්න බෑ. මොකද ඒ දෙදෙනා නෙතින් නෙත බලා සිටියේ ඒ නෙත් දෙක එකට යා කිරීමට
වගේ නිසා.