39 කොටස
තත්පර,මිනිත්තු,පැය,දින,සති,මාස
ගෙවෙමින් කාලය වසරකට ආසන්න කාලයක් ගතවුනා... විකුම් සිය උත්සාහය තුලින්ම තම අරමුණ
කරා අන් සියළුපිරිස් යොමුකලා.දිනිතිගේ මාපියන් ද දිනිති විකුම් ගෙන් ඈත් වීම සිත
යටින් ප්‍රියකලා විය යුතුයි.එහෙත් විකුම්ට සිය මවගේ සිත වෙනස්කිරීමට නොසෑහෙන
වෙහෙසක් ගන්න වුනා...
අවිශ්කගේ
මාපියන් මේ කතාවට සම්බන්ධවුනේ කලින්ටත් වඩා විරෝධය පලකරමිනුයි.
“අපේ බූරුවට
පිස්සුද? කසාද බැදපු එකියක්ව කැන්දන් එන්න...” අවිශ්කගේ පියාගේ දැඩි විරෝධය එසේ
මතුවෙද්දී “අනික මහ අවාසනාවන්ත කෙල්ලක්” යනුවෙන් අවි අමෝරාගන්නට මව සූදානම් වුනා.
ඒත්... අවිශ්ක
නොකා නොබී කල දැඩි උත්සාහයේ අග්‍රඵලය ලෙස ඒ දෙපල ගේ කැමැත්ත ද නොකැමැත්තෙන්ම
ලබාගත්තා.1
වීරසූරිය පවුලේ
පිරිස සහ දිසානායක පවුලේ පිරිස නැවත එකිනෙකා මුන ගැසුනා... මුලින් නුහුරුගතියක්
වැනි හැගීමක් දෙපැත්තටම දැනුනත් කාලයත් සමග ඒ තත්වය මගහැරුනා.
දැන් දේවිකාත්
මංගලාත් දුරකථනයෙන් කතා නොකරන දිනයක් නෑ... පුංචියට නමුත් මගුලක් ගන්න එපායැ!
මංගල දිනයට දින
දෙකකට පෙර දිනිතිත් අවිශ්කත් සිය සුපුරුදු තැනදී මුණගැසුනා.ඔවුන් බංකුවට වී ඈත
ක්ෂිතිජය දෙස බලාසිටියා.
“අනිද්දා ඉදන්
අපි දෙන්නා එක්කෙනෙක් වෙනවා නේ” අවිශ්ක විමසුවා.
“ඇයි දැන් එහෙම
නෙවිද?”දිනිති පෙරළා විමසුවා.
අවිශ්ක
විමතියෙන් මෙන් ඈ දෙස බලා ඇය තවත් තම තුරුලට ගත්තා.
“අනේ... සෑහෙන
කාලෙකට පස්සෙ!” සිරිල්(කඩල වෙළෙන්දා)
ඔවුන් ලගට ඇවිත් පැවසුවා.
“ආහ්.... අපි
කීප දවසක්ම ආව ඔයා හිටියෙනෑ නේ” දිනිති නෝක්කාඩු ස්වරයෙන් කීවා.
“දැන් මම බීච්
එකට එන්නෙ සිකුරාද සෙනසුරාදා,ඉරිදා විතරයි.අනිත් දවස්වලට වැඩක් නෑ.. බිස්නස් නෑ”
“ඒකනේ..”
දිනිති ප්‍රතිචාර දැක්වූවා.0
“ආ මෙන්න මිස්”
සිරිල් කඩල ගොටුවක් දිනිති අත තැබුවා. අවිශ්ක මුදල් දුන්නත් ඔහු එය ගන්න අදිමදි
කලා.
“සිරිල් ගන්න
සල්ලි නැත්නං අපි ඔයත් එක්ක කතාකරන්නෙවත් නෑ...” දිනිති අවවාදාත්මකව පැවසුවා.
සිරිල්
නික්මගිය පසු අපේ සොදුරු ආදරවන්තයන් දෙපල නැවතත් දෙනෝදාහක් මැද තනිවුනා.ඒ ඔවුන්ගේම
ලෝකයේ.
“මට නං තාම මේ
වෙච්චදේවල් හීනයක් වගේ අවිශ්ක”
“හීනෙකින්වත්
ආයේ එහෙම වෙන්නෙ නෑ... දැන් අපි වෙන් කරන්න කාටවත් බෑ.”
අවිශ්ක එසේ
කියමින් කඩල කටක් දිනිතිට කැව්වා. මද වේලාවකින් දිනිති හෑස් සූස් ගාමින් අසුනින්
නැගිට්ටා. “ඇයි?” අවිශ්ක විමතිය පල කලා.0
“හොරා... ඔයා
මට මිරිස් කෑල්ලක් කැව්වා නේ ද .... ස්..ස් ?”
“ආ මේක කන්න..”
අවිශ්ක පොල් කැබැල්ලක් දිනිතිගේ කටට දැම්මා.”
දිනිතිටත්
අවිශ්කටත් නැවත අතීතය සිහි වුනා... එදා දිනිති අවිශ්කට මිරිස් කෑල්ලක් කවපු දවස...
දෙදෙනාටම සිනා
ආවා... ඔවුන් නෙත් තෙත් වෙනතුරු සිනාවුනා...
(උපුටනය තහනම්)
(උපුටනය තහනම්)
කථාව අවසානෙ වෙනකන් කියෙව්වා. ගොඩාක් ලස්සනයි.
ReplyDelete