ඔබ මට තරුවකි

Monday, April 16, 2012

ඔබ මට තරුවකි 13,14

13 කොටස (01/04/2012)

පෙරදා කතාකරගත් විදියට 4.30 වෙද්දි අවිශ්ක වෙරළ උද්‍යානයට යන්න ඕන නිසා 4ට විතර නිවසෙන් පිටත් වෙන්න සූදානම් උනා.

“කොහේද පුතා යන්න හදන්නේ” මව විමසා සිටියා.

“මම මලිත්ලයි ගෙදර යනවා.එනකොට ටිකක් හවස් වේවි” අවිශ්ක ආදරය වෙනුවෙන් පළමුවරට පුංචි බොරුවක් කිව්වා.

“පරිස්සමින් ගිහින් එන්න” මව ඒ විදියට කියලා සිය පුතු නොපෙනී යනතුරු බලාසිටියා.ඇත්තටම දරුවා ගියේ මලිත් මුනගැහෙන්නද? මංගලා ගේ හිතට පුංචි සැකයක සේයාවක් වැටුනා.ඒ වෙන දෙයක් නිසා නෙවි අවුරුදු විසි අටක් දරුවගේ හැම අංගචලනයක්ම පැහැදිලි කන්නාඩියක්වගේ ඔහුගේ අව්‍යාජ සිත පිලිඹිඹුකරනු බලාසිටි මවකගේ සිත ඈ සතු නිසයි.

අවිශ්ක එක අතකට කිව්වේ බොරුවකුත් නෙවි.ඔහු මුලින්ම ගියේ මලිත්ගේ ගෙදර තමයි.ගෙදර කිව්වාට ගෙදර ඉදිරියේ තියන මලිත්ගේ කඩයට.
“ආ... රෝමියෝ කොහි සැපත්වෙන ගමන්ද මේ?” මලිත් අවිශ්ක දුටුවිගස ඇසුවා.
අවිශ්කට ඒ කතාවට හිනා ගියා.

“මම අද බිච් එක පැත්තට යන්න කියලා,උඹත් එනවද?”
“ආව් අප්පා. වැඩේ නැගලා යනවා එහෙනං.ගුඩ් ගුඩ්. අනේ පුතෝ උඹ ගිහින් වරෙං. දැං මම මෙකටද ඕවට නිකං ඇණ වෙන්නේ. අනික මම වැල්ලේ සිප්පි ඇහිදින්නද?”

“හ්ම්... එහෙනං මම යන්නං”
“ගුඩ් ලක් මචෝ!”

මලිත්ගෙන් සමුගත් අවිශ්ක වෙරළ උයන අසලට 4.25 වෙද්දි ආවා.ඊටපස්සේ දිනිතිගේ සේයාව නෙතු ගැටෙනතුරු ඈත මගදෙස බලා සිටියා.ටිකවේලාවකින් දිනිතිත් නිශාත් ඔහු සිටි දෙසට එන අයුරු අවිශ්ක දුටුවා. “කෙල්ල අද තවත් හැඩයි නේ” ඔහු තමාටම කියාගත්තා.
l
“ඔන්න මයි ඩියුටිය ඉවරයි,දැන් දෙන්න ඕන දෙයක් කතාකරගන්න. මම යනවා බෝඩිමට.රැට උයන්නත් එපායැ.” නිශා, දිනිති අවිශ්ක අසලට රැගෙනවිත් යන්න හැරෙන ගමන් කීවා.

“අනේ නිශා ඔයා ඉන්න අපි යනගමන් කඩෙන් මොකුත් අරං යමු” දිනිති පුංචි දැරියක් මොන්ටිසෝරියට දමා යන අම්මා වෙත එම දැරිය පාන කොමළය සිහිගන්වමින් කීවා.

“අනේ අනේ මේ මම මෙතන සරුංගල් යවන්නද? විකාර නැතුව ඉන්න. මම යනවා . අවිශ්ක මම යනවා.”
අවිශ්ක හිස වැනුවා. නිශා නික්මගියපසු දිනිති අවිශ්ක දෙස බැලුවා.අවිශ්කගේ ආදරණිය දෑස ඇය තුලවු සැලෙනබව නිවා දැමුවා. අවිශ්ක දිනිති දෙසට සිය සුරත දිගු කළා. දිනිති සෙමින් ඒ අත මත සිය අත තැබුවා.

අවිශ්කට දැනුනේ සියුමැලි මල්පෙත්තක් අතේ දැවටුනා වගේ.ඔහු එය සෙමින් තදකර අල්ලාගත්තේ පොඩිවෙයි කියලා බයෙන් වගේ.

දිනිතිට අවිශ්කගේ අතේ රළු ස්පර්ෂය තුල උණුසුම්,ආරක්ෂිත රැකවරණයක් දැනුනා. දෙදෙනා දෑත් අල්ලාගෙන වෙරළ දෙසට පිය මැන්නා.කිසිත් නොදොඩා ඈත සයුරේ සිට වෙරළ බලා එන රළ පෙල දිහා බලා සිටියා.රළ පැමිණ දෙපා දොවා යද්දි තමන් ඒ වෙත ඇදි යනවා කියලා දිනිතිට දැනුනා.ඇය තවත් අවිශ්කට සමීපඋනා.අවිශ්ක දිනිතිගේ උරහිස වටා අත යවා තමාවෙත ළං කරගත්තේ මේ මහ මුහුදට වත් ඔයාව මගෙන් අරං යන්න දෙන්නේ නෑ කියන්න වගේ.


14 කොටස.(08/04/2012)

  ටික වේලාවක් රළ පෑගු දෙදෙනා මුහුද දෙසට මුහුණලා ඇති බංකුවක හිදගත්තා.දිනිති අවිශ්කගේ මුහුණට එබි බැලුවා.හරියට පුංචි දැරියක් වගේ.
3
“ඇයි?” කියලා අසන ලෙසින් අවිශ්ක දිනිති දෙසට හිසින් සන් කලා.

“ඔයා දිහා මට අද එළිවෙනකල් බලං ඉන්න ඇත්නං” දිනිති කීවා.
අවිශ්ක තමා රැගෙන ආ පොතේ මෙහෙම ලිව්වා.

“ඉතින් ඉමු. මටත් ඔයා දිහා බලං ඉන්න පුළුවන් මේ මුහුද හිදෙන දවස එනකල් උනත්”

“එතකොට ගොඩාක් කල් නේ.මම මැරිල යයි නේ.”
දිනිති අවසන් වචනය කියලා ඉවරවෙන්න පෙර අවිශ්ක සිය ඇගිල්ලෙන් දිනිතිගේ දෙතොල් වැසුවා. අවිශ්කගේ නෙත් තෙත් වෙලා තිබුනා. දිනිතිට දුක හිතුනා.

“මට සමාවෙන්න අවිශ්ක මම දන්නවා ඔයා මට කොච්චර ආදරේද කියලා.” දිනිති එසේ කියා අවිශ්කට තව සමීපවුනා.

“කඩල කඩලේ..”

දිනිති හිස හරවා පිටුපස බැලුවේ කඩල විකුනන්නාගේ හඩ සවනට වැටුනු නිසයි.

“අවිශ්ක අපි කඩල කමු?”

අවිශ්ක අසුනින් නැගිට කඩල වෙළෙන්දාගෙන් කඩලගොටුවක් මිලට ගෙන නැවත පැමින එකක් ගෙන දිනිතිට කැව්වා.මේ දෙස බලා සිටි කඩළ වෙලෙන්දාට මේ අලුත් ‍ජෝඩුව අමුතු අද්දැකීමක් උනා.ගොළු තරුණයෙක් සමග සිටින මේ සුන්දරිය කවුද. ඇත්ටම පුදුම දෙයක්.පුදුම බැදීමක්.කොල්ලත් හැඩයි නේ.ආදරය හොදින් හදුනන මේ සොදුරු වෙළෙන්දා දිනිතිත් අවිශ්කත් සිටින දෙසට ගියා. තව කඩළ ගොටුවක් දිනිති අත තැබුවා.දිනිති පුදුමයෙන් ඔහුදෙස බැළුවා.6

“සල්ලි එපා මිස්, මට ඔය දෙන්නා ගැන හරි සතුටුයි.හොදට ගැලපෙන ජෝඩුව.” එසේ කී ඔහු නික්ම ගියා.

දිනිති තම අතවූ කඩළ ගොටුවෙන් කඩළයක් ගෙන අවිශ්කගේ මුවතුලට දැමුවේ මිරිස් කෑල්ලකුත් එක්කයි.අවිශ්කගේ කන්වලින් දුම් පිටවෙනවා වගේ දැනුනා.

“සූ..ස් ” අවිශ්ක උඩට අදිමින් හුලං පිබින්න පටන්ගත්තා.දිනිති හනිකට පොල් කැබලි දෙකක් අවිශ්කගේ කටේ එබුවා.

මේ විදියට කාලය ගතවුනා.ඔවුන් සෑම දිනකම මුණගැහුනා.දිනිති ගෙදර ගියෙත් සති දෙකකට වරක්.අවිශ්ක හමුවන  සෑම දිනකම සංඥා බස දිනිතිට කියාදුන්නා.ඒ පිලිබද පොත්, සී.ඩී ලබාදුන්නා.කඩළ වෙළෙන්දා හැම දිනකම ඔවුන් එනතුරු සිට කඩල පංගුව දුන්නා.ඔහුගෙ නම සිරිල්.ඔහු දැන් අපේ ආදරවන්තයින්ගේ හොද මිතුරෙක්.

මේ විදියට කිසි ප්‍රශ්නයක් නැතුව වසරක් ගෙවුනා. දැන් දිනිතිට සංඥා බස තරමක් පුළුවං.ඔවුන් ගේ පලමු සැමරුම යෙදී තිබුනේ මාර්තු මස 10වන දිනයි. සදුදා දිනයක්.දිනිති සදුදා අවිශ්ක හමුවීමේ බලාපොරොත්තුව සිත දරා ගෙන සති අන්තයේ නිවසට ගියා.