ඔබ මට තරුවකි

Saturday, September 22, 2012

ඔබ මට තරුවකි 25,26

‍25 කොටස 18/08/2012


ප්‍රශ්න සියල්ල මදකට යටපත් කල ආදරණීය රාත්‍රියක් ගතකරපු අවිශ්ක පාන්දර දෙක පමණ වෙද්දි නිවසට පැමිණියා. මලිත් විසින් කරුණු පැහැදිලි කර දිමෙන් පසු යාන්තමට සිත සන්සුන් කරගත් මංගලා නින්දත් නොනින්දත් අතර සිටිත්දි සිය පුතු පැමිණෙන හඩ ඇසුණා.ඇය හනික සයනෙන් බැස ඉදිරි දොර විවර කලා.

“මොනවද පුතා මේ කරන්නේ...? මංගලා කේන්තිය යටපත් කරගෙන විමසුවත් අවිශ්ක එය නෑසු කන්ව කාමරයට ගියා.