ඔබ මට තරුවකි

Wednesday, June 20, 2012

ඔබ මට තරුවකි 17,18,19


17 කොටස (06/05/2012)

පළමු සැමරුම ඒ විදියට ආදරණීයව ගෙවි ගියා , දිනිති සිය සිතට වදදෙන කරුණ අවිශ්ක‍ගෙන් වසන් කරගෙන හිටියා.ඒ කොහොම හරි මේ ප්‍රශ්නේ අවිශ්කට වදයක් නොකර විසදගන්න ඕන කියලා හිතපු නිසා. එදා රැ දිනිති නිශා එක්ක මේ ගැන කතා කළා.

“නිශා අපේ හක්මන නැන්දා එයාගේ පුතාව මට ප්‍රපෝස් කරළා.හරි ප්‍රශ්නයක් වෙන්න යන්නේ.ගෙදර අයත් කැමතියි වගේ.”

“මොනවා. කවද්ද දැනගත්තේ? අවිශ්කට කිව්වාද?”
“නෑ තාම කිව්වෙ නෑ. ගිය සෙනසුරාදා අම්මා කිව්වා.”

“ඉතින් කෙල්ලෙ නෑයෝ බදින්න හොද නැ කියලා ගෙදරට කියලා ෂේප් වෙයන්”
“ඒක හරියන්නෙ නෑ. අනික දුර නෑකමක් නේ තියන්නේ”
“ඒකත් එහෙමද? කොල්ලා මොනව කරන කෙනෙක්ද?”

“බිස්නස් , හාර්ඩ්වෙයා එකක් තියනවා, නම විකුම්.”

“අහ්.. එහෙනං ඉතින් ලේසි නෑ. අම්මලා ඕක ලේසියෙන් අතඅරින එකක් නෑ.”
 “ඒකනේ අනේ.... දැන් මොකද කරන්නේ?පුදුම හෙණයක් උනානේ මේක.... නිශා අපි අවිශ්ක ගැන කියමුද?”
“ම්ම්... ඔව් ඕක තවත් දුර යන්න නොදී කියල බලපන්.”

“අනේ.. නිශා.. ඔයාට බැරිද අපේ ගෙදරට කියන්න.”
“අනේ අනේ චන්ඩියට මොකද උනේ... හ්ම් මම කියන්නං. හැබැයි අම්මා ඉලපත ගත්තොත් මාව බේරගන්න ඕන.”
“අනේ තෑන්ක්ස් නිශා. එහෙනං මේ වීක් එන්ඩ් එකේ අපේ අහ යමු ‍හොදෙයි.”1
“යමු යමු... දැන් නිදාගමු.”
දිනිතිට ඒ සතිය මාසයක් තරම් දිගට දැනුනා. දිනිති සිකුරාදා අවිශ්කාගෙන් සමුගත්තේ හිතේ දෙගිඩියාව පුරවගෙන.ඒ අතර මේ සති අන්තේ මලිත්ට නිශා මුණගැහෙන්න වෙන්නේ නැති එක ගැන ඔවුන් දෙදෙනාටත් ලොකු අපහසුතාවක් දැනුනත් නිශා හිත හදාගෙන මලිත්ගෙන් සමු ගත්තා.
තෙත් කලාපේ පසුකර බසය වියළි කලාපෙට ක්‍රමයෙන් පිවිසෙද්දි දිනිතිගේ සිත ඉරිතැලෙනවා වගේ දැනුනා. “ගෙදරින් මොනදේ කිව්වත් මම අව්ශ්කව අතාරින්නේ නෑ” හ්ම්... ඒ විදියට හිතමින් දිනිති සුසුමක් පිටකලා.
රැ හත විතර වෙද්දි දෙන්නා ගෙදරට පැමිණියා.
“ආ නිශා දුව දැක්කේ ගොඩ කාලෙකින්.ෂා තව හැඩවෙලා තියන්නේ.” දිනිතිගේ මව නිශා ආදරයෙන් පළිගනිමින් කීවා.

“ආ ඒකියන්නෙ ඉස්සර මං කැතයිද?” නිශා නෝක්කාඩු ස්වරයෙන් කිව්වා.
“හපෝ නෑ.... මං කිව්වේ තව හැඩයි කියලා.”
“ආ ඒක මිසක්. නිශා දිනිතිගේ මව ඒ කියන්නෙ “දේවිකා” ගේ අතින් අල්ලා ගෙන නිවසතුලට යනගමන් කිව්වා.
ආ ගිය තොරතුරු කතාබස් කොට රාත්‍රී ආහාරගත් පිරිස නින්නට ගියා. දිනිතිට නම් නින්ද අහලකවත් නෑ.නිශාත් එහෙමම තමා.
“නිශා ඔයා හෙට අරක කියන්න හොදෙයි”
“හ්ම්... ඒත් දැන් නං මටත් බයයි වගේ.”
“අනේ..”

“හරි හරි මම කියන්නං”

පසු දින දෙදෙනාම උදෙන්ම අවදි උනා. ගෙදර වැඩ වලටත් උදව් උනා. උදේ කෑම උයන්න ආවා, දැන් දවල්ට උයනවා!! අම්මට නම් පුදුමයි.වෙනදා ගෙදර ආවහම වැඩක් කරවගන්න අමාරු කෙල්ල අද වැඩ ඉල්ලගෙන කරනවා.
“නිශා දුව හැමදාම එන්නකෝ එතකොට මෙයත් වැඩපළ කරයි”
“ඇයි අම්මා, මෙයා වෙනද කරන්නෙ නැද්ද?”
“මොන... උදේට අවදි කරවගන්නත් කෑගහන්න ඕන.”
ඔය විදියට කතාව යද්දි දිනිති වත්තට ගියා කරපිංච කඩන් එන්න.1
“අම්මෙ... මේ.... පොඩි දෙයක් තියනවා කියන්නත්.” නිශා මුට්ටිය දැම්මා.
“මොකක්ද දරුවෝ”
“මේ.... දිනිතිගේ පොඩි සම්බන්ධයක් තියනවා මේ.... එයා ඉස්කොලෙක සර් කෙනෙක්. හරි හොදකෙනෙක්”

“ආ.... එහෙම දෙයක් ද? ඉතින් ඉතින්...දෙමව්පියො කොහොමද?
“ආ එයාලත් ගුරුවරු. මෙහේ වගේමයි.”
“ගුරුවරු.... කොහේද ගෙවල්?”
“මාතරමයි.අම්මා මංගලා කියලා පහවසරට උගන්නලා තියන්නේ. තාත්තා ඕලෙවල් උගන්නපු සර් කෙනෙක් දිසානායක කියලා.....”

මේ විදියට නිශා විස්තරය දිගහරිමින් සිටියා. දේවිකාට නම් දැනුනේ සිය හිස් කබලේ සිට මොළ පතුලට විදුලි කොටනවා වගේ හැගීමක්. මේ සිදුවෙන්නට යන්නේ කුමක්ද? මේ කෙල්ල මේ මොනවද කරගන්න යන්නේ...මෙය නම් සිදු විය නොහැක.....!!!  

18 කොටස(12/05/2012)

නිශා පරිප්පු හොද්ද හැදිගාමින් විස්තරය දිගටම කියවමින් සි‍ටි.දේවිකාට නම් කැරකිල්ල හැදුනා වාගේය.ඇය කුස්සියේ උළුවස්ස අල්ලාගත්තාය.
“දරුවෝ මගේ හිස කකියනවා වගේ මම පොඩ්ඩක් කාමරයට යනවා.” දේවිකා අපහසුවෙන් එසේ කියා කුස්සියෙන් නික්මුනා.

“මොකද අම්මා!! දිනිති...! පොඩ්ඩකට මෙහාට එන්න...” නිශා දේවිකා වත්තම් කරගනිමින් කෑ ගැසුවා.
“ඇයි.... මො... මොකද අම්මාඋනේ!.... අනේ ඇයි!?!” නිශා ගේ හඩ අනුව පැමිණි දිනිති අනෙක් පසින් මව අල්ලා ගෙන කාමරයට රැගෙන යන අතර විමසුවා.
“නෑ... අමාරුවක් නෑ.... මේ ම...මට නිකන් කරකැවිල්ලක් වගේ ආවා ඒකයි. දැන් හරි... මට වතුර එකක් දෙන්න”මව ඇදේ දිගාවි පැවසුවා.
“කරකැවිල්ලක්! ඉතින් අම්මා ඇයි ඒ... අනේ අපි ඩොක්ට කෙනෙක් ලගට යමු?” දිනිති බිය රැදි හඩින් විමසුවා.

“ඕන නෑ දරුවෝ දැන් හරි... ඔය දෙන්න දැන් යන්න.. අර හොද්දත් ලිපේ නෙව.!”
“දින් ඉන්න.. මම ඒක බලන්නම්”
“නෑ නැ දෙන්නම යන්න මට දැන් අමාරුවක් නෑ”
“දින් එහෙනම් එන්න.. අම්මට ටිකක් ඔහොම ඉන්න අරිමු.” නිශා මිතුරියගේ අතින් අල්ලන් කුස්සිය දෙසට ගියා.

“මොකද උනේ නිශා” දිනිති විමසුවා.
“අනේ මන්දා කෙල්ලෙ, මම අවිශ්කගේ විස්තරේ කිය කිය හිටියේ. මුලින් සතුටින් හිටියා. අම්මා තාත්තා ගැන කිව්වාම තමා මුණ අප්සට් උනේ. මොකක් නමුත් ලොකු ප්‍රශ්නයක් වගේ”
“අනේ නිශා මට නම් දැන් හොදටම බයයි.”


ඇදේ හාන්සිවී සිටි දේවිකා නිශාගේ විස්තරය සිහි කරමින් සිය අතීතයට පිවිසියා.....
මේ කථාව පටන්ගනිද්දි මම ඔබට කව්වා නේ කතාව මැදදි මුල සම්බන්ධ වෙනවා කියලා.ඔන්න ඒක වෙන්නයි යන්නේ.ඒ වගේම අවිශ්කට අවාසනාව උරුම වූ හැටිත් ලගදිම දැනගන්න ලැබෙයි.
අපිත් දේවිකාගේ අතීත සිතුවම් පටයට පිවිසෙමු!

දේවිකා ත් වීරසුරිය ත් වගේම මංගලා ත් දිසානායකත් ඉගැන්නුවේ මාතර ප්‍රධාන පාසලක.මේ දෙගොල්ලොම හරිම එකතුයි. එකම වයසේ නිසාත් කසාද බැන්දෙත් එකම කාලෙක නිසාත් ඒ එකතුව හොදට පෑහුනා.අනික නැවතී සිටියෙත් එක ලග ගෙවල් දෙකක.

ඉතින් මේ තරුණ ජෝඩු දෙක නිවාඩු දිනවල සිය යතුරු පැදිවලින් එහේ මෙහේ ඇවිද්දා විනෝද වුනා.සන්තෝසෙන් හිටියා.හරිම සුන්දර මතකයක්. දේවිකාගේ නෙතට කදුලක් ඉනුවේ ඉබේටමයි.
ඔහොම කාලයක් ගතවුනා.මංගලා මවක් වන ලකුණු පහළවුනා. දිසානායකටත් පුදුම සතුටක්. ඒ ආරංචිය මුලින්ම කිව්වෙත් විරසුරියට.ඊට පසු දේවිකා මංගලාට සොයුරියක් උනා.ඇය මංගලාට රස රස දේ උයා පිහා දුන්නා. පුදුම වැඩේ කියන්නේ මංගලාගේ ගැබට මස අටක් වෙද්දි දේවිකාත් ගැබ්බර වුනා.1
දැන් ඉතින් දිසානායකට වගේම වීරසුරියටත් වගකීම් වැඩිවුනා.බලාපොරොත්තුත් වැඩි වුනා. දවසක් මේ දෙගොල්ලෝ සතුටු සාමිචියේ යෙදෙමින් සිටියා.

“මචං දිසා , උඹ හිතන්නේ මංගලා ‍උඹට කොළු පැටියෙක් දෙයි ද කෙලිපැටික්කියෙක් දෙයි ද?” වීරසූරිය විමසුවා.

“මම නම් හිතන්නේ කොල්ලෙක්... එහෙම නේද මංගලා?”
“ඒවා කියන්න බෑ. කවුරු උනාම මොකද?”
“ඒක හරි , උඹේ බලාපොරොත්තුව මෙකක් ද?” දිසානායක විමසුවා.
“මායි දේවිකායි නං බලං ඉන්නෙම කෙල්ලෙක් ගැන!”
“‍එසේම වේවා!!” දිසානායක එහෙම කියලා සිනාසුනා.

“ඒක නෙවි අපිට කෙල්ලෝ කොල්ලො ලැබුනොත් අපි උන්ව ලොකු උනාම බන්දලා දාමු.!” වීරසුරිය සිනා සෙමින් යොජනා කලා.

“විකාර තාම දරුවො ඉපදිලාත් නෑ බන්දන්න කතාව! දේවිකා සමච්චලයට වගේ කීවා
“නෑ ඒක නියම යෝජනාව. අපි අපි තරම් දන්න, විශ්වාසවන්ත අය වෙන කොහොම ‍හොයන්න ද?” දිසානායකත් යොජනාව අනුමත කරා.
“යමු දේවිකා යන්න. මෙයාලට පිස්සු අනේ!” මංගලා එසේ කියා අසුනින් නැගිට්ටා.
දේවිකා සිය සයනේ සිට සිහිකරන මේ අතිත කතාව තව ඉවර නැ ,ඇය සුලගට හසුවි කරකැවෙන නෙට් රවුම දෙස බලමින් අතීත චක්‍රයට නැවත පිවිසුනා...

කාලය ගතවුනා දසකඩ මාසයක් ගෙවිලා, මංගලා සුරතල් පුතෙක් බිහිකලා.රෝසපාට පුංචි කිරි කැටියෙක්. දේවිකාට දරුවා දැක්කහම ලෝබත් හිතුනා.හරි ලස්සන කොළුපැටියා.!!
ඒක මතක්වෙද්දි දේවිකාගෙ හිත නැවත කීරි ගැහුනා.

19 කොටස (17/06/2012)

මංගලාගේත් දිසානායකගේත් සිහිනය ඒවිදියට සැබෑ වුනා.ගෙදර කිරි සුවදින් පුරවමින් කිරි කැටියාගෙ හැඩුම් හඩින් මුලු නිවසම පිරි ගියා.දේවිකාත් නිතරම සිය කුස ද ඔසවාගෙන මංගලාගේ නිවසට ගියා, ඒ මංගලාට උදව් වෙන්න. දරුපැටියගේ  කේන්දරය සාදවාගෙන පැමිණි දිසානායක සිය මිතුරා ද සමග එක්වි ලස්සන නමකුත් තැබුවා. ඒ තමයි “අවිශ්ක දේශජ” කියන නම.
කේන්දරය අනුව නම් දරුවා ගේ ග්‍රහචාරය ඉතා ශුභයි. කිසිදු භයානක ලෙඩක් දුකක් නැතුව සාර්ථක ජීවිතයක් ගතකරන්න පුළුවන් කියලා තමයි තිබුනේ.

දවසක් දරුපැටියත් සමග මිතුරු කැල ආලින්දයේ කතා බහ කරමින් සිටියා...

“දැන් ඉතින් දිසා ගේ බලාපොරොත්තුව නම් හරි, අපේ එකත් හරි ගියොත් අපේ ඊලග බලාපොරොත්තුත් ඉටුකරගන්න පුළුවන් වෙයි. වීරසුරිය එසේ කී විට මේ කියන්නේ කුමක් ගැන දැයි කාටත්0 කල්පනා වුනා. දේවිකාගෙත් සිතේ අමුතු බලාපොරොත්තුවක් මුල් බැසගත්තා වගේ එදානම් දැනුනා.

දේවිකා නැවත වත්මනට පැමිණියා...ඇය මදුරු දැලත් වහලේ උළු කැට දෙසත් හිස් බැල්මෙන් බලා සිටියා.පුංචි මකුළුවෙක් බඩ බැදගත් බිත්තරයක් සමග කලබලයෙන් දගලන අයුරු ඈ දුටුවා.තවත් හොදින් ඒ දෙස බැලූ විට ඒ මකුළුවා අල්ලාගැනීමට කෘමියකු(මකුළු මරුවා-දිළිසෙන සුළු කෘමියෙක්) උත්සාහ කරන අයුරුත් දුටුවා. වටේ සිටි අනිත් කුඩාමකුළුවන් පරාළ අතර සැගවුනා.මකුළුවාට බිත්තරය අතහැරියා නම් බේරි පලා යා හැකි බව ඈට සිතුනා. ඒත් ඌ එසේ කලේ නෑ.... මංගලා, ඔව් මංගලාත් ඒ වගේ නේ ද.. ඔවුන් සිය දරුවාට සිදුවු අභාග්‍යයේ දි ඉන් ගොඩ ඒමට වෙර දරද්දි අපි මොකද කලේ.... අපි ඇත්තටම හරි ද...? අපි අපේ දරුවා ගැන හිතුවා...දේවිකාට වරින් වර සිහියට ආ එම පැනයට එදා සිට ඈ දුන් පිළිතුර එයයි. ඒත් දැන් මේ මොකද මේ වෙන්න යන්නේ...

“අම්මා එන්න කෑම කන්න... නැත්නං මං කාමරේට අරන් එන්නද?” දිනිති කෑම කාමරයේ සිට විමසුවා.
“එපා දරුවෝ මම පස්සේ තාත්තත් ආවහම කන්නං... ඔයාලා කන්න.” දේවිකා සිටි ඉරියව්වෙන්ම සිට කීවා.

“තාත්තා එනකොට හවස්වෙයි නේ?” දිනිති කාමරයේ දොර රෙද්ද මෑත්කර විමසුවා.
“නෑ අද දෙකට විතර එනවා කිව්වා, ඔයාලා කන්න.”

දිනිති නික්මුනු පසු දේවිකා නැවත අතීත සිතුවමට පිවිසියා.....
අවිශ්ක ඉපදී මාස කිපයකට පසු තමාත් ප්‍රථම දරු ප්‍රසූතියට රෝහලට ගිය අයුරු, දිනිති උපන් අවස්ථාව,නිවසට කැන්දන් ආපු අවස්ථාව,සියල්ලෝම වටවී තමාත් කිරිකැටියාත් සුවෙන් දැයි බැලීමට රොක්වු අයුරු සහ වීරසුරිය ගේ නිම්හිම් නැති සතුට පිරි මුහුණ.... මේ සියල්ල එක පෙළට මැවී පෙනුනා.
කාලය කාටත් හොරා සිය ගමන ගියා. අවිශ්කට වසරක් ගතවුනා. දිනිතිටත් මාස හයක් ගෙවිලා.දෙමිතුරු මිතුරියන් සිය දරුවන්ගේ සුරතල් බලමින් කාලය ගෙව්වා. මේ අතර දේශප්‍රේමි ජාතික ව්‍යාපාරයන් විසින් සහ ආණ්ඩුව විසින් ජනතාව තුල නොසන්සුන්තාව ඇතිකරමින් භිෂණය පතුරවා හැරියා.රට තුල අවුල් සහගත බව පැතිරගියා. ඉතින් මෙහෙම තියන අතරේ දිනක් කුඩා අවිශ්ක අසනීප වුනා.1
“දේවිකා අනේ පොඩ්ඩක් එන්න, දරුවට හොදටම උණ.” මංගලා භීතිය පිරි මුවින්යුතුව සිය නිවසට පැමින කතා කල අයුරු දේවිකාට චිත්‍රනය වුනා.

“ඇයි මොකද වුනේ? හෙම්බිරිසාව වගේ තියද? දිසා නැද්ද?”

“නෑ එයා අද ඉස්කෝලෙ පැත්තෙ යනවා කියලා ගියා, හුගදවසකින් ගියේ නෑ නේ..”
“ඉතින් අනේ යන්න එපා කියලා නේද තියන්නේ. ඇරත් දරුවා ලෙඩාවලා තියද්දි?”
“උදේ අසනීප ගතියක් තිබුනෙ නෑ. අනේ මන්දා... මට නම් බයයි දේවිකා.”
“යං බලන්න.. වීරෙත් ගියා කඩේ ලගට අදවත් ඇරල ද බලන්න.”4

ඉතින් දෙ‍දෙනා ම මංගලාගේ නිවසට ගියා.දේවිකා අවිශ්කගේ නළල මත අත තබා බැලුවා.
“ස්..ස්.. ගිණිමැලේට රත්වෙලා,අර බෙහෙත් පැණීය වත් දෙමු.”
“මම දුන්නා දැන්.”

“කෝ රෙදි කෑල්ලක් තෙමලා ගන්න. ඔය ෆෑන් එකත් දාන්න.”
දේවිකා සිය දරුවා අනිත් කාමරයේ තබා පැමිණ තෙමු රෙදිකඩින් අවිශ්කව තෙතමාත්තු කළා. දරුවා නොනවත්වා හඩමින් සිටියා.මංගලාට මෙය දරාගන්නටත් අපහසු වුනා.
                      මතු සබැදේ....
උපුටනය තහනම්.