ඔබ මට තරුවකි

Saturday, May 5, 2012

ඔබ මට තරුවකි 15 , 16



15 කොටස.(16/04/2012)

සෙනසුරාදා හවස තේ වෙලාව වෙද්දි දිනිති මිදුලේ කොණක තිබුනු සියඹලා ගස යට වු බංකුවට වෙලා ඈතින් පේන මහපාරේ ගමන් කරන වාහන දෙස බලා සිටියා.ඒත් හිතිනි ඈ සිටියේ අවිශ්ක ලග.

“දුව.. දිනිති. ආ මෙන්න තේ එක, මේ අළුවා කෑල්ලක් කාලම බොන්න.” අම්මාගේ හඩට පියවි ලොවට ආ ඇය අළුවා කෑල්ලක් අතට ගත්තා.මවත් ඇය අසල හිදගත්තා.

“දුවට ඔය වැඩකරන තැන දැන් වැඩ වැඩිනම් අපි මාරුවක් හදාගමු.තාත්තත් කිව්වා දූගෙන් අහන්න කියලා. අර ඇමතිතුමාගේ ලේකම් මහත්තයා තාත්තාගෙ ගජයාළුවානේ.

“න්.. නෑ නෑ අම්මේ එහෙමට වැඩ වැඩියක් නෑ.”
“එහෙනම් සතිඅන්තෙ ගෙදර එන්න පුළුවන්නේ. පහුගිය කාලේ පන්තියකට ගියා කීවා දැන් ඒක ඉවරත් වෙච්ච එකේ...”
“ඒක ඉවර තමා...ඒත් තාම ෆයිනල් ටෙස්ට් එක නෑ නේ.මම එහේ ඉදන් පාඩම් කරා.”
“ආ.. ඒක මිසක්!”

“ඒක නෙවි දුවේ මම මේ කාරනාවක් කියන්නත් එක්කයි ඉදගත්තේ”
“ඒමොකක්ද අම්මා?”
“පෙරේදා හක්මණ නැන්දා ආවා.”
“ඉතින්”
“ඒ ආවේ යෝජනාවක් අරගෙන”
“ඒ මොකක්ද අම්මා,සංවර්ධන යොජනාවක්ද?” එසේ කියා දිනිති අම්මාගේ උරහිසට හිස තබා හිනැහුනා.

“විහිළු නෙවි දරුවෝ. අර විකුම් අයියා ගැන.”
“විකුම් අයියට මක් වෙලාද?”

“මක්කවත් වෙලා නෙවි. ඒ දරුවා ඔයා ගැන හිතන් ඉන්නවලු.”

දිනිතිට දැන් තමා කාරනාවේ බරපතල කම තේරුනේ. ඇගේ උගුර වේලී ගියාක් මෙන් දැනුනා.මේ මොන හෙණගෙඩියක්ද පහත්වෙන්න යන්නේ..

“ඔයා මොකද ඒ ගැන හිතන්නේ.ඒ දරුවගෙනම් වරදක් නෑ.ගෙයක් දොරක් තියන.තමන්ගෙම කියලා ව්‍යාපරයක් කරන දරුවෙක් නේ.අනික හැඩරුව උනත් අඩුයැ.”
“අනේ අම්මා මම ඕවා ගැන හිතලාවත් නෑ. මට පාඩුවෙ ඉන්න දෙන්නකෝ.”

“ආ.. මෙන්න වැඩක්.අපි මේ කියන්නේ හෙට බදින් කියල නෙවි.පොඩ්ඩක් හිතලා බලලා අදහස කියන්න කියලා.අනික දැන් ඔයා පොඩි ළමයෙක් නෙවි. අර ඔයාගෙ වයසෙම, නයෝමි බැදලා දැන් දරුවෙකුත් ඉන්නවා.”

එසේ කී මව නැගිට නිවස තුලට ගියා. අම්මා ගියාට අනාගතයේ එන ලොකු ගැටලුවක් බංකුවමත තියලා ගියා කියලයි දිනිතිට සිතුනේ.

“අම්මලාගේ හිතට නම් විකුම් අල්ලලා‍ ගිහින් වගේ.අනේ මටනම් බැ එයා ගැන හිතන්න.අපරාදේ මේ සතියේ ගෙදර ආවේ... මේ ගැන අවිශ්කට කියන්නෙ කොහොමද? එයා කලබල වේවි.ඊට හොදයි අවිශ්ක ගැන ගෙදරට කියන එක.ඒත් අවිශ්කට කතාකරන්න බැරි බව දැනගත්තහම මොනවා වෙයි ද? හ්ම්... ඔන්න ඔහේ මේ දවස් දෙකේ මෙහෙම ඉදලා අනිද්දා මාතර ගිහින් අවිශ්කට මේක හෙමින්සීරුවේ කියන්න ඕන.පුළුවන් උනොත් නිශාට කියලවත් ගෙදරට මේ ගැන කියවන්න ඕන.” දිනිති එසේ කල්පනා කර හිස් තේ කෝප්පයද රැගෙන නිවස තුලට ගියා.

ඉරිදා රාත්‍රියේ අවිශ්ක සුපුරුදු ලෙස දිනිතිට SMS එකක් එව්වා.

“Oya heta enawa ne? heta api Nishatai Malithtaiath enna kiyamu. Hawasa brown’s Hill eke Hotel ekaka mama podi party ekaka organize kara.mamai malithui oyalawa stand eka lagadi pick karannam. Ethanata 5.30ta enna.”

“අවිශ්ක හොරාවගේ ඇනිවසරි එකට ලෑස්තිවෙලා නේ.මට වෙච්චදේ හෙට කියන්නත් මොකක්ද වගේ. හෙට ලන්ච් එකේ දි නිශා එක්ක ටවුන් ගිහින් කොල්ලට  ප්‍රසන්ට් එකක් ගන්න ඕන.”එසේ සිතූ දිනිති සිය ප්‍රතිචාරය දැක්වූවා.

“Hari mama nishatath kiyannam.hebei wediya ree wenna nam ba.”

“kohethma na… mama oyata prashnayakwena widiyata kisideyak karanne ne.”

“mama dannawa raththaran eka. Ehanam heta meetwemu.mata oyata kiyanna podi deyakuth thiyanawa. I LOVE U!! B.S!!”

“E mokakda?”

“Eka heta kiyannam. Dan oya nidaganna.sweet dreams!”

“KK… Sweet Dreams….. B.S!!!”


16 කොටස.(21/04/2012)

ඉතින් පසු දින දිනිතිත් නිශාත් බස් නැවතුම ලග බලා සිටියා.හරියටම පහ හමාර වෙද්දි අවිශ්කත් මලිතුත් මලිත්‍ලයි මෝටර් රියෙන් එතනට ආවා.අවිශ්ක ඉදිරි අසුනින් බැස පටුපස දොර හැර දිනිතිට එයට ගොඩවෙන්න ආරාධනා කළා  දිනිතිත් නිශාත් පිටුපස අසුනේ හිදගත්තා අවිශ්ක නැවත ඉදිරි අසුනට ගියා.
මලිත් නැවත වාහනය පදවන්න පටන්ගත්තා.

“කොහේද දැන් පාටිය තියන්නේ” නිශා විමසුවා.
“වැඩිදුරක් නෑ. යං කෝ.. අවිශ්ක සන් කලා.

අවිශ්ක නිකමට වගේ මලිත් දිහා බැලුවා,මලිත් ඉදිරිය දෙස බලා රථය ධාවනය කලත් වරින් වර පටුපස බලන කණ්නාඩියෙන්  නිශා දෙස බලන බව දුටුවේ එවිටයි.

“හ්ම්... මිනිහත් මොකකට හරි අර අදින බව නම් පේනවා... පහුගිය කාලේ සැරින් සැරේ නිශා ගැන ඇහුවත් එක්ක.” අවිශ්ක සිතුවා.ඒ සමග ඔහුගේ මුවට මද සිනාවක් ආවා.

“ඇයි තනියම හිනාවෙන්නේ ... අපිටත් කියන්නකෝ” ඒ අතරේ පසුපස සිට අවිශ්ක දෙස බලාසිටි අපේ හොරපූසි, දිනිති අවිශ්කගෙන් ඇහුවා.

“නෑ නිකන්... හරි ... ඔන්න තැනට ආවා.” අවිශ්ක කිව්වා.

සිව්දෙනා රියෙන් බැස රෙස්ටුරට් එකට පිවිසුනා. අවිශ්කත් දිනිතිත් එක්පසෙකත්, නිශාත් මලිතුත් එක් පසෙකත් මේසය දෙපස ඉදගත්තා. කලින් දන්වා තිබුනිසා එම මේසය ලස්සනට සරසා තිබුනා.එපමණක් නොව එය අවටත් සරසා තිබුනා. අන් පිරිසගෙන් වෙන්වු හුදකලා මේසයක්.

“හරි ලස්සනයි.ඔයා ගොඩක් මහන්සිවෙලා.. අවිශ්ක.”දිනිති සිය සතුට පළකලා.

“මම නෙවි හොටෙල් එකේ අය සරසලා තියන්නේ” අවිශ්ක සිනාසී පැවසුවා.

“ඔය.. ඉතින් විහිළුනෙවි..”

“මේ ඔය දෙන්නා ටිකක් කථාකරකර ඉන්න මම පොඩ්ඩක්  පහළට ගිහින් එන්නම්... නිශාත් කැමතිනම් එන්න.” මලිත් පැවසුවා.

“හා.. යමු.. මේ දෙන්නාට කතාකරන්න තියන දේවල් අමතකවෙයි අපි හිටියොත්.” නිශාත් නැගිටින ගමන්ම කිව්වා.

මිතුරන් ගියපසු අපේ පෙම් යුවල මන්දාලෝකයේ කතාබහ ඇරඹුවා. ඒත් නිහඩව.

“ඔයාට මොකක්ද අර කියන්න තියනවා කිව්වේ.” අවිශ්ක විමසුවා.
“නෑ පොඩි දෙයක්, මම පස්සේ කියන්නම්.”

“ඇයි ඒ... දැන් කියන්න.”
“මේ... මම ඔයාට පොඩි තෑග්ගක් ගත්තා. ඉන්න මම ඒක දෙනකල්.” දිනිති එසේ කියා සිය බෑගය විවර කර කුඩා පාර්සලයක් ගත්තා.

“පිස්සු කෙල්ල. මට මොනවටද මේවා..”
“ඇයි අනේ.. ඔයා මෙච්චර දේවල් ඇනිවසරි එකට කරලා, මම මේ පොඩි දෙයක්නේ කළේ.”
“හරි හරි.... ඉතින් අර කාරනේ මොකක්ද?”

“ඔයා ඕක බලන්නෙ නැද්ද?”
“හ්ම්.... කෝ බලමුකෝ මොනාද මේ පිස්සු කෙල්ල අරන් තියන්නේ කියලා.”
පාර්සලය විවිර කලා... වටිනා අත්‍‍‍ ඔරලෝසුවක්... රන්වන් පාටයි.

“ෂා! ලස්සනයි. මගේ කෙල්ලට හොද චොයිස් එකක් තියනවා එහෙනං”

“ඒකනේ මම ඔයාව තෝරගත්තේ”

ටිකකින් මිතුරන් යලි පැමිණියා.

“අපිටනම් බඩත්ගිණියි. දැන් හතත් පහුවෙලා.”

“හානේ ඇත්තමයි” දිනිති වෙලාව බලනගමන් කිව්වා.

“වෙලාව යනවා දැනුනේ නෑ වගේ දෙන්නට” නිශා පොඩි විහිළුවක් කළා.

අවිශ්කගේ දැනුම් දීම පරිධි රසවත් ආහාරවලින් මේසය පිරිගියා.පිරිස විහිළුතහළු කරමින් ආහාර ගත්තා.
“මේ දෙන්නා මොනවා කථා කළාද දන්නේ නෑ නේ.” අවිශ්ක මලිත් දෙස බලමින් ඇසුවා.

දෙදෙනාගේ මුහුණු රතුවුනා ද, විදුලි එළිවලට එහෙම පෙනුනාද? හරියටම දන්නේ ඒ දෙන්නා තමයි.

නිශාත් මලිතුත් රහසින් දෙදෙනාට ආදරය කර තිබුනා.ඔවුන් අද සැබවින්ම ඒබව පවසා ගත්තා.සැබවින්ම අද ආදරවන්තයන් සිය හැගුම් පුබුදු කළ දිනයක් වුනා.නිශා මුහුද දෙස බලා සිටිනවිට ඒ අසලට පැමිනි මලිත් සිය අදහස පැවසුවා.තමා නිශාට සිතින් පෙම් කරනබව අවිශ්කටවත් නොකීවේ ඒ පිළිබද නිශාගේ කැමැත්ත දැන ගැනීම අවශ්‍ය නිසා බවත් කිව්වා.නිශා එකවර කිසිත් කීවේ නෑ. ඒත් මලිත් දෙස ආදරණීයව බැලුවා. ඔහු කෙතරම් කඩවසම් ද? තමා ඔහු දුටු දා සිට රහසින් සිත් බැදුනා නොවේද? අද එය ඔහු විමසා සිටී... නිශා එසේ සිතා මලිත්ට කැමැත්ත හගවන සිනාවක් පෑවා. ඔවුන් දෑත් බැද වෙරළේ ඔබ මොබ ඇවිද්දා... තවත් දේ කතා කලා.