ඔබ මට තරුවකි

Tuesday, November 27, 2012

ඔබ මට තරුවකි 27,28

27 කොටස (22/09/2012)

සිදුවි ඇති සියල්ල කෙටි පණිවිඩ මගින් අවිශ්කට දැන්වූ දිනිති නිවාඩු ලබාගෙන කාර්යාලයෙන් ඉවතට ආවා. නිශා පසුපසින් පැමිණ,

“මාත් එන්නම් දිනිති මම නිවාඩු දාලා එනකල් ඉන්න”

“ඕන නෑ නිශා අම්මට එච්චර අමාරුවක් නෑ මං හිතන්නේ. මම ගිහින් ඔයාට කෝල් කරන්නම්. අනික ඔයාට තව නිවාඩුත් කීපයයි නෙ තියන්නේ.”

“හෙටත් නිවාඩු දාපු එකේ ඔන්න ඔහේ යමං බං, මමත් එනවා.”

“අනේ.. නිශා හෙට වැඩේ නොකෙරෙන නිසා නිවාඩුව කැන්සල් කරන්න.ආයේ දවසක ඒ නිවාඩුව ගන්න තියාගන්න”

“හ්ම්... හරි එයෙනම් ඔයා ගිය ගමන් මට කෝල් කරන්න ඕනා.හරි ද?”
“හරි හරි”
මේ අතර දිනිතිට කෙටි පණිවිඩයක් ලැබුනා.

“Oya Vikum enakal inna epa. Purudu widiyata bus eke yanna. Nathnam mama bike eka aran ennada?”

දිනිති එසැනින් පිලිතුරු යැව්වා.

“Kohomath mama eyath ekka yanne na raththaran. Oya kalabala wenna epa. Mama bus eke yannam.BS!”

“parissamin yanna, giyapu gaman mata msg karanna.BS!!

 දිනිති විකුම් පැමිණිමට පෙර බස් නැවතුමට දිවගියා.බසයට ගොඩවු ඈ සුසුමක් පිටකර මේ සිදුවන්නේ කුමක් දැයි කල්පනා කරන්නට වුනා.බසය සෙමින් සෙමින් සිය ගමන ඇරඹුවා.

මේ අතර විකුම් දිනිති සොයා ඇගේ කාර්යාලයට පැමිණියා.

“දිනිති මිස් මේ දැන් ගියා නේ” දිනිති ගැන විමසූ විකුම්ට අජිත්(කා.කා.ස) පවසා සිටියා.

“ෂිහ්! අපරාදේ. දේවිකා ආන්ටිලා දිනිතිට මම එනබව කියලා නැතුවවත් ද?” 

විකුම් කාර්යාල දොරටුව අසල සිටම කල්පනා කරන්න වුනා. ඉන්පසු කාර්යාලයෙන් පිටවී වීරසූරියට ඇමතුමක්ගත් ඔහු දිනිති බසයෙන් පිටත්වී ඇති බව දන්වා තමා පැමිණෙන බව නොදැන්වූයේ මන්දැයි විමසුවා.

“අපි කිව්වනේ... මේ ළමයට මක්වෙලාද මන්දා.සමහර විට කලබල වැඩිකමට එන්න ඇති.” වීරසූරිය පැවසුවේ රිදී ඇති මලිත්ගේ සිතට සහනයක් ගෙනදීමටත් එක්කයි.

මෝටර් රථයට ගොඩවූ විකුම් හම්බන්තොට දෙසට එය ධාවනය කළා.

***************************************************** 

මංගලා දුරකථනයද අතැතිව දිසානායක සිටි ආලින්දයට පැමිනියා.

 “අද පුතා එනකොට පරක්කුවෙනවා කියලා එවලා තියන්නේ.අනේ මන්දා මේ දරුවා මොනවා කරන්න හදනවද කියලා.දැන් කිසිදෙයක් හරියට කියන්නෙ නෑ නේ.”

“ඒපාර මොකද වෙලා තියන්නේ” පාර දෙස බලාගෙනම දිසානායක විමසුවා.

“මම දන්නේ නෑ අනේ... පහුගිය දවස්ටිකේම මලිත් පුතාත් එක්ක එහේ මෙහේ ගියා. මට පේන්නේ මොකක්හරි දේකට අර අදිනවා කියලා.”‍ මංගලා වේදනාබර ස්වරයෙන් කීවා.1
“මට නම් දැන් මලිත් එක්කත් තරහයි. එයැයි තමයි අපේ එකාට උල්පන්දම් දෙන්නේ” දිසානායක පැවසුවේ තරමක් තරහආ ස්වභාවයෙන් යුතුවයි.

“ඒ දරුවට දොස් කියලා වැඩක් නෑ.. ආපේ එක්කෙනාගේ උවමනා වලට ඒ දරුවා කවදත් උදව් කරා.ඒ දරුවා අපේ දරුවගේ පස්සෙන් ඉන්න එක මට නම් මහ හයියක්”

මංගලාගේ එම කියමනේ යම් සත්‍යතාවක් ඇති බව දිසානායකටත් වැටහුනු නිසා ඔහු නිහඩව සිටිමින් එය අනුමත කළ බව හැගවූවා.

****************************************************

දිනිති බසයෙන් බැස ඉක්මන් ගමනින් සිය මව රදවාසිටි රෝහලට ගියා.දිනිති මවගේ කාමරයට පිවිසෙනවිට විකුම් ද එහි සිටියා.එය ඈ බලාපොරොත්තුව සිටි දෙයක් නම් නෙවෙයි.

“අම්මා මොකද වුනේ!”

 දිනිති ඉක්මනින් මව වෙත ගොස් ඇයගේ කම්මුල සිපගනිමින් ඇසුවා.දිනිතිගේ නෙතින් සුපුරුදු ලෙස කදුළු උතුරා ගියා.කුඩා කළ දී ද මව හෝ පියා අසනීප වීම ඇයට දරාගතහැකි දෙයක්වූයේ නෑ.එකල උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදුනද දිනිති නොකා නොබී රෝගියා පසුපසම වැටි සිටීමට පුරුදුව සිටියා.

“හරි හරි දරුවෝ... දැන් මට හොදයි.මේ තාත්තා නිකං බය වෙලා නේ!‍”

දිනිති හිස ඔසවා සිය පියා දෙස බැළුවා.එවිට ඔහු අසල නොසංසුං මුහුණින් යුතුව සිටි විකුම් ද දුටුවා.
“ආ.. වි.. විකුම් අයියා... ගොඩක්වෙළාද ඇවිල්ලා.” මදවේලාවකින් දිනිති විමසුවා.

“ඒ දරුවත් දැන් ආවා විතරයි... ඔයා මොකද බස් එකේ ආවේ. බලන්න, මේ ළමයා නිරපාරාදේ රස්තියාදු වුනානේ ඔයා නිසා.”දේවිකා නොරිස්සුම් ස්වරයෙන් කීවා.

“දුව ඔ‍යා කළේ අන්තිම නරක වැඩක්.”වීරසූරිය කුඩා දරුවකුට තරවටු කරන්නාක්මෙන් කිව්වා.

“හරි හරි අන්කල් දැන් ඒවා ඉවරයි.. දිනිතිට මොකුත් කියන්න එපා.මාත් ටිකක් ලේට්වුනා නේ.”විකුම් දිනිති දෙස බලනගමන් කිව්වා.1

“බලන්න මේ දරුවා කොච්චර ඔයා ගැන හිතනවද? වැරැද්ද කලේ ඔයා වෙලත් එයා ඒක බාරගන්න හදනවා.” දේවිකා දිනිති දෙස බලා කීවා.

“ඒකත් මෙයාගේ කපටිකමක් කියලා අම්මලාට තේරෙන්නේ නැති හැටි.”දිනිති සිතුවා.

***************************************************

අවිශ්ක මලිත් හමුවීමට පැමිණියේ හෙට දිනයේ යොදාගත් සිය විවාහ ලියාපදිංචිය සිදුනොකෙරෙන බව දැන්වීමට විවාහ ‍රෙජිස්ට්‍රාර්තුමා හමුවීමට යාම සදහායි. ඒ වන විටත් මලිත් මේ සියල්ල නිශාගේ මාර්ගයෙන් දැනගෙන තිබුනා.ඔහු ඒ පිළිබද අවිශ්කගෙන් එවෙලේම ඇසිමට සිතුවත් අවිශ්කගේ රිදුනු සිත කෙටිපණිවිඩ ඔස්සේ වෙද්දල් කිරීමට අකමැති වුනා.දෙදෙනාම ගොස් විවාහ ‍රෙජිස්ට්‍රාර්තුමා හමුවී ඇතිවු හදිසිතත්වය පහදා දී ඉදිරි දිනක කටයුත්ත සූදානම් කරණබව දැන්වූවා. අනතුරුව මාතර පරවි දූපතේ පිහිටි පන්සලට ගියේ සිත යම්තරමකින් හෝ සුවපත් කරගැනීමටයි.

“අවිශ්ක, මචං කලබල වෙන්න එපා... අප්සට් වෙන්නත් එපා. අපි වෙන දවසක මේ කටයුත්ත කරමු බං” මලිත් කීවේ අවිශ්ක දෙස මිතුරෙකු ලෙසට වඩා සොහොයුරෙකු ලෙස සිතමිනුයි.

“කොහෙම කරන්නද බං තව සතියකින් එයාව විකුම්ට බන්දලා දේවි.”

“හරි බං තව සතියක් තියනවානේ.. දැන් ඔක්කොම සූදානම්නේ. දිනිති ආපහු ආපුගමන් අපි මේක කරමු.”

“එයාලයි අම්මගේ තත්වේ කොහොමද දන්නෙ නෑ නෙ බං.ඉතින් එයා ඉක්මනින් ඒවි කියලා හිතන්නේ කොහොමද?”

“එහෙම ප්‍රශ්නයක් නම් විකුමගේ වැඩේ කෙරෙන්නෙත් නෑ නේ... සුබවාදීවෙයන්... හරි හරි දැන් යමන් යන්න.අපේ ගෙදර ගිහින් කාලම යමන්... නැත්නං උඹ අද කන්නෙත් නෑ.”

තම මිතුරාගේ ස්වභාවය හොදින් දන්නා මලිත් අවිශ්කගේ කරට අත දාගන්න ගමන් පැවසුවා.



28 කොටස(17/11/2012)


දෙදිනක් රෝහලේ නැවති ප්‍රතිකාර ලැබූ දේවිකා නිවසට පැමිණියා.එදින විකුම්ගේ මව ද දිනිතිගේ සහායට පැමිණියා.ඇය දිනිති සමග එක්වී දිවා ආහාරය සැකසීමට සූදානම් වූවා.


“අම්මට ගුණ නිසා මම එන ගමන් පොඩි මාළු අරන් ආවා, පරිප්පු උයලා වැල්දොඩම් කොළ මැල්ලුමක් හදලා ගමු. මම පළා කොළ ගන්න හෙව්වා තිබුනු ඒවා හරි නෑ.බේත් ගහපුවා වගේ.” ඇය දිනිතිට කිව්වේ තමා ඇද සිටි ඇදුම උඩින් චීත්තයක් ඔතාගන්නා ගමන්.1


“හා නැන්දේ එ‍හෙම කරමු,අම්මා කොහොමත් පැෂන් කොළ මැල්ළුමට ආසයි.”

දෙදෙනා එක්වී ආහාර පිසිමින් ඉන්නා තැනට විකුම් පැමිණියා.


“අම්මා මොනවද තව අඩුපාඩු.මාමාටත් හොයන්න බලන්න වෙලාවක් නැති නිසා කියන්න මම ගේන්නම්”


“දුව,මොනවද කුස්සියේ අඩුපාඩු... ‍හොයලා බලලා දෙන්නත් එක්ක ගිහින් ගේන්න.ඔයාලා බඩු ගන්න කඩවල් විකුම් පුතා දන්නෙ නෑ නේ.මම මේ ටික උයලා පිහලා තියන්නම්.”


“න්.. නෑ නැන්දේ එහෙම මොකුත් අඩුපාඩු නෑ....සේරම ජාති තියනවා.”එනපොට හොද නැති බව තේරුණු දිනිති කිව්වා.


“දිනිති... දුව... පොඩ්ඩක් මෙහාට එනවද?” දේවිකා තමාට කථාකරනු ඇසුනු දිනිති මිටින් හල කිරිල්ලියක ලෙසින් කුස්සියෙන් නික්මුනා.


 *************************************************************


දිනිතිගෙන් ලද පණිවිඩ ඔස්සේ ඇගේ මව සුවවු බව දැනගත් අවිශ්කට මහත් සහනයක් දැනුනා.ඒත් ඒ සහනය තුලම යම් අසහනයක ඉදිකටු තුඩු තිබෙන බවකුත් ඔහුට දැනුනා.මේ පිලිබද කල්පනාවේ නිමග්නව සිටි මොහොතක දිනිතිගෙන් පණිවිඩයක් ලැබුනා.


එහි සටහන්ව තිබුනේ තම දෙමාපියන්ගේ බලවත් කැමැත්ත මත කලින් සැලසුම් කල පරිදි ඇගේත් විකුම්ගේත් විවාහය ලියාපදිංචි කිරිමට සූදානම් වන බවත්.කුමක්හො කරන ලෙසත්ය.


අවිශ්කගේ හදවත ඉරිතලා ගියාක්මෙන් දැනුනා.මේ කියන විදියට ලබන සිකුරාදා ඒ වැඩේ සිද්දවෙනවා.දිනිතිට ඒ සතියෙම නිවාඩු දාලා ඉන්නත් කියලා.අම්මගෙ අසනීපෙ නිසා දිනිතිට එයාලට විරුද්ධවෙලා එන්න විදියකුත් නෑ මම දැන් මොකද කරන්නේ. අවිශ්ක සිය හිසකෙස් අතරින් අත යවමින් කල්පනා කලා. අවිශ්ක සිය දුරකථනය ගෙන පණිවිඩයක් සටහන් කලා.1


“Oya mokada kiyanne. Mama oyawa aran yanna ennada?api ara balapu gedarata yamu.kawuruwath danne na ne.eta passe marry karamu.”


මොහොතින් ප්‍රතිචාරය ආවා.


“ane raththaran mama kemathiy.eth ammata meka daraganna beriwunoth mokada wenne.Dr kiwwa wediya prashna hithataganna epa kiyala.eka me ledeta honda na lu.mata therenne na monawa karannada kiyala.”


අවිශ්ක මෙවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙනුයි හිටියෙ.මොකද ඔහු දන්නවා දිනිතිගේත් අම්මාගේත් අතර බැදිම කොපමණද කියලා.ඔහු තීරණයක් ගත්තා.ඔහු දිනිති වෙනුවෙන් තවත් පිරමියෙකු ලග යාදින්නකු වන්නට සිතාගත්තා,ඔහු විකුම් හමුවී අවසන් වරටත් ආයාචනා කරන්න සිතුවා. 


මලිත්ව ද අකමැත්තෙන්ම හවුල්කරගත් අවිශ්ක විකුම් හමුවීමට පසු දිනම ගියා.මලිත් පරිවර්තක වුනා.මේ ඔවුන්ගේ දෙබසයි:


අවිශ්ක:විකුම් මම මේ උඹෙන් දෙයක් ඉල්ලන්න ආවේ,උඹ දන්නවා නේ ඒ මොකක්ද කියලා?දිනිති මචං උඹට අකමැතියි කියලා කියද්දි ලං කරගන්න හදන්නේ, ඇත්තට උඹ ආදරේ නම් එයා කැමති දේ වෙන්න දිපන්.


විකුම්: මචං අවිශ්කයා උඹට මම එක දවසකුත් කිව්වානේ.වෙන්න ඕනදේ මොකක්ද කියලා.ඒකේ වෙනසක් නෑ ඒක ලබන සිකුරාදා 10.21ට චිරාගත සප්‍රදායට සිද්දවෙයි.


අවිශ්ක: උඹ ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නවද? ඕක බලහත්කාරකමක් මිසක් ආදරේ නෙවෙයි.මතක තියාගනින් දිනිති කවදාවත් උඹට ආදරේ කරන්නෙ නෑ.


විකුම්: අනේ අනේ මේ... ඒක මම බලාගන්නම් උඹ මේ උණහපුළුවත් අරං පලයං!(මලිත් දෙස බලයි)


මලිත්:කවුද යකෝ උණහපුළුවා?


මලිත් එවර විකුම්ගේ කමිස කොලරයෙන් අලාගෙන බඩට එකක් අනිමින්ම ඇසුවා.මේ අනපේක්ෂිත පහරින් අන්දමන්ද වු විකුම් ද මලිත්ගේ ගෙලින් අල්ලාගත්තා. අවිශ්ක ද පිටුපසට පැන විකුම්‍ගේ ගෙලවටා අත දමා පටුපසට අදිමින් සිය දණිස්ස නවා විකුම්ගේ කොන්දට පහරක් ගැසුවා.


මේ සිදුවීම දුටු විකුම්ගේ වෙළදසැලේ සේවකයින් වහා පැමින සිය ස්වාමියා බේරාගැනීමට අවිශ්කටත් මලිත්ටත් පහර දුන්නා.මලිත්ගේ කටින් ලේ ගලමින් තිබුනා.අවිශ්කගේ නාසය ද එක් ඇසක් ද තුවල වි ලේ ගලමින් තිබුනා. විකුමිගේ ගෙල ද මුහුණ ද තුව‍ල වි තිබුනා.


තමන් පැමිණි යතුරු පැදියට අපහසුවෙන් ගොඩවු මලිත් අවිශ්ක ද නංවාගෙන මාතර දෙසට ධාවනය කලා.
(හිමිකම් කර්තෘ සතුය)