ඔබ මට තරුවකි

Saturday, March 1, 2014

ඔබ මට තරුවකි 39

39 කොටස


තත්පර,මිනිත්තු,පැය,දින,සති,මාස ගෙවෙමින් කාලය වසරකට ආසන්න කාලයක් ගතවුනා... විකුම් සිය උත්සාහය තුලින්ම තම අරමුණ කරා අන් සියළුපිරිස් යොමුකලා.දිනිතිගේ මාපියන් ද දිනිති විකුම් ගෙන් ඈත් වීම සිත යටින් ප්‍රියකලා විය යුතුයි.එහෙත් විකුම්ට සිය මවගේ සිත වෙනස්කිරීමට නොසෑහෙන වෙහෙසක් ගන්න වුනා...



අවිශ්කගේ මාපියන් මේ කතාවට සම්බන්ධවුනේ කලින්ටත් වඩා විරෝධය පලකරමිනුයි.

“අපේ බූරුවට පිස්සුද? කසාද බැදපු එකියක්ව කැන්දන් එන්න...” අවිශ්කගේ පියාගේ දැඩි විරෝධය එසේ මතුවෙද්දී “අනික මහ අවාසනාවන්ත කෙල්ලක්” යනුවෙන් අවි අමෝරාගන්නට මව සූදානම් වුනා.

ඒත්... අවිශ්ක නොකා නොබී කල දැඩි උත්සාහයේ අග්‍රඵලය ලෙස ඒ දෙපල ගේ කැමැත්ත ද නොකැමැත්තෙන්ම ලබාගත්තා.1

වීරසූරිය පවුලේ පිරිස සහ දිසානායක පවුලේ පිරිස නැවත එකිනෙකා මුන ගැසුනා... මුලින් නුහුරුගතියක් වැනි හැගීමක් දෙපැත්තටම දැනුනත් කාලයත් සමග ඒ තත්වය මගහැරුනා.

දැන් දේවිකාත් මංගලාත් දුරකථනයෙන් කතා නොකරන දිනයක් නෑ... පුංචියට නමුත් මගුලක් ගන්න එපායැ!
මංගල දිනයට දින දෙකකට පෙර දිනිතිත් අවිශ්කත් සිය සුපුරුදු තැනදී මුණගැසුනා.ඔවුන් බංකුවට වී ඈත ක්ෂිතිජය දෙස බලාසිටියා.

“අනිද්දා ඉදන් අපි දෙන්නා එක්කෙනෙක් වෙනවා නේ” අවිශ්ක විමසුවා.

“ඇයි දැන් එහෙම නෙවිද?”දිනිති පෙරළා විමසුවා.

අවිශ්ක විමතියෙන් මෙන් ඈ දෙස බලා ඇය තවත් තම තුරුලට ගත්තා.

“අනේ... සෑහෙන කාලෙකට පස්සෙ!”  සිරිල්(කඩල වෙළෙන්දා) ඔවුන් ලගට ඇවිත් පැවසුවා.

“ආහ්.... අපි කීප දවසක්ම ආව ඔයා හිටියෙනෑ නේ” දිනිති නෝක්කාඩු ස්වරයෙන් කීවා.

“දැන් මම බීච් එකට එන්නෙ සිකුරාද සෙනසුරාදා,ඉරිදා විතරයි.අනිත් දවස්වලට වැඩක් නෑ.. බිස්නස් නෑ”
“ඒකනේ..” දිනිති ප්‍රතිචාර දැක්වූවා.0

“ආ මෙන්න මිස්” සිරිල් කඩල ගොටුවක් දිනිති අත තැබුවා. අවිශ්ක මුදල් දුන්නත් ඔහු එය ගන්න අදිමදි කලා.

“සිරිල් ගන්න සල්ලි නැත්නං අපි ඔයත් එක්ක කතාකරන්නෙවත් නෑ...” දිනිති අවවාදාත්මකව පැවසුවා.

සිරිල් නික්මගිය පසු අපේ සොදුරු ආදරවන්තයන් දෙපල නැවතත් දෙනෝදාහක් මැද තනිවුනා.ඒ ඔවුන්ගේම ලෝකයේ.

“මට නං තාම මේ වෙච්චදේවල් හීනයක් වගේ අවිශ්ක”

“හීනෙකින්වත් ආයේ එහෙම වෙන්නෙ නෑ... දැන් අපි වෙන් කරන්න කාටවත් බෑ.”

අවිශ්ක එසේ කියමින් කඩල කටක් දිනිතිට කැව්වා. මද වේලාවකින් දිනිති හෑස් සූස් ගාමින් අසුනින් නැගිට්ටා. “ඇයි?” අවිශ්ක විමතිය පල කලා.0

“හොරා... ඔයා මට මිරිස් කෑල්ලක් කැව්වා නේ ද .... ස්..ස් ?”

“ආ මේක කන්න..” අවිශ්ක පොල් කැබැල්ලක් දිනිතිගේ කටට දැම්මා.”

දිනිතිටත් අවිශ්කටත් නැවත අතීතය සිහි වුනා... එදා දිනිති අවිශ්කට මිරිස් කෑල්ලක් කවපු දවස...

දෙදෙනාටම සිනා ආවා... ඔවුන් නෙත් තෙත් වෙනතුරු සිනාවුනා...


(උපුටනය තහනම්)

Saturday, February 22, 2014

ඔබ මට තරුවකි 38

38 කොටස


“දිනිති මම පොඩි දෙයක් අහන්න හිත නරක් කරගන්නේ නෑ කියන්න.” විකුම් දිනිති දෙස හැරී විමසුවා
.

“මොකක් ද.. ඕන දෙයක් අහන්න”


“මේ..... ඔයාට අවිශ්කව එහෙම මතක්වෙන්නෙ නැද්ද?”


විකුම් ගේ එම පැනය දිනිතිට නොසිතුවිරූ ප්‍රහාරයක් වගේ වුනා. ඇය ඉබේටම නැගිට්ටවුනා.ඇය විකුම්ට පිටුපා ‍ඉස්තෝප්පු කනුවකට බර දුන්නා.


“ඇයි ‍ඔයා කතා නැත්තේ?” තමාගේ පැනය මෙවන් මොහොතක ඇසීම කෙතරම් නුසුදුසු ද? ඇගේ සිත කෙතරම් රිදෙන්නට ඇති ද? වැනි ප්‍රශ්න විකුම් ගේ සිත පුරා නැගෙද්දී ඔහු විමසා සිටියා.


“දැන් කුමක් කළ යුතු ද, ඇත්තටම තමාට අවිශ්ක සිහිපත් නොවන්නේ ද... නැත යනුවෙන් පැවසීම කෙතරම් මුසාවක් ද? අද දිනද බසයේ එද්දී පාරේ ගිය යතුරුපැදිකරු තමා දුටුවේ අවිශ්ක ලෙසින් නොවේද?”


“ඇයි ඔයා දැන් එහෙම දෙයක් ඇහුවේ?” දිනිති යන්තමින් ප්‍රතිපැනයක් නගා ගැලවෙන්නට උත්සාහ කලා.


“දැන් මොකද කරන්නේ... ආයෙත් දවසක මේ ගැන කතාකරලා දිනිතිගේ හිත රිද්දලා මාත් නිකං විදවනවට වඩා පටන්ගත්තු එකේ අදම මේ කතාව කියලා දාන්න ඕන.”


“නැ... මේ මං... නිකමට වගේ ඇහුවේ...”


ඒත් කියන්න ඕන දේ  කියාගන්න බෑ නේ...


“එහෙනම් ඔය දේවල් ආයේ 0කතාකරන්න ඕන නෑ විකුම් අයියේ”


“දිනිති... එහෙම නෙවි... මම කියන්නේ .... මේ ... අවිශ්ක ඔයාගැන තාම හිතනවා කියලා මට තේරෙනවා ඒකයි...” විකුම් අපහසුවෙන් වචන ගැලපුවා.


“එයා හිතුවත් ඔයා හිතුවත් මම හිතුවත් දැන් ඒවා සිතුවිලි විතරයි. අපි දෙන්න දැන් කසාද බැදලා ඉවරයි.. ඔයාට මක් වෙලාද මේ?” දිනිති තරහින් යුතුව පැවසුවා.


“ඉතින් ඔයාට තරහ යන්න තරං දෙයක් මම කිව්ව ද? පොඩ්ඩක් සන්සුංවෙලා මම කියන දේ අහගන්නකෝ.."


“මොනවා අහන්න ද.... ඔයා මොනවද දැං මේ කියන්න හදන්නේ” දිනිති දෑත් ද එක්කර බැදගෙන් විකුම් දෙස හැරුනා.


“ඉදගන්න මං ලගින්”


එවර දිනිති දැරියක සේ විකුම් ලගින් හිදගත්තා.


“දිනිති... මම ආදරය කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුං ගත්තේ ලෙඩ ඇදට වැටුනායිං පස්සෙයි. මට තේරුනා ඔයාලා දෙන්න කොච්චර නං ආදරෙන් හිටියද කියලා.ඔයා අවිශ්කගේ තියන අඩුපාඩුව තඹේකට ගනං නොගෙන කරපු ආදර පරත්‍යාගය මට දැනුනේ ඒ වගේම පරිත්‍යාගයක් ඔයා මං වෙනුවෙන් කරනකොට තමයි. මට මං ගැනම දැං තියන්නේ පුදුම තරහක්.... මම ඇත්තටම ඔයාට ගැලපෙන්නෑ දිනිති.. ගැලපෙන්නෑ... මම ඒක අවිශ්කටත් කිවුවා. අපි දෙන්නා නීතියෙන් විවාහ වුනා විතරයිනේ.... ඒ නීතියම අපිට වෙන්වෙන්නත් ඉඩ ඉතුරු කරලා තියනවා.”0 විකුම් දිනිතිගේ හිස පිරිමදිමින් මෙසේ කියන අතර දිනිතිගේ නෙත් කදුළු වාන් දමමින් තිබුනා.


ඇය නෙත් පිස දමමින් නැගී සිටියා..


“විකුම් අයියා... ආදරේ කියනදේ ඔයා තාම තේරුං අරන් නෑ.... මම හිතන්නෑ මම තේරුම් අරන් ඉන්නෙ කියලා... ඒත් මම තේරුම් අරන් තියන විදියට නං ඒක එහාට මෙහාට වීසි කරන, ගල්ගෙඩියක් වගේ දෙයක් නෙවි. ඒක මිනිස් සිතුවිල්ලක්... උතුම් සිතුවිල්ලක්... ඔයා... ඔයා...” දිනිතිට ඉකි ගැසුනේ තරහ වැඩිකමට ද දුක වැඩිකමට ද කියලා ඇයටම නිනව්වක් නෑ.


“මම යනවා..” දිනිති අත් බෑගය  උරහිසේ රදවාගනිමින් මිදුලට බැස්සා.


“දින්... දිනිති.. පොඩ්ඩක් ඔහොම ඉන්න.... මම ඔයාට...” විකුම් දිනිති නවත්වාගැනීමට අසුනින් නැගිට්ටත් එකවර එය කිරීමට ඔහුට අපහසු වුනා.. දිනිති පසුපස නොබලාම මාවත දෙසට කඩිනමින් පියමැන්නා.

විකුම්ගේ හඩ ඇසුනු ඔහුගෙ මව ආලින්දයට දිව ආවා....


“මොකද පුතා මේ... කෝ දුව?


විකුම්ගේ මුනිවතත් නෙත්වල රතත් දුටු ඇයට මෙතන යම් දබරයක් වූවාදැයි සැකයක් මතුවුනා.


“මොකද වුනේ? අර කෙල්ලට හිතරිදෙන්න මොකුත් කිව්ව ද? අනේ පුතේ උඹට මක්වෙලාද.. කියපං කෝ?


“දිනිති ගියා අම්මේ... දිනිති ගියා....” විකුම් දෝතින් මුහුණ වසාගෙන තම හිත පුපුරා යන වේදනාව හැඩුම්පිරි සුසුමකින් පිට කලා.1


“මොනවා පුතේ.... ම..මට මොකුත් තේරෙන්නෙ නෑ ... මෙච්චර මේ ආදරෙන් ආපු කෙල්ල ගියා?!”


“ඔව් ගියා... යන්නම ගියා...” විකුම් අසුනින් නැගිට සිය කාමරය දෙසට යමින් ම කිව්වා.


“මොන විකාර කතා ද මේ.... උඹ මොනවද ඒ කෙල්ලට ඔහොම යන්න තරං කිව්වේ?


“කියන්න පුළුවන් ටික කිව්වා.... අනේ අම්මේ මට පාඩුවේ ටිකක් ඉන්න දෙන්න.” විකුම් කාමරයට වැදී දොර වසා ගත්තා.


*******************


දිනිති මාතර බලා යන බස්රථයට ගොඩවුනා.එහි අසුන් ගත් ඇය ජනේල වීදුරුවට හිස බර කර කල්පනාවක නිමග්න වුනා.


“විකුම් මහ පුදුම මනුස්සයෙක්.... ආත්මාර්ථකාමියෙක්.... එයාගෙ හිත හදාගන්න අනුන්ට දුක්දෙන කෙනෙක්.... නෑ නෑ එහෙමමත් නෑ... අනේ මම දන්නෙනෑ.... අවිශ්ක හම්බවුනා කිව්වා... එයා මං ගැන හිතනවා කිව්වා ලු... මොනවද මේ කියන්නේ... මේ දෙන්නා මාව සෙල්ලමකට අරං ද? නෑ අවිශ්ක කවදාවත් එහෙම කරන්නෙනෑ. එතකොට විකුම්? ඇයි අවිශ්ක ගැන තියන ඒ විශ්වාසය විකුම් ගැන නැද්ද?” දිනිතිගේ උඩු සිතත් යටි සිතත් කරන මේ වාදය ඇත්තටම අවශ්‍ය දෙයක් ද? එයයි මිනිස් සිතේ ස්වභාවය... එක් අරමුණක තැබිය හැකිනම් ඒ නිසසල සිතක්ම පමණි.
(උපුටනය තහනම්-කිරිපැණි)

Tuesday, January 14, 2014

ඔබ මට තරුවකි 36,37

36 කොටස(01/12/2013)
අවිශ්ක විකුම්ගේ සුවදුක් විමසා පැමිණ දින දෙකකට පසු විකුම්ගෙන් කෙටි පණිවිඩයක් ලැබුනා.

“Awishka, puluwannam ada hawasa ape gedara peththe ewth yanna puluwanda, mata podi deyak katha karaganna thiyanwa.(Vikum)”
සිය දුරකථන තිරයේ සටහන්ව තිබූ පණිවිඩය දුටු අවිශ්කට අවිනිශ්චිත හැගීමක් ඇතිවුනා. 

“ඒ පාර මොකද මේ......? 
බොහෝ වේලා කල්පනා කරමින් සිටි අවිශ්ක සිය පිලිතුර සටහන් කලා
“Hari mama ennam”
*******************************
ඉතින් එදින සවස අපේ මිතුරන් දෙදෙනා විකුම්ගේ නිවස බලා පිටත්වුනා.
විකුම් නිවස ඉදිරිපස වු හාන්සි පුටුවේ අසුන් ගෙන පාර දෙස බලාසිටියා. අවිශ්කගේ යතුරුපැදිය ඔහුගේ මිදුලේ නතර වෙන අයුරු දුටු විකුම් සිට ගැනීමට උත්සාහ ගත්තද තවමත් තනි පාදයෙන් වාරු ගැනීමට ඔහුට අපහසු වුනා.

Saturday, November 30, 2013

ඔබ මට තරුවකි 34,35

34 කොටස(07/04/2013)


පසු දින දිනිති ‍සුවය ලබා රෝහලින් පිටවුනා.ඇය නිවසට පැමිණියත් දෙමාපියන් සතුටින් සිටින බවක් දැනුනේ නෑ.අනිත් අතට විකුම් තමා බැලීමටවත් නොපැමිණීම ඇයට මහත් පුදුමය දනවන සිදුවීමක් වුනා.

මේ අතර ඇගේ මව දිනිතිට පානය කිරීමට වැල්දොඩම් යුෂ වීදුරුවක් රැගෙන කාමරයට පිවිසියා.


“ආ මෙන්න දුව, බොන්න... ඔයා ආසයිනේ මේවට.”

දිනිති වීදුරුව අතට ගත්තා.දේවිකා කාමරයෙන් නික්මයාමට සැරසුනා.

“අම්මා..”
“ඇයි දූ..?”

“ඇයි විකුම් අයියා මාව බලන්නවත් නාවේ..”

දිනිති විකුම්ව දැකීමට අපේක්ෂාවෙන් නොසිටියත් යටිසිත ඇයගේ හඩ ආක්‍රමණය කලා.

“ආ....මම මේ කියන්නමයි ආවේ... දුව මේ... හිත කළබල කරගන්න ඕන නෑ.... විකුම් පුතාට පොඩි කරදරයක් වුනා... දුව හිත කළබල කරගනී කියල හිතපු නිසා මම හොස්පිට්ල් එකේ දි කිව්වේ නෑ.”

දිනිතිට මේ එකපිට සිදුවන 0පීඩාවන් තේරුම්ගැනීමට අපහසු වුනා.ඇය දොඩම් වීදුරුව තොල මත තබාගෙනම මව කී දේ කල්ප‍නා කලා.

“විකුම්ට කරදරයක්....” තම සැමියාට අනතුරක් වි ඇතිබව දැන් ඇයට පැහැදිලියි...ඒත් “සැමියා-විකුම්” නොරිස්සුම්සහගත වේදනාවක් ඇයට දැනෙන්ට වුනා.

සිය දියණියගේ මුහුණේ ඉරියව් වෙනස්වෙන ආකාරය දෙස දේවිකා බලාසිටියා.

“විකුම්ට මොකද වුනේ?”

“එදා දුව ඇඩිමිට් කරපු වෙලාවේ ඔයාව බලන්න එද්දි... එයා ඇක්සිඩන්ට් වුනා.තාම හොස්පිට්ල් එකේ.”දේවිකා සිය උරහිසින් නෙතග පිසින ගමන් පැවසුවා.

සුළුදෙයින් පවා කම්පාවන සිත් ඇත්ති,දිනිතිගේ හදවතේ පතුලට යගුලියක් වැටුනාසේ දැනුනා.

“මොනවද මේ සිද්දවෙන්නේ... අනේ... විකුම් අයියා.”ඇයට ඉබේම කියවුනා.

“මට එයාව බලන්න ඕන... අම්මා අපි යමු.”

*************************************************

විකුම්ට සිහිය ලැබුනත් තවමත් තම කකුලක් අහිමි බව ඔහු දන්නේ නෑ.ඔහුට සිය දණහිස දෙසින් දැඩි වේදනාවක් දැනුනත් මුළු සිරුරම තලා දැමු ලෙසින් දැනෙන නිසා එය විශේෂයක් ලෙස හැගුනේ නෑ.

තම මවත් මිතුරනුත් විරසුරිය අන්කලුත් තමා අසල සිටියත් කුමක් හෝ අඩුවක් ඔහුට දැනුනා.ඒ සිය ප්‍රියාදරිය, දිනිති නොමැති අඩුව මිස අන් යමක් නොවේ.

“අ.. අම්මා.. දිනිතිට දැන් සනීපද?” ඒ විකුම් අනතුරින් පසු ඇසූ පළමු පැණයයි.

ඔහුගේ මවට ඉකි බිදුමක් පැමිණියත් එය යටපත් කර ගත්තා.

“ඔවු පුතා,දුවට දැන් හොදයි.අද ඔයා බලන්නත් ඒවි.”

“එපා අම්මා එයාට තව රෙස්ට්කරන්න කියන්න. මට අමාරුවක් නෑ.”

එවර නම් මවට ඉවසා සිටිය නොහැකි වුනා. ඇය සිය සාරි පටින් මුව වසාගෙන වාට්ටුවෙන් ඉවතට දිවගියා.විකුම්ට මේ සියල්ල පුදුමයක් වගේ.සියළුදෙනාගේ නෙත්වල කදුළු පිරී තිබුනා.ඔහු සිය මිතුරෙකු වන අයේෂ් දෙස හැරුනා.

“මට ඇත්ත කියපන්,මොකද වෙලා තියන්නේ.මොකද උඹලා අඩන්නේ?”

අයේෂ් විකුම් දෙස බලා සිටියා0 මිස කිසිවක් කීවේ නෑ.

“මොකද බං වෙලා තියන්නේ?”එවර විකුම් ඇදෙන් නැගිටින්නට උත්සාහ කරමින් පැවසුවා.
අයේෂ් වහාම විකුම්ව උරහිසින් අල්ලාගත්තා.

“හරි හරි බං ඔ..ඔහොම ඉදපන්,උඹට සීරියස් ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුනේ... ඉතින් බං උඔව බේරගන්න පුළු‍වන් වුනේ වාසනාවටයි ඩොක්ටර්ස්ලගේ දක්ෂකමටයි....” විකුම් නොරිස්සුම් ලෙස මිතුරා දෙස බලා සිටියා.

“ඉතිං උඹලා මේ අඩන්නේ මොකද කියපං...” විකුම් සිය සිරුරේ වේදනා යටපත් කරගනිමින් අපහසුවෙන් විමසුවා.

“මචං... ඇක්සිඩන්ට් එකේ දි උඹේ දකුණු කකුල.... ගොඩාක් ඩැමේජ්වෙලා....”

විකුම්ට සිය දකුණු කකුල දෙස බැලුනේ ඉබේටමයි.

“ඉතිං.. ඒ නිසා.... දණහිසින් පහළ කොටස.... කපන්න වුනා බං. නැත්නං උඹේ ජීවිතේ පවා නැතිවෙන්න තිබුනා කියලා ඩොක්ටර් කිව්වා.”අයේෂ් ඉතා අපහසුවෙන් වචන ගලපමින් කිව්වා.

විකුම්ට ඒ වචන,උසාවියක නඩුකාරයෙක් දඩුවමක් දෙනවිට කියන වචන වගේ දැනුනා විය හැකියි.ඔහු සිය මිතුරා දස බලා සිටියා.මිතුරාගේ නෙත් කෙවෙනි දෙපසින් කදුළු බිදු උතුරා යනු දුටුවා.විකුම් ගැඹුරු හුස්මක් ගෙන නෙත් පියා ගත්තා...
 
35 කොටස(08/06/2013)

දෙනෙත් පියාගත් විකුම්ට බොහෝ දේ මැවී පෙනුනා.තමාගේත් දිනිතිගේත් අනාගතය කෙබදුවේද? තමා නිසා දිනිති කොපමණ දුක් විදිනු ඇතිද? මේ රූපාවලිය සමග ඔහුට නින්ද ගියා.

විකුම් නැවත නෙත් විවර කලේ තමාට ඉතා හුරු පුරුදු හඩක් තමා අමතනු ඈතින් මෙන් ඇසුනු නිසයි.
“විකුම් අයියා.... අනේ විකුම් කතාකරන්න කෝ....!” ඒ දිනිතිගේ ආදරණිය හඩයි.

“දිනිති... ඔ...  ඔයා ඇයි මේ.දැන් සනීපද?” විකුම් තම වේදනාව මැඩගෙන අපහසුවෙන් විමසුවා.
“මට සනීපයි.... අනේ ඔ ඔයාට මේ.... ම මට සමාවන්න.විකුම් අයියේ... මම නිසානේ ඔයාට මේ දේ වුනේ...මම මහ..

දිනිතිට පැවසීමට හැකි වූයේ එපමණයි.විකුම් සිය සුරතින් ඇගේ මුව වැසුවා.

“ඔයා මේ මොනවද කියන්නේ... ඔයා ඔය කියන වචන මගේ මේ තුවාල වලට වඩා වේදනයි.මේක ඔයාගේ වරදක් නෙවි. මගේ නොසැලකිල්ල නිසා සිද්දවුනු දෙයක්.ආයෙත් ඔය කතාවනම් කියන්න එපා.
දිනිති පළමු වරට විකුම් ගේ හිස ආදරෙන් පිරිමැද්දා...

*************

කාලය සෙමින් ගෙවුනා. දිනිති නැවත රැකියාවට පැමිණියා. ඇය දිනපතා උදේ,දවල් සහ සවස විකුම් බැලීමට රෝහලට ගියා. ඇය නේවාසිකව සිටි නිවස රෝහල අසල පිහිටා තිබීම ඊට මහත් රුකුළක් වුනා.සිදුවු සියල්ල සිය මිතුරියගෙන් පැහැදිලි කරගත් නිශා සැබවින්ම0 සිය මිතුරිය ගැන දුක්වුනා. ඇයත් හැකි අයුරින් දිනිතිට සහාය වුනා.

විකුම්ට සිදුවු අනතුර පිලිබද මලිත් සිය මිතුරාවන අවිශ්කට පැවසුවා.ඒ ඇසු අවිශ්කට වේදනාත්මක කණගාටුවක් දැනුනා. ඒ දිනිතිගේ අනාගතය ගැන ද යන්න දන්නේ ඔහු පමණයි.

“මචං මට විකුම්ව බලන්න යන්න ඕන.උඹත් එනව ද?” දිනක් මලිත්ගේ වෙළදසල අසලට පැමිණි අවිශ්ක විමසා සිටියා.

“මොකක්, උඹට පිස්සු ද , අයෙත් ගිහින් ඔලුව අවුල් කරගෙන එන්න ද හදන්නෙ?”

“නෑ බං මගේ හිතට හරිනෑ මේක දැනගෙනත් නොගිහින් ඉන්න එක...”

“හරි බං ඉතිං දැන්ම යන්න ඕන ද?”

“ඔව් දැන්ම ගියොත් දිනිති එන්න කලින් ඉක්මනට ලෙඩා බලලා එන්න පුළුවන්.”

“හා හා ඔහොම පොඩ්ඩක් හිටපන් මම අම්මට මෙතෙන්ට එන්න කියලා එන්නං, අද වි‍ජේත්(කෙඩේ සහායක) නෑ.” අවිශ්ක කිව් දෙයක් ලේසියෙන් වෙනස් නොකරන අයෙකු බව දන්නා නිසා මලිත් එසේ පවසා නිවස දෙසට ගියා.

විකුම්ගේ තුවාල බොහොමයක් සුව වී තිබුනා.පසු දින රෝහලෙන් නික්ම යා හැකි බව වෛද්‍යවරුන් පවසා තිබුනා.එක් පාදයක් අහිමි ඔහු හිස් බැල්මෙන් යුතුව ‍ඇදේ හාන්සිවී රෝහල් කොරිඩෝව දෙස බලා සිටියේ දිනිති එනතුරුයි. එක් වරම ඔහුගේ නෙත ගැටුනේ හුරුපුරුදු රූ දෙකක්!

“මේ එන්නේ අවිශ්කයි මලිතුයි නේ ද?” ඔහු තමාටම පවසාගත්තා.

අවිශ්කත් මලිතුත් විකුම්ගේ ඇද අසලට පැමිණියා.මොහොතක් ඔවුනොවුන් අනිමිසයෙන් එකිනෙකා දෙස බලා සිටියා. අනතුරුව විකුම් සිය හඩ අවදි කලා.

“අවිශ්ක... මාව බලලා යන්න ආවද?” ඒ වදන්වල අසරණකමක් හෝ ලෙන්ගතුකමක් හෝ දෙකම හෝ තිබුනා විය හැකියි.

“කොහෙමද විකුම්...දැන් තුවාල එහෙම සනීපවෙලාද?” අවිශ්කගේ අදහස මලිත් වචනවලට පෙරළුවත් මලිත්ටත් අවිකුම් දුටුවිට අතිවුනු සංවේගයත් සමග මුසුවී ඒ වදන් 0බොහොම සංවේදි ස්වරයක් මැව්වා.

“දැන් ගොඩක් දුරට හොදයි.හෙට ටිකට් කපනවා කිව්වා.”

“හ්ම් ඒක හොදයි.ගෙදර ගිහින් හිතේ නිදහසේ නාලා කාලා ඉන්නකොට ඉතුරු ටිකත් හොදවෙයි.”

මලිත් එසේ පැවසුවත් තමාට කිසිදා යතා තත්ත්වයට  පත්විය නොහැකි බව විකුම්ට නැවත සිහිවුනා.ඔහු සුසුමක් පිටකලා.

මලිත්ටත් අවිශ්කටත් විකුම්ගේ අදහස වැටහීගියා. මේ අතර විකුම්ගේ ඇස් කොරිඩෝව දෙසට නැවත යොමුවෙන ආකාරයත් ඒත් සමග මුහුණට අමුතු ආලෝකමත් බවක් එන අයුරුත් ඔවුන් දුටුවා. ඔවුන් ද කොරිඩෝව දෙස බැළුවා.

දිනිති.‍දෑතින් පාර්සල් දෙකක් රැගෙන ඈතින් එනු ඔවුන්ට දැකගත හැකිවුනා.

අවිශ්කට කිසියම් නොසන්සුන් හැගීමක් දැනුනා. “අපි යමු ද?” ඔහු මලිත්ට සන් කලා. ඔහොම හිටපන් එක පාර දමලගහල යන්න පුළුවන් ද? මලිත් ද සිය සංඥා භාෂා හැකියාව භාවිතා කළා.

බිම බලාගෙන පැමිණි දිනිති විකුම්ගේ වාට්ටුවට පැමිණ හිස ඔසවා විකුම් සිටි දෙස බැළුවා... ඒත් ඒ නෙත ගැටුනේ විකුම් නම් නොවේ.... ඒ නෙත වඩාත් ප්‍රිය කල රුව.... අවිශ්ක.

“අවිශ්ක...” දිනිතිට කියවුනේ ඉබේටමයි. ඇගේ විඩාබර මුහුණේ ස්වර්ණවර්ණ රේඛාවක් යාන්තමට ඇදී මැකී යන ආකාරය කාටත් හොරා නමුත් විකුම් දුටුවා.

හිස නැවත පහත් කරගත් ඇය වරදක් කළ කුඩා දැරියක මෙන් විකුම් අසලට පැමිණියා. මොහොතකට මුළු වාට්ටුවම නිහඩ වී ගියා ද නැතහොත් ඔවුනොවුන් ගේ දෙසවන් නෑසී ගියා ද, කුමක් වුව ද ඒ විරාමය බින්දේ ද රෝගියා වු විකුම් ම තමයි.

“බලන්න දිනිති අවිශ්ක මාව බලන්න ඇවිත්”

දිනිති නැවත හිස ඔසවා අවිශ්කදෙස බැළුවා. “ දැන් ගොඩක් වෙලා ද ඇවිල්ලා?” ඇය යටපත්වන ස්වරයෙන් විමසා සිටියා.

“ආහ්.... ඔ ඔව්  නංගි අපි මේ දැං යන්න කියලයි හැදුවේ” මලිත් පිළිතුරු දුන්නා.



නමුත් ඒ පිළිතුර දිනිතිටවත් අවිශ්කට වත් නම් ඇසුනා දැයි හරියට කියන්න බෑ. මොකද ඒ දෙදෙනා නෙතින් නෙත බලා සිටියේ ඒ නෙත් දෙක එකට යා කිරීමට වගේ නිසා.

Saturday, June 8, 2013

ඔබ මට තරුවකි 33

33 කොටස(02/03/2013)

දේවිකා දිනිතිට සුප් ස්වල්පය බැගින් පොවමින් සිටියා. දිනිති කුඩා දැරියක ලෙස එය රස බලන ආකාරය දෙස වීරසූරිය බලා සිටියා. මේ අතර ඔහුගේ දුරකථනය නාද වුනා.
“හෙලෝ”
“හෙලෝ මම මේ විකුම්ගේ යාළුවෙක් කතා කරන්නෙ. ඔය මිස්ටර් වීරසූරිය ද?”

“ඔව්. වීරසූරිය තමා කථා කරන්නේ.විකුම් පුතා දැන් මෙහේ එනවා කියලා කිව්වා. ඇයි මොකක්ද කාරණය?”

Saturday, March 2, 2013

ඔබ මට තරුවකි 31 / 32

1 ොටස කීයවීම සදහා "older post" වෙත පිවිසෙන්න....

31කොටස(30/12/2012)

දැන් අපි මේ කතාවේ අවසානයට ලං වෙලා කියලා ඔයාලට හිතිලා ඇති. ඔව් ඒක හරි වෙන්න පුළුවන්.... ඒත් තව ටික දිනක් ඔයාලට මේ කතාව කියන්න මට සිදුවෙනවා.ඔයාලා සිතන විදියේ අවසානයක් මේ කතාවේ තියේවිද? අපි බලමු.!
පසු දිනත් දිනිති සිටියේ සිහියෙන් ද අසිහියෙන් ද කියලා ඇයටවත් නිනව්වක් තිබුනේ නැ.ඇයට අවිශ්කගේ තත්වය දැනගන්න විදියක් තිබුනේ නෑ.1ඇය යැවු එක කෙටි පණිවිඩයකට වත් පිලිතුරක් තිබුනෙ නෑ.ඉතින් ඇය සිය මිතුරියට ඇමතුමක් ගත්තේ ඇගෙන්වත් තෙරතුරක් සොයාගතහැකි වේදැයි බැලීමටයි.

Saturday, December 29, 2012

ඔබ මට තරුවකි 29,30

29 කොටස (27/11/2012)


මෙම ගැටුම පිළිබද කිසිවක් අවිශ්කවත් මලිත් වත් විකුම්වත් දිනිනිතිට කිව්වේ නෑ.ඒත් පසුදා නිශාගේ අතින් බැරිවීමකින් ඒ  බව කියවුනා.දිනිති මහත්සේ කලබල වුනා ඇය නිවසේ අයට හම්බන්තොට නගරයට යන බව පවසා මාතර පැමිණියා.


“මම දැන් මාතර ඉන්නේ ඔයාට පුළුවන් ද අපි මුණගැහෙන තැනට එන්න” දිනිති අවිශ්කට කෙටි පණිවිඩයකින් දැන්වූවා.