ඔබ මට තරුවකි

Saturday, September 22, 2012

ඔබ මට තරුවකි 25,26

‍25 කොටස 18/08/2012


ප්‍රශ්න සියල්ල මදකට යටපත් කල ආදරණීය රාත්‍රියක් ගතකරපු අවිශ්ක පාන්දර දෙක පමණ වෙද්දි නිවසට පැමිණියා. මලිත් විසින් කරුණු පැහැදිලි කර දිමෙන් පසු යාන්තමට සිත සන්සුන් කරගත් මංගලා නින්දත් නොනින්දත් අතර සිටිත්දි සිය පුතු පැමිණෙන හඩ ඇසුණා.ඇය හනික සයනෙන් බැස ඉදිරි දොර විවර කලා.

“මොනවද පුතා මේ කරන්නේ...? මංගලා කේන්තිය යටපත් කරගෙන විමසුවත් අවිශ්ක එය නෑසු කන්ව කාමරයට ගියා.

“මංගලා ඔය දොර වහලා ඇවිත් නිදාගන්න. විකාර දොඩවන්නෙ නැතුව.”දිසානායක කාමරයේ සිටම කෑගැසුවා.

මංගලා දොර වසා විදුලි බුබුළු නිවා දමා කාමරයට ගියා. ඒත් ඇයට නින්ද නම් නැවත පැමිණියේ නෑ අවිශ්කගේ සිතේ වූ වේදනාව ඇයට අද තදින්ම දැනුනා.ඇයට යන්තමට හෝ සැනසීමක් තිබුනේ,පෙරදා රාත්‍රියේ නින්දට යාමට පෙර මලිත් සහ සැමියා සමග මේ සිද්දිය පිලිබද කළ කතාබහ අවසානයේ දිසානායක විසින් ආවේගයෙන් මෙන් කි කතාවයි.

“අර මහ ජෝඩුව කැමතිනම් මට මොකද, කොරගන්න කියන එකයි ඇත්තේ, අපේ මී හරකටත් ඒකි නැතුවම බැරිනං... හරියට වෙන කෙල්ලො නෑ වගේ ” මංගලාට ඒ හඩ නැවත නැවත ඇසුනා....

******************************************************************************

ඉරිදා සවස දිනිතිලාගේ නිවසේ තේ වෙලාවෙදි දිනිති අකමැති මාතෘකාව නැවත මතුවුනා. ඒ වෙනාදාට වඩා දරුණු විදියට.

“දේවිකා අපි දැන් මේ දුගේ කටයුත්ත ටිකක් ඉක්මණ් කලොත් හොදයි නේද? අර දරුවත් නිතර යන එන ‍එකේ.” වීරසුරිය පැවසුවා.

“හ්ම් ඒක නම් හොදයි තමයි.හක්මණ අක්කත් එක්ක කතා කරලා හොද වෙලාවක් බලලා රෙජිස්ට්‍රේෂන් එක කරමු පස්සේ හෙමීට වෙඩින් එක ගන්න බැරියැ.මොකද දු කියන්නෙ.”දේවිකා දිනිතිට බෝලෙ පාස් කළා.

“අනේ අම්මා මට දැන්ම ඕවා ඕන නෑ” දිනිති ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කලා.

“ඕන නැති නිසාද අර ගොළුවෙක් පස්සෙ ගියේ” වීරසුරිය කේන්තියෙන් පැවසුවා.

“වීරේ... ඔයා මොනවද කියවන්නේ.. දැන් ඒවා ඉවරයි...මෙන්නමේ කෙරෙන දේ ගැන කතාකරමු.” දේවිකා මැද්දට පැන්නා.

දිනිතිට මේ කටයුත්තට සෘජුලෙස සිය මවටවත් පියාටවත් විරුද්ධවෙන්න තරම් ශක්තියක් නෑ.ඇය තෙත් වු නෙත් වලින් මව දෙස බලා තේ මේසයෙන් නැගිට සිය කාමරයට ගියා.

“බලන්න ඔයා කරපු වැඩේ.. දු ගෙන් වචනයක් ගන්න අදත් බැරිවුනා නේ” දේවිකා විස්සෝප වුනා.

“අනේ මේහ්.. එයාගේ වචනෙ මොකක්ද කියලා මම දන්නවා. ඒවයින් වැඩක් නෑ. මම හෙටම හක්මණ ගිහින් දිනයක් ගැන කතානරගෙන එන්නං. මට කේන්දරේ ලෙස්තිකරලා දෙන්න එච්චරයි.” වීරසූරිය කාමරේ සිටි දිනිතිටත් ඇහෙන්නම කිව්වා.

ඒ වචන දිනිතිට මහ වේදනාබර අනාගතයක අදුරු වලාකුළුවල ගර්ජනා වගේ හැගි ගියා.

********************************************************************************

පසුදින දිනිතිත් අවිශකත් නැවත සුපුරුදු තැනදිම හමුවුනා...

“අනේ අවිශ්ක දැන් අපි මොකද කරන්නේ.” සියළු විස්තර අවිශ්කට කියපු දිනිති විමසා සිටියා. අවිශ්ක මෙවැන්නක් බලාපොරොත්තුව සිටියත් මෙතරම් ඉක්මනින් එය සිදුවේ යයි සිතුවෙ නැ.

“අපේ ගෙදරින් නං දැන් ඒ හැටි විරුද්ධ නෑ... ඒත් මට ඔයාව ඔයාලයි ගෙදර විරුද්ධව එක්කන් එන්නත් බෑ... අපේ ‍ගෙදර අය ඒකට කොහෙත්ම කැමතිනෑ... ඔයා මොකද කියන්නේ අපි වෙන කොහේ හරි යමු ද?” අවිශ්ක දිනිතිගේ නෙත් දිහා බලන්ම විමසා සිටියා.

“කොහේ යන්නද අවිශ්ක, එතකොට අපේ ජොබ් වලට මොකද වෙන්නේ, අපි ජීවත්වෙන්නෙ කොහාමද? දිනිති විමසුවා.

“එහෙනම් මට මොනවද කරන්න කියන්නේ?” අවිශ්ක තරහින් වගේ ඇසුවා.

“මම දන්න‍නෙ නෑ...” දිනිතිට ඉකිගැසුනා.

අවිශ්ක දිනිතිව තම පපුවට තුරුල් කරගත්තා.අවිශ්කගේ හදවත ගැහෙන හඩ දිනිතිට ඇසුනා.අනේ ඔයාට කතා කරන්න පුළුවන් නම්! දිනිතිට ආයෙත් වරක් සිතුනා. මිනිසකුගේ එක් සුළු අඩුවක් නිසා ඒ මිනිසාට මේ සමාජය දෙන දඩුවම් කොච්චර නම් දරුණුද?දිනිතිගේ කදුළු බිදුවක් අවිශ්කගේ කමිසයේ විවරවු බොත්තමක් අතරින් වැටි ඔහුගේ ළය දිගේ බේරි පහලට ගලා ගියා.

“අපි මෙහේ ම ගෙයක් කුළියට අරං පදිංචි වෙමු.” අවිශ්ක එකවරම දිනිතිව තුරුලෙන් මුදවා විමසා සිටියා.

දිනිතිගේ මුහුණට යන්තම් එළියක් වැටුනා... “හරි අපි එහෙමවත් කරමු. මට ඔයා නැතුව බෑ.”එහෙම කියපු දිනිති නැවත අවිශ්කට තුරුල්වුනා.

“ඔයාට අම්මලාට විරුද්ධව එන්න බැරිකමක් නෑ නේ” ටිකවේලාවකින් විමසා සිටියා.

“මොනවා කරන්නද එයාලා අපිව පිළිගන්නෙ නැත්නම්” දිනිති දුක් මුසුව කිව්වා.

“එහෙනම් මම ඉක්මනට තැනක් හොයනවා. අපි ඉක්මනට බදිමු” අවිශ්ක ආදරෙන් සන් කළා.

ඒ අදහස තේරුම් යද්දි දිනිතිගේ සිතට සතුටක් වගේම දුකත් බියත් යන සියලු හැගීම් එක්වර දැනීගියා. අම්මලාට විරුද්ධව...!!!


26 කොටස (09/09/2012)

කාලය ගෙවී ගියා සති කහිපයකට පසු නිවසට ගිය දිනිති රූපවාහිනිය නරඹමින් සිටියා. ඈ අසලින් වූ අසුනක ඇගේ මව හිදගත්තා.

“ මම මේ දූට කාරණාවක් කියන්න එනකල් බලාහිටියේ.”
“මොකක් ද අම්මා?” දිනිති රූපවාහිනිය දෙස බලමින්ම විමසුවා.

“අර කටයුත්තට තාත්තා දිනයක් යොදාගෙන ඇවිත් තිබුනා.”
“මොන කටයුත්තට ද?”
“මොන කියන්නේ, ඔයාගෙයි මලිත් පුතාගෙයි.”දේවිකා නොරිස්සුම් ස්වරයෙන් කීවා.

ඒ කතාවට නම් දිනිති ගැස්සිලා ගියා.

“අ‍නේ අම්මා, මොකද ඔච්චර හදිස්සි.මට පාඩුවේ ඉන්න දෙන්නකෝ.”
“හදිස්සි නෙවි අපි මේ කල්පනා කලේ අපි පරක්කු වුනේ මොකද කියලා.වෙඩින් එක පස්සෙ ගමු, රෙජිස්ට්‍රේෂන් එක ලබන මාසේ දෙවනිදා තියාගත්තා.ලේස්ති වෙනවා හොදයි.තාත්තාව කේන්තිගස්සනෙ නැතුව.” දේවිකා එසේ කියමින් නැගිට සිය කාමරයට ගියා.

“මට බෑ මම එන්නෙ නෑ. අනික මට නිවාඩුත් නෑ.ඔයාලා තීරණ ගත්තනම් ඕන විදියක් කරගන්න.” දිනිති කේන්තිය මුසුවු හැඩුම් ස්වරයෙන් කිව්වා.

“ඒක එදාට සිද්ධවෙනවා මයි. නැත්නං දුවේ අපි නැ කියල හිතන් ඉන්න තැනක ඉන්නවා හොදයි.” දේවිකා කාමරයේ සිටම මොර දුන්නා.

දිනිති කාමරයට වැදී දොර වසාගත්තා.ඇයට ආදරණිය නිවස දැන් වදකාගාරයක් වගේ දැනෙන්න වුනා. “ලබන දෙවනිදා වෙද්දි තීරණයක් ගන්නෙ කොහොම ද, තව සති දෙකයි තියන්නේ.අවිශ්ක කියපු විදියට කාටත් හොරා කසාද බදින්න පුළුවන් වෙයි ද? ඒත් අම්මලාට මොනතරම් වේදනාවක් වේවි ද ඒක.අනික තාම යන්න තැනක් හොයාගෙනත් නෑ.” මේ විදියට දිනිති හැඩූ කදුළින් යුතුව කල්පනා කලා. පසුව ඈ මේ සියල්ලම අවිශ්කට දැන්වූවා.

“Oya baya wenna epa api nxt week marry karamu. Mama e seerama redy karannam. Inna place ekakuth hariyaagena enne.ethakan iwasanna mage sudu menika.”

අවිශ්ක ඒ වදියේ ප්‍රතිචාරයක් දක්වා තිබීම ඇයට පුදුම සැහැල්ලුවක් ඇති කර තිබුනා.අවිශ්ක තමාට ද නොකියා සියල්ල සැලසුම් කරමින් යන බව ඇයට වැටහුනා.ඇයට ඔහු කෙරේ තිබූ ආදරය පිටාර යන තරම් වැඩි වුනා.
******************************************************************************
පසු සතියේ අගහරුවාදා දිනිති මුණගැසුනු අවිශ්ක,

“අපි එන බ්‍රහස්පතින්දා රෙජිස්ටර් වෙමු. මම සේරම හරිගස්සලා තියන්නේ” යනුවෙන් සිනා මුසුවු මුහුණින් යුතුව දන්වා සිටියා.
දිනිතිට සතුට වගේම සිතේ කොණක වේදනාවක් ද ඇතිවුනා.එය වත මඩලින් අවිශ්කට වැටහුණා.

“මට තේරෙනවා ඔයාට දුක ඇති.දෙමාපියන් එක්ක, පෝරුවක නැගල ලස්සන මගුලක් ගන්න ඔයත් ආසාවෙන් හිටිය නේ. මොනවා කරන්න ද පැටියෝ... අපිට ‍එක්වෙන්න වෙන විදියක් නැති බව ඔයාත් දන්නවා නේ.” අවිශ්ක සෙනෙහසින් කිව්වා. 
 ******************************************************************************

බදාදා උදේ දිනිතිට නිවසින් ඇමතුමක් ආවා.

“හෙලො, තාත්තා ඇයි උදේම?”

“දූ, අම්මගේ පපුව ටිකක් රිදෙනවා කිව්වා, මම මේ ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඉන්නේ.ඩොක්ටර් කිව්වා බයවෙන්න දෙයක් නෑ.. ඒත් ටෙස්ට් කීපයක් කරන්න ඕන කියලා.. ඉතින් අද ඇඩිමිට් කරා.”

“අනේ තාත්තා අම්මට මක් වෙලාද?” දිනිතිට මහා තනිකමක් එක්ක දුකක් දැනුනා...හැඩුනා.

“නෑ නෑ දු බයවෙන්න එපා,අම්මට අමාරුවක් නෑ... ඔන්න ඔයා අම්මත් එක්ක කතා කරන්න....” විරසුරිය දුරකථනය දේවිකාට දුන්නා.

“දූ බයවෙන්න එපා.. මේ පපුවේ අවිලිල්ලක් වගේ ආවා.තාත්තා බය වෙලා මෙහේ ගෙනත් ඇඩ්මිට් කළා.”

“හරි.. හරි අම්මා ම.. මම දැන්ම නිවාඩු දාලා එන්නම්”

“කළබල වෙන්න එපා දරුවෝ... අන්න විකුම් පුතා කිව්වා ඔයාව එක්ක එන්න යනවා කියලා. තව ටිකකින් ඒවි.”

“විකුම්?”

“ඔව්.. බස් එකේ මහන්සි කරන්න එපා කියලා එයා එක්කන් එන්නම් කිව්වා...එහෙනම් දු පරිස්සමින් එන්න මම තියනවා”

“හා හරි අම්මා.. බුදු සරණයි”
“බුදු සරණයි දූ”

දෙවියනේ මේ මොකක් ද‍ වෙන්න යන්නේ. හෙට යොදාගත්තු කටයුත්ත...? අනේ අවිශ්ක මම දැන් මොකද කරන්නේ.. අපි දෙන්න එක් වෙන දෙන්නෙක් නෙවෙයිද අවිශ්ක..? දිනිති කල්පනා කලා.

No comments:

Post a Comment