ඔබ මට තරුවකි

Tuesday, January 14, 2014

ඔබ මට තරුවකි 36,37

36 කොටස(01/12/2013)
අවිශ්ක විකුම්ගේ සුවදුක් විමසා පැමිණ දින දෙකකට පසු විකුම්ගෙන් කෙටි පණිවිඩයක් ලැබුනා.

“Awishka, puluwannam ada hawasa ape gedara peththe ewth yanna puluwanda, mata podi deyak katha karaganna thiyanwa.(Vikum)”
සිය දුරකථන තිරයේ සටහන්ව තිබූ පණිවිඩය දුටු අවිශ්කට අවිනිශ්චිත හැගීමක් ඇතිවුනා. 

“ඒ පාර මොකද මේ......? 
බොහෝ වේලා කල්පනා කරමින් සිටි අවිශ්ක සිය පිලිතුර සටහන් කලා
“Hari mama ennam”
*******************************
ඉතින් එදින සවස අපේ මිතුරන් දෙදෙනා විකුම්ගේ නිවස බලා පිටත්වුනා.
විකුම් නිවස ඉදිරිපස වු හාන්සි පුටුවේ අසුන් ගෙන පාර දෙස බලාසිටියා. අවිශ්කගේ යතුරුපැදිය ඔහුගේ මිදුලේ නතර වෙන අයුරු දුටු විකුම් සිට ගැනීමට උත්සාහ ගත්තද තවමත් තනි පාදයෙන් වාරු ගැනීමට ඔහුට අපහසු වුනා.


අවිශ්කත් මලිතුත් සෙමින් ආලින්දයට ගොඩවුනා.

විකුම් සිනාමුසු මුහුණින් ඔවුන් පිලිගත්තා.
“එන්න.... ඉදගන්නකෝ...”
දෙමිතුරෝ විකුම්ට මුහුණලා ඇති අසුන්වල හිදගත්තා.

“ඉතින් කොහොමද දැන් සනීපද? මලිත් විමසා සිටියා

“සනීප....!” විකුම් නැවත විමසුවා. “ දැන් ටිකක් ක්ලචස් වලින් ඇවිදින් හුරුයි.තුවාල නම් දැන් හොදයි”


විකුම් එසේ කියනවිට අවිශ්කගේ නෙත විකුම්ගේ පිටුපසින් බිත්තියට හේත්තු කර තිබු අත්වාරුව දෙසට හැරුනේ ඉබේමයි.විටින් විට හැමු සුලං පහරට සෙලවෙන විකුම්ගේ සරම ඔහුගේ එක් පාදයක් අහිමි වීමේ හිස්තැන ලොවෙන් වසන් කරන්නට අනවරත සටනක යෙදෙන අයුරුත් අවිශ්කගෙ නෙතු ගැටුනා. ඔහුට විකුම් ගැන විශාල කනගාටුවක් ඇතිවුනා.
“දැන් ඉතින් ඔහොම ඉන්න එකේ තේරුමක් නෑ නේ.ඉක්මනට දෙන්න එක තැනකට වුනා නම් ලේසියිනෙ” අවිශ්ක සංඥා බසින් මේ කියන්නේ සිය උඩුසිත විසින් ‍දෙන උපදෙස් බව හොදින්ම දැන දැනත් මලිත් සිය භාෂා පරිවර්තක රාජකාරිය අකුරටම ඉටුකලා.
“හ්ම්....” විකුම් ගැඹුරු සුසුමක් පිට කලා.ඔහු යම් බරපතල කාරනාවක් කියන්න උත්සාහ කරන බව. මුහුණින් පිළිබඹු වුනා.

“අවිශ්ක, මම මේ උඹට එන්න කිව්වෙ මචං ඒ සම්බන්ධ දෙයක් කථා කරන්න තමයි.”
“ඒ මොකක්ද?”මලිත් සැනෙකින් ඇසුවා.
“මම පහුගිය ටිකේ සෑහෙන්න කල්පනා කලා...... මට දැන් හිතෙනවා මම වස වැරැද්දක් උඹලට කළා කියලා.ඒත් මම ඒ හැම දෙයක්ම කලේ..... දිනිති නංගියට තිබුනු ආදරේ නිසා කියල උඹට තේරෙව ඇති.”

“දැන් ඔයා මේ අපි දෙන්නට එන්න කියලා පරණ තුවාල පාරන්න ද හදන්නෙ” මං හිතන්නෙ දැන් ඔවයින් වැඩක් නෑ” මලිත් එසේ කියා අවිශ්ක දෙසට හැරුනා.

“අපි ආපිට ගියොත් හොදයි ව‍ගේ”
“ක..කලබල වෙන්න එපා මලිත් මල්ලි.... මට ඩිංගක් කථාකරන්න දෙන්න..... ආ... මට අමතකත් වුනා මම මේ කියවන්න ගත්තට ඔය දෙන්නට මොකුත් සංග්‍රහයක්වත් කලේ නෑ නේ... දයාපාල....(සේවක) මගේ යාළුවො දෙන්නෙක් ඇවිත් ඉන්නවා තේ මොනවහරි ගේන්න...” විකුම් ගේ දෙසට හැරෙමින් බෙරිහන් දුන්නා.
“අම්මා පන්සලට ගියා බෝධි පූජාවකට.ඒකයි මම අද එන්න කිව්වේ.මට අවිශ්කගෙන් පොඩි දෙයක් දැනගන්න ඕන.”

විකුම් හාන්සි පුටුවට නැවත බර වෙමින් කිව්වා.

“මම හිතනවා මම කරපු වැරැද්දට මට දඩුවම් ලැබුනා කියලා.ඒත්...... අර අහිංසක දිනිති මේවට පලි නෑ නේ. මම හින්ද එයා ජීවිත කාලයක් දුක් විදින්න ඕනෙත් නෑ.....අනික මට හිතෙනවා එයා තාමත් යටිහිතින් ඔයා ගැන හිතනවා කියලා.මට ඒක දැනෙනවා. ඉතිං මචං..... උඹ මොකද හිතන්නේ....?”
මේ කියන්න හදන දේ ගැන නිනව්වක් නැතිව අවිශ්ක විකුම් දෙස බලා සිටියා.

“මම... මම මොනවා හිතන්න ද, මට තාම පැහැදිලි නෑ මොනවද මේ කියවන්නෙ කියලා.”
මලිත් අවිශ්කටත් වඩා වික්ෂිප්ත ව නමුත් සිය මිතුරාගේ නිහඩ අදහස් පැහැදිලි කලා.



37 කොටස (25/12/2013)


අවිශ්කගේ විමතිය විකුම් බලාපොරොත්තුවු නමුත් මීට වඩා පැහැදිලි කිරීමට ඔහුටත් අවංකවම අමාරුවුනා. ඔහුගේ මුව වියළී යන බව ඔහුට දැනුනා. ඔහු සිය උගුර පාදා ගැනීමට උත්සාහ කළා. එවිටම දයාපාල උණුසුම් කිරි කෝපි බන්දේසියක් රැගෙන ඔවුන් අතර පිවිසියා. වෙලාවේ හැටියට නම් විකුම්ට දයාපාල සුර දූතයෙක් වගෙයි පෙනුනේ.

“ආ... දයාපාල.... මේ මහත්තුරුන්ට දෙන්න.” විකුම් මලිත්වත් අවිශ්කවත් පෙන්නුවා.

දයාපාලට මේ මුහුණු දෙක හුරු පුරුදු බවක් දැනුනත් ඒ කොහොමදැයි නිච්චියක් තිබුනෙ නෑ. ඔහු කල්පනා කරමින්ම හිස් බන්දේසිය කනප්පුව මත තැබුවා.

නැවත නිවස තුලට යන අතර ඔහුට සියල්ල සිහිවුනා.

“ආ මේ අර එදා අපේ සුදු මහත්තයට(විකුම්) ගහන්න ආපු ගොළුවයි ඒක‍ගෙ යාළුවයි නේ? අපේ මහත්තයට පිස්සුද මන්ද මුන්ට එන්න කියලා සංගිරහ ‍කොරන්න. කොයිකටත් මේ අහල පහලින් ඉන්න ඕන. ලොකු නෝනත් නෑ,අනික සුදු මහත්තයට වාරුත් නැති එකේ.” එසේ සිතු දයාපාල විසිත්ත කාමරයේ බුදු කුටිය අසල බිම හිදගත්තා.

කිරි කොපි බිදක් උගුරෙන් පහලට තල්ලුකර යැවු විකුම් නැවත සිය හඩ අවදි කලා.

“උඹලා දන්නවා මට අයේ වෙනදා වගේ ජීවත් වෙන්න බැරි බව.ඉතින් මම කියන්නේ මම නිසා අර කෙල්ල දුක් විදින්න ඕන නෑ කියන එක.මම එයාට ඒ තරම්ම ආදරෙයි මචං... මට බෑ එයා පොඩි දුකක්වත් විදිනවා බලං ඉන්න. ඒකයි...” විකුම්ට කියා අවසන්කිරීමට ලැබුනෙ නෑ මලිත් පරල වුනා.

“ඒකද උඹ ඒ කෙල්ලගෙ ආදරේ මැද්දට පැනලා ඒක විනාස කලේ... දුකක් දෙන්න බැරි නිසාද”

එවර අවිශ්ක වහා නැගිට මලිත්ගේ කට අතින් වැසුවා. “නවත්තපන්” කියන්නා සේ ඔහු මලිත් දෙස බලා සිටියා.

මලිත්ට අවිශ්ක ගැනත් කෙ‍්න්තියි.ඔහු කෝප්පය බන්දේසිය මත තබා මිදුලට බැස්සා.

අවිශ්ක විකුම්ගේ කථාවට සවන් දීමට නැවතත් අසුන් ගත්තා. විකුම්ගේ නෙතග තෙත් වි ඇතිබව අවිශ්කට පෙනුනා.

“උඹලට මාව තේරෙන්නේ නෑ මචං.... මට.... මට මං ගැන මහ කේන්තියක් තියන්නේ...”විකුම් දෑතින් සිය මුහුණ වසා ගත්තා.

“මම පරදින්න කැමති වුනේ නෑ... අනික මට උඹ ගැන ඉරිසියාවක් ආවා...උ‍ඹේ ඔය සුළු අඩුපාඩුව මට මහ බරපතල එකක් වුනා.... මෙච්චර දේවල් තියද්දි මම මගේ උරුමය වෙන එකෙකුට දෙන්නනෙ ඇයි කියල මට හිතුනා. ඒ සේරටම වඩා දිනිති නංගි උඹත් එක්ක ගිහින් දුක් විදියි කියලා මට හිතුනා. දැං මම උඹටත් වඩා අසරණයි.....” විකුම් සිය හදවතේ ඇතුල් දොරටු විවර කලා.

අවිශ්ක අසුනින් නැගිට්ටා. මලිත් ද ඒ දෙසට පැමිණියා.

“උඹලා ඔය යන්න ද හදන්නේ,උඹ ඇත්තටම දිනිතිට ආදරේ නම් මම කියන දේ පොඩ්ඩක් කල්පනා කරපන්. ඒකි පිරිසිදු නෙළුමක් බං... උඹට දැන් මට වඩා ඒ මල නෙලන්න අයිතිය තියනවා.”
“උඹ හිතන්නේ දිනිති කියන්නේ එහාට මෙහාට වීසිකරන්න පුළුවන් දෙයක් කියලද? අනික එයා දැන් එයාගේ හිත වෙනස් කරන් ඉන්නේ.ආයෙත් ඒ හිත තුවාල කරන්න මට බැ.” අවිශ්කගේ අදහස් මලිත් ලුණු ඇඹුල් පදම් කර විකුම්ට පහදා දුන්නා.

දෙමිතුරන් යතුරුපැදියට ගොඩවුනා.

“දිනිතිගෙ හිත මම හදන්නම් උඹ ටිකක් කල්පනා කරලා මට කියපන්” දෙදෙනා පිටත් වීමට පෙර විකුම් හඩගා කීවා.

*********************

විකුම් හා අවිශ්ක අතර සිදුවු කතාබහ ගැන කිසිත් නොදත් දිනිති,සෙනසුරාදා උදෙන්ම අවදිවෙලා විකුම්ගේ නිවසට යන්න සූදානම්වුනා. විකුම් කෑමට ප්‍රියකරන සුදුහාලෙ බතුයි,ඉස්ම අඩුවෙන් පරිප්පුයි,තෙල්දැමුඋම්බලකඩ සම්බොලයක් සමග පොල්මැල්ලුමක් කෙසෙල් කෙළයක බැදගන්නත් ඈ අමතක ක‍ළේ නෑ.

දිනිති එහි යනවිට විකුම් සිය වෙළදසල තුලවු අසුනට බරදී ලාබ අලාබ සකසමිනුයි සිටියෙ.උදෑසනම ශ්‍රියාකාන්තාව මෙන් දිනිති එනු දුටු විකුම්ට සතුට නිම්හිම් නැතිව ගියා.සෙනෙහෙබර සිනහවකින් ඈ පිලිගත් ඔහු කිහිලිකරුවලට බර දී නැගී සිටියා. දිනිති හනිකට පැන ඔහුගේ අතින් අල්ලගත්තේ පොඩි දරුවෙක් පරිස්සම් කරන්න හදන අම්මා කෙනෙක් වගේ.

“අනේ විකුම් බලාගෙන ඔයා වැටෙයි.”

“හරි..හරි ළමයෝ මට දැන් මේක හුරුයි.” විකුම් දිනිතිගේ උරහිසින් අත තබා පැවසුවා.

“යං ගෙදරට”

“කඩේ?” දිනිති විමසුවා.

“ආහ් ක‍ඩේ මේ කොල්ලා බලා ගනී. මු මටත් වඩා මේකට ආදරෙයි. විකුම් වෙළදසල් සේවකයා පෙන්වා කියාසිටියා.

දිනිති විකුම්ව අතින් අල්ලාගෙන නිවස දෙසට එන අයුරු බලාසිටි විකුම්ගේ මවට පපුව පුරා යන සතුටක් දැනුනා. “මේ කෙල්ල මගේ දරුවා හොදින් බලාගනීවි” ඇය සිතුවා.

“ආ දුවේ.... එන්න ගෙට. අද නිවාඩු නො?. පුතා ඒත් උදේ කිව්වත් එක්ක දූ අද ඒවි කියලා.”

 දිනිති සිනාසි විකුම්ගේ පසෙකින් අසුන් ගත්තා.

“අම්මා අද දවල්ට උයන්න ඕන නෑ මම කාටත් එක්ක කෑම ගෙනාවා.”

“අනේ දුවේ... මම‍ මේ දූ එනව කිව්වනිසා කොස්ගෙඩියකුත් කැඩෙව්වා කිරිකොස් මාළුවක් හදන්න. දැන් මොකෝ කරන්නේ.”

“හරි ෂොක් මම ආසම කෑමක්... එහෙනම් අම්මා ඒක හදන්න ගන්න මාත් උදව්වෙන්නම්.”

“දුව ඉන්න මම ඒක හදන්නං... ඔයදෙන්න කතා කර කර ඉන්නකෝ මම තේ මොකුත් සූදානං කරල එන්නං.”
මේ කතාබහ කෙරෙන අකාරයට විකුම්ට හරි සතුටක් දැනුනා.දිනිති කොච්චර හොද කෙල්ලක් ද බිරිදක් ද... මට බෑ මේ කෙල්ලව අතාරින්න.මට පිස්සු හැදෙයි. මම අවිශ්කට එන්න කියන්න ඉක්මන් වුනා වැඩි ද... නෑ..නෑ  ඒක තමයි හරි දේ..

“විකුම්.විකුම්... මොනවද ඔයා මේ කල්පනා කරන්නේ.... ඔය ඇස් දෙකත් රතුවෙලා.”දිනිති විමසන විටයි ඔහු පියවි ලෝකයට නැවත ආවේ.

දිනිති විමසන මේ පැණයට විසදුම් දෙන්නේ කෙසේද?කල්පනා කළ දේ.... ඔව් කෙසේ හෝ කිව යුතුයි. ඒත් ඒ අද ද?

No comments:

Post a Comment