ඔබ මට තරුවකි

Saturday, March 24, 2012

ඔබ මට තරුවකි 10,11,12

10 කොටස

දිනිතිලා රෝහල අසලින් ඇතුලට තියන මාවතේ ඉදිරියට පියවර මැන්නා.ඒ පසුපස අපේ කථානායකයා සිය යතුරුපැදිය ධාවනය කළා. “අලුත් මාවත(New Lane.)” කියන පුවරුව අසලින් අතුරු මගකට පිවිසි දෙදනා එහිවු නිවසක ගේට්ටුව විවර කරගෙන ඇතුලට යනු අප මිතුරන් දෙදනා ඈත සිට බලා සිටියා.

“හරි ඉන්න තැනත් හරි,දැන් ඉතින් ඊලග පියවරට තමයි යන්න තියන්නේ. කෝකටත් හෙටත් එමු.හෙට උඹ ඔය ඔලු බක්ක ගලවලා ඒකිට පේන් හිටපන්. බලමු රිඇක්ට් එක” මලිත් හෙල්මටය දෙස බලමින් අවිශකට කිව්වා.

එදා අවිශ්ක ගෙදර ගියේ මදක් සැහල්ලුවු සිතින්.සුපුරුදු ලෙස සවස තේ පානය කර කාමරයට ගොස් ඇදේ හාන්සි උනා.පරිගනකයේ ගීතයක් දමන්නත් අමතක කලේ නෑ. “ආදර හැගුම්...ආ..දර හැගුම්” 

“මහත්තයා අද නම් පුතා සතුටින් වගේ,මූණත් එළිය වෙලා.මට පේන්නේ ගෑණුළමයෙක් ගේ ප්‍රශ්නයක් තියනවා වගේ. නැත්නම් මාත් එක්ක ඕන දෙයක් කියන දරුවෙක් නේ ඔය.” මංගලා(මව) සිය සැමියාට තේ එක පිලිගන්වමින් කීවා.

“එහෙම ද? ඔය වයසට හරිනම් ඔවා කෙරෙන්න ඔන.ඒත් මේ දරුවට වෙච්ච දේට කොහොම මේවා හිතන්නද?මංගලා, ඔයා ටිකක් සෙවිල්ලෙන් ඉන්න. ඒ කෙල්ල මේ දරුවගේ විස්තරේ දන්නේ නැතිව නම් මහ අවුලක් වෙයි කියලා මට මහ බයක් දැනෙනවා.”

“මම තාම හරියට දන්නේ නෑ.නිකමට කිව්වේ.කෝකටත් ඔයා මලිත් පුතාගෙන් අහන්න. මෙයා ගේ හැම දේටම ඉන්නේ ඒ දරුවා නේ.” මංගලා කිව්වා.

පසුදිනත් අපේ මිත්‍රයෝ දෙන්නා ආවා කොටුදොරටුව ලගට.අවිශ්ක නිල්පාට ටි ෂර්ට් එකක් සහ අලුපාට කලිසමකින් සැරසිලා හිටියා.ඇත්තටම කොල්ලා හෙන හැන්ඩියා.කෙල්ලො කීප දෙනෙක්  යන එන විට විශේෂයෙන් එයා දෙස බලූබව මලිත් නම් දැක්කා.

“මචෝ මෙහෙම හිටියොත් උඹට කෙල්ලෝ සෙට් එකක්ම මැරි කරන්න ලැබෙයි.බලපංකෝ යන යන එකීලා බලන්නේ උඹ දිහානේ.අපි මේ නිකං වේලෙනවා.තලත් එක්ක මී බෙටි වේළනවා කියන්නේ මේවට වෙන්න ඇති. කෝ මේ පැත්ත බලපං උඹේ නළලේ අරූ ඉන්නවද බලන්න”

“කවුද?”

“සිකුරා”

අවිශ්ක මද සිනාවක් නගමින් නැවත් ඈත මග දෙස බැලිම ඇරඹුවා.ටික වේලාවකින් ලා දම්පාට සාරියකින් සැරසුනු දිනිති නිශා සමග නෙත් මානයට ආවා.අවිශ්ක මලිත් කී ලෙස හෙල්මටය ගලවා දිනිතිලාට තමා හදුනාගත හැකිවන ලෙස සිටියා.‍කරන්න වැඩක් නැති නිසා ජංගම දුරකතනය ගෙන කෙටි පණිවිඩයක් සටහන් කරන බවක් රග දැක්වූවා.

දිනිතිත් නිශාත් මද දුරක් ඉදිරියට එනවිට,දිනිතිගේ යටිසිත සොයන රුව ඇගේ නෙතු ගැටුනා.ගමන අඩාල උනා.නිශා දිනිති දෙස බලා,

“මොකද?”විමසුවා

“අර.!”දිනිති ඇස් වලින් ඈත පෙන්නුවා.
“මොකක් ද?”
“අර අවිශ්ක නේද?”
“කෝ.... ආ ඔව් තමයි. අර බ්ලු ටි ෂර්ට් එක ගහලා ඉන්නේ. මට පේන්නේ කෙල්ලට SMS එකක් ගහනවා වගේ.හිහ් හිහ්.”

නිශාගේ ඒ කතාවට අපේ දිනිතිටනම් ගොඩක් රිදුනා.නිශාට ඒක දැනුනා.
“ආ.. මේ මොකද? කෙල්ලට දුක හිතුනද? මම විහිලුවක් කළේ.මට පේන්නේ කොල්ලා වැඩේ හිතට අරන් වගේ,ඔය හොරගල් අහුලන්නේ.අපි නොදැක්ක ගානට යමු ද?”
“අනේ නිශා!”

“නෑ මම කිව්වේ,ඔයා දන්නවානේ මේකේ අවුලක් තියනබව.”

“ඒත් නිශා.මට..මට” කෙල්ල ඇත්තට හිත පුරවලා අවිශ්කට ආදරෙයි.අනේ එයාට කථාකරන්න පුලුවන්නම් කියලත් හිතෙනවා. ගෙදරත් මතක් වෙනවා.නිශා කියන්න වගේ මේක දුර නොයන එකක් උනොත් අවිශ්කට මොනවා වෙයි ද? ඒ නිසා නොදැක්කා වගේ යන්න ඕන.

“හරි නිශා එහෙම කරමු.”අන්තිමට දිනිති හිත හදාගෙන වගේ කීවා.

දෙදෙනා අවිශ්ක සිටි තැන පසු කලා.අවිශ්ක ඈ දෙස බැලුවා.දිනිති බිම බලන් ගියා.පසුකර ගිය පසුත් දිගටම අවිශ්ක ඒ දෙසම බලා සිටියා...... අන්තිමේ දිනිති හැරි බැලුවා. ඇගේ නෙත් ආදරයෙන් තෙත් වෙලා තිබුනා කියලා අවිශකට හිතුනා.


 11 කොටස

එදින රාත්‍රියේ අවිශ්ක දැඩි වෙහෙසක් ගෙන සිය පළමු පෙම් හසුන ලීවා.ඇත්තටම ඒක බොහොම සංයමයෙන් ලියපු ලස්සන පෙම් ඇරයුමක්!


සියල්ල ලියා අවසන් කළ අවිශ්ක එය සාමාන්‍ය ලියුම් කවරයක බහා පසෙක තැබුවා.

පසු දින සිය මිතුරා හමුවීමට  අවිශ්ක ගියේ නිවාඩුවකුත් දාලා.මිතුරා සිල්ලර කඩයක් කරන නිසා ඕන වෙලාවක මුණගැහෙන්න පුලුවන්.

“මලිත්,මම අර ලියුම ලිව්වා උඹ ඒක ගිහින් දීපන්.රිප්ලයි එක අරන් වරෙන්.”
“‍ආ.. හරි හරි ගනින් බලන්න.”
“මෙන්න”
“මේ මොකද්ද බං, රාජකාරි ලියුමක් ද? ලස්සන කවරෙක දාන්න එපායැ.!!”
ලියුං කවරය දුටු ගමන් මලිත් හිනාවෙවී කිව්වා.
“නෑ බං, එයාට මේ ලියුම දෙන්න ඕන ඔෆිස් එකේ දි. පාරවල්වල ලියුං දෙන්න බෑ නේ.කාටවත් සැක නොහිතෙන්න රාජකාරියකට යනවා වගේ ගිහින් දීපන්.එයා අකමැති උනත් ඒකෙන් එයාට අවුලක් ඇතිවෙන්නේ නැ එතකොට.”

“හරි බං මට තේරුණා.උඹ මහ පුදුම පොරක් බං.මට ඇත්තටම උඹ ඔය හිතන විදිය ගැන පුදුම සතුටක් තියන්නේ.උඹ නම් ඇත්තටම හොද ආදරවන්තයෙක් වේවි.උඹට මේක හරියනවා ෂුවර්”

මලිත් ලිපිය රැගෙන කාර්යාලයට ගියා.ඇතුලෙදි අජිත් මුණ ගැහුනා.

“මට මිස් දිනිතිව මීට්වෙන්න පුළුවන්ද?”
“ඔයා කවුද? මොකද්ද කාරනය?”
“මම මලිත්, අර සහන උයන ඉස්කෝලෙන් ලියුමක් දෙන්න කිව්වා.”
“ආ.. දෙන්න මම දෙන්නම්.”
“න්නෑ.. ‍මේ... මේක මිස්ට දීලා මොකද කරන්න ඕන කියලා අහං එන්න කිව්වා.”
“එහෙමද? එහෙනං ඔහොම දිගට ගිහින් වමට හැරෙන්න. එතන තමා ඒ මිස් ඉන්නේ.”
“බොහොම ස්තූතියි!”

මලිත් සැලෙන හදින් දිනිති ඉදිරියේ පෙනී සිටියා. දිනිති කරමින් සිටි වැඩේ නවතා හිස ඔසවා බැලුවා.
“වාඩිවෙන්න, මොකක්ද අවශ්‍යතාවය?” දිනිති සුහදව එසේ කියමින් තවත් හොදින් මලිත් දෙස බැලුවා.දැක පුරුදු ගතියක් තියන බව තේරුනා.
“මේ... ඔයා දිනිති නේ ද?”
“ඔව්?!”
“මම මේ ආවේ... ආ මට අමතක උනාකියන්න, මම මලිත්.අවිශ්කගේ යාළුවා.”
“අවිශ්කගේ යාළුවා!...” දිනිති සුහද වත බැරැරුම් උනා.මේ මොකද වෙන්න යන්නේ.... දිනිති කල්පනා කළා.

“අවිශ්ක මේ ලියුම දුන්න,ඔයාට දෙන්න කියලා.ඔයා කියවලා බලලා උත්තරයක් දෙන්න.මම එළියෙ ඉන්නවා.” මේ විදියට කියපු මලිත් නැගිට එළියට ගියා. 

දිනිති ලිපිය කියවා බැලුවා. දැන් මොකද කරන්නේ?හෙමින් අසුනෙන් නැගිට්ට ඇය නිශා වෙත ගියා.ඇය අසල හිදගත් දිනිති විස්තරය කීවා.

“මාර වැඩේ.උඹ මොකද කරන්නේ.”
“ඒක තමා.අනේ නිශා.. මම එයාට ආදරෙයි.මට එයාට තියන අසනීපේ ප්‍රශ්නයක් නෑ.”
“හරි කෙල්ලේ... ඒත් ගෙවල් වලින් ඔවට කැමති වෙනවද?
“කමක් නෑ... අකමැති වෙච්චාවෙ...මට අවිශ්ක ඕන.මම කැමතියි කියනවා.මට තවත් ඉවසන්න බැ.”
ආදරය හමුවේ මුවැත්තියන් සිංහදේනුවන් වෙන අවස්තා තියනවා කියලා නැවත සනාත කරමින් දිනිති තීරණයකට ආවා.කොළයක් ගත් දිනිති සියකැමැත්ත හරිම සරළව ලීවා.ය

“අවිශ්ක,
මම ඔයාට ඇත්තටම ආදරෙයි.ඔයාට කතාකරන්න බැරි එක මට ප්‍රශ්නයක් නෙවි.ඒත් අපිට ගොඩක් ප්‍රශ්න ඒවි. ඒවාට අපි මුහුණ දෙමු. මේ මගේ අංකය 07X-66XX236
          බුදුසරණයි!
          මම,දිනිති.


12 කොටස

මලිත් දිනිතිගේ ලිපිය රැගෙන පවනටබදූ වේගයෙන් අවිශ්ක හමුවීමට ගියා.අවිශ්කට ඒ අතරතුර කාලය දැනුනේ අවුරුදු සියක් වගේ.
“ඔන්න මයි ඩියුටිය කම්ප්ලීට්, සර් ! රිපෝර්ට් එක දැන්ම ඕනද සර්!” මලිත් අවිශ්කට  සැල්යුට් එකක් ගහන ගමන් කිව්වා.

අවිශ්ක ඉක්මනින් ලගට පැමින ලිපිය අරගත්තා.ඒත් කවරේ විවරකර බලන්න දෙගිඩියාවකුත් ආවා.හ්ම්.. මොනදේ උනත් දැන් ඉතින් බලන්න එපායැ. ඔහු එය විවර කර බැලුවා...
අවිශ්කගේ මුව සිනහවකින් පිරීයනු මලිත් බලාසිටියා.අවිශ්ක “වැඩේ හරි” යන්න අගවමින් පැමින මලිත්ව බදාගත්තා.ඇත්තටම මලිත්ගේ ඇස්වලටත් කදුළු ආවා.... සතුටු කදුළු.

ඉතින්

එදා රැ දෙදනා sms හුවමාරුව ඇරඹුවා.මුලින්ම අවිශ්ක දිනිතිට පණිවිඩයක් යැවුවා.

“Raththaran, Oya mage adaraya piligththa eka mata puduma senasimak.Mama saththakinma mita kalin adaraya karala na.Eda Oya mulatama dekapu welawe mage hitha iwasumak nathi amuthu hegimak denuna.mama hithanne e thama adaraya.”

ඉතින් පණිවිඩය යවලා සුලුවේලාවකින් දිනිතිගේ ප්‍රතිචාරය ආවා.ඔයා දන්වා ද දන්නේ නෑ ආදරය කියනදේ මේ විදියට ප්‍රකාශකරන්න තියන අමාරු කම.ඒත් දැනට ඔවුන්ට වෙන විකල්පයක් නෑ.

Ayye,Oya hari. Matath ehemama denuna.eda indala mata oyawa nodeka beriuna.ekai api ayeth awe.api kawadada meetwenne? Eth dan api kathakaranne kohomada?mata oyage language eka therenne na.mata eka kiyala denna.ethakota serama hari. Oya reta kalada?”

ඇත්තට දැන් අපි කතාබහකරන්න ක්‍රමයක් හදාගන්න ඕන නේද? කියන පැනය අවිශ්කට සිහිවුනේ එවිටයි. ටිකවෙලාවක් කල්පනාකළ අවිශ්ක ක්‍රමයක් හිතාගත්තා. ආදරය කරන අයට බාධා එනකොට ඒවට උත්තර සොයන්න ඒ අයට ගණදෙවි නුවණත් පහළවෙනවාලු.ය

“Nangi, mamanam thama kala na. thawa tikakin kanawa.dan re 9  th welane,Oya kanna. Mama apidennata adhahas kiyaganna kramayak hoyagththa, mama mata kiyanna thiyana de note book ekaka liyala penwannam.e  athara thrua oya my language eka igana ganna. Api heta beach eke sathutu uyana lagdi meetwemu.mama 4.30ta ennam.Hari neda?”

“ehema hondai ayye.mama ennam.ehenam thawa re wenakan inne nathuwa kala nidiyanan. BS!”

“hari nangiyo, BS!”

ඔය විදියට අදහස් හුවමාරු කරගත් දෙදෙනා දෙතැනක සිටියත් රැ කෑම ගත්තේ එකම වෙළාවට.ඒත් ඒ දෙන්නම ඒක දන්නේ නෑ.දෛවය මහ පුදුම දේවල් සිද්ධකරනවා.

අයිතිය "කිරිපැණි" බ්ලොග් අඩවිය සතුය.

No comments:

Post a Comment