ඔබ මට තරුවකි

Monday, March 12, 2012

ඔබ මට තරුවකි 1,2,3


01 කොටස.

 ආදරය   කියන වචනෙ ඔයා කොච්චර කියල ඇති ද, ඔයාට කොච්චර ඇහිල ඇතිද? මතක් කර ගන්න පුලුවන් ද?...... ඒත් අපේ කථාවෙ කෙනෙකුට ඒ වචනෙ කොච්චර ඇහුනත් හඬගා කියන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒ එයා කථන ආබාධිත(ගොලු) අයෙක් නිසයි.එයා තමයි අවිශ්ක, අවිශ්ක දේශජ දිසානායක. එයා උපතින්ම කථන ආබාධිත අයෙක් නෙමෙයි.ඒ කථාව පසුව කියන්නම්. කොපමන ගැටලු ජීවිතේට තිබුනත් එයා හොදට ඉගනගත්තා.එයා ගෙ දෙමාපියන් වගේම ගුරුවරයෙක් වුනා. හැබැයි සාමාන්‍ය  ගුරුවරයෙක් නෙවෙයි,සංඥා භාෂා ගුරුවරයෙක්.

අවිශ්කට මේ හපන් කම කරන්න උදවු වුනේ එයා ගෙ හෙවනැල්ල වගේ පසුපස ආපු දෙමාපියන් තමයි.පසු කාලෙක දි බොහෝ අයට ‍තමන් පසුපස වැටීතියන මේ හෙවනැලි අමතක වෙනවා,කරදරයක් වෙනවා.... ඔයාට මට වගේම අවිශ්කටත් එහෙමනම් වුනේ නෑ.


මේ කථාවෙ සිදුවීම් බොහොමයක් සිදුවෙන්නෙ මාතර නගරය පරිසරය කරගෙන නිසා මාතර අයට සහ ආපු ගියපු අයට ගොඩක් සමීප වේවි.අවිශ්ක ඉගැන්වීම් කරන්නෙ මාතර පවත්වාගෙන යන අබාධිත අයට වෙන්වු විශේෂිත පාසලක..දිනිති අවිශ්කට මුනගැහෙන්නෙ එතනදි. ඒක අපුරු හමුවීමක්!!

දිනිති,දිනිති සඳමිණි වීරසූරිය පදිංචි වෙලා ඉන්නෙ හම්බන්තොට.වැඩ කරන්න සිදුවෙලා තියන්නෙ මාතර. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ.ඇය එහි කළමනාකරන සහකාරවරියක් විදියට සේවය කරනවා.එයාගෙ හොදම යාලුව තමයි නිශා, නිශාන්ති තමයි නම කවුරුත් කිව්වෙ නිශා කියලා.දෙන්නම එක බෝඩිමේ තමයි ඉන්නෙ.ඒ උයන්වත්ත කියන නගරය අසලම ස්ථානයක.

දවසක් මේ දෙන්නට ‍දෛවය වෙනස් කරන විදි‍යෙ රාජකාරියක් පැවරුනා...

02 කොටස.

ට්‍රීං....

සහකාර දිස්ත්‍රික් ලේකම්තුමා ගේ කාමරයෙ බෙල් එක වැදුනා. කා.කා.ස(පියන්) අජිත් වහාම ඒ දෙසට ගියේ ඒ කතා කරන්නෙ තමාට බව දන්න නිසා. 

“අජිත්, අර නිශාන්ති මිස්ටයි දම්මික මහත්තයටයි එන්න කියන්න.”
“හොදයි සර්” එහෙම කියපු අජිත් එතනින් ඉවත් වෙලා දම්මික හා නිශා ‍සිටින කාර්ය්‍යාලයට ආවා.
“අන්න දම්මික සර්ටයි නිශා මිස්ටයි ඒ.ඩි.එස් මහත්තයා එන්න කිව්වා”
“කවුද, ධර්මරත්න සර් ද?” දම්මික ඇහුවා.
“ඔව්”
“මොකද දන්නෙනෑ නේ,අජිත් කොහොම ද බං මූඩ් එක හොදයි ද?”
“අවුලක් නෑ සර්,හොද පාටයි” එහෙම කියල අජිත් යන්න ගියා.
“නිශෝ යං බලන්න මොකද කියලා”
දෙන්නම ධර්මරත්න ගේ කාමරයට පිවිසුනා. “ගුඩ් මොර්නිං සර්” දම්මික පනාව(ඒ කියන්නෙ හිනාව) දැම්මා.
“ආහ්: ගුඩ් මොර්නිං, ගුඩ් මොර්නිං” ධර්මරත්න හිනාවෙලා කිව්වා. ත
“මම ඔය දෙන්නට එන්න කිව්වෙ වැදගත් රාජකාරියක් බාර දෙන්න. අපිට ඉන්දියානු ආධාර මුදලක් ලැබෙන්න යනව,ඒ ලැබෙන්නෙ අපේ බල ප්‍රදේශේ විශේෂ අධ්‍යාපනය නංවන්න.ඉතින් ඔයාලා අපේ ප්‍රදේශෙ තියන ඒ වගේ හරියට වැඩක් කෙරෙන පාසලක් හොයලා,මට වාර්ථාවක් දෙන්න ඕන.පුලුවන් නේ?”
“පුලුවන් සර්” නිශාත් දම්මිකත් කිව්වා

“ඔය දෙන්නට මේක බාර දුන්නෙ එලියෙ වැඩ වලට අනිත් අය එච්චර කැමති නැති නිසා.දම්මික ඒවට හරි කැමති නේ...”
“හිහ්: ඔව් සර් “දම්මික කිව්වා.
“අනික මට ඕක ඉක්මනට කරගන්න ඕන”
“හරි සර් අපි පුලුවන් ඉක්මනට මේක ඉවර කරන්නම්,අපි එහෙනම් යන්නං සර්”
ධර්මරත්න මහතා හිසවනා අනුමත කරා.

“ඔන්න නිශෝ උඹටයි මටයි ටිකක් හුලං වැදිලා ජොලියක් දාලා එන්න පුලුවන්” දම්මික එහෙම කියල හිනාවුනා.
“අනේ පලයං ... ‍ජොලි දාන්න... හොද ජොලියක් ලැබෙයි වෙලාවට රිපොර්ට් එක නොදුන්නොත්.දන්නවනෙ ධර්මෙ සර් ගෙ හැටි.” නිශාත් එහෙම කිව්වෙ හිනා වෙන ගමන්.
නිශාත් දම්මිකත් නැවත කාර්යාලයට ආපු ගමන් දිනිති නිශා වෙත දුවගෙන අවා.
“මොකටද බං සර් එන්න කිව්වෙ”

ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ දම්මික “අපි දෙන්නට පැනල යන්න පුල්වන් ද අහන්න”
ඒ කතාවට‍ මුලු කාමරයම හිනාවෙන් පිරුනා.
දිනිති මූන රතු කරගෙන මෙහෙම කිව්වා “හිතං අති මේ අහිංසකී ගේ කරේ එල්ලෙන්න”
“අනේ පව්.... අහිංසකී!!!” දම්මික කිව්වා.

“අනේ මේ දින් උඹට පිස්සුද බං මූ කියන විකාර වලට එල්ලි එල්ලි යන්නෙ, මූත් එක්ක කතා කරල දිනන්න පුල්වන් ද, ඔය මගුලක් නෙවි,අපිට ප්‍රොජෙක්ට් එකක් බාර දුන්න.ටිකක් අවුට් යන්න තියනවා.”
නිශා එහෙම කියලා දම්මිකට රැව්වා. ඉ

කෝකටත් පරිස්සමිං සගය භයානකයි. දිනිති එහෙම කියලා දම්මිකට නෝන්ඩි හිනාවක් දැම්මා.
දම්මිකගෙ කටට වචන ගලා ආවත් කිව්වෙ නෑ, ඒ වැඩි වාදයට ගියොත්  අන්තිමේ දිනිති අඩනබව දන්න නිසා.මොකද මෙතන ඉන්න අහිංසකම එකී දිනිති නිසා.ඈ ට කවුරුත් ආදරේකළා.



03 කොටස.

පසු දින...

“කෝ දම්මික තාම නැත්ද?”

නිශා පැමිණි විගස සෙව්වෙ ඒක.
“තාම නෑ, හැබැයි ලේට් වෙන කෙනෙක් නම් වෙයි.අද අවුට් යන වැඩක් තියන නිසා නෑවිත් ඉන්න එකක් නම් නෑ.” එහෙම කිව්වෙ මෙතන අය ගැන හොදටම දන්න අජිත්.
මෙහෙම කථා වෙලා කවුරුත් තමන්ගෙ රාජකාරිවලට යොමු වුනා.
මද වේලාවකින් අජිත් පැමිණ නිශාට ධර්මරත්න මහතා කථා කළ බව දැනුම් දුන්නා.
“ඒ පාර මොකද මන්දා,දම්මිකයත් නෑ... මට අර වැඩේට තනියම යන්න කියයි ද දන්නෙ නෑ.” නිශා දිනිතිට කිව්වා.
“එහෙම කියන එකක් නෑ උඹ ගිහින් බලපන්” දිනිති එහෙම කිව්වෙ යාලුවාගෙ සතුටට වුනත් ධර්මෙ සර් මොනවා කියයි ද කියල හරි විශ්වසෙකින් නම් නෙවි.

“එක්ස්කියුස් මී සර්” නිශා ධර්මෙ සර් ගෙ කාමරයට ඇතුල්වුනා.

“ආ.. එන්න, මම එන්න කිව්වෙ අද මිස්ටර් දම්මික එන්නෙ නෑ,අම්මා අසනීපයි කියලා පණිවිඩයක් එවලා තියනවා.අර පාසලේ වැඩේට මොකද කරන්නෙ,නිශා මිස් තනියම යවන එක හරි නෑ නේ” ධර්මෙ සර් එහෙම කිව්වහම නිශා සැහැල්ලුවෙන් හිනා වෙලා හුස්මක් පිටකරා.

“‍රෝහණ මහත්තය ඉන්නව ද?”

“අද නිවාඩු සර්” නිශා කිවුවා.

“අනේ මන්ද මේ මිනිස්සු බැලුවොත් නිවාඩු... දැන් කාවද යවන්නෙ.මේක අර්ජන්ට් වැඩක්”
“මම සර් දිනිති මිස් එක්ක යන්නම්” නිශා කිව්වා

“එහෙම හොදද, ඒ මිස්ට මේව හුරු මදි නේද?... ම්..ම්.. හොදයි එහෙනම් ගිහින් ඒ වැඩේ කරන්න” ධර්මෙ සර් එහෙම කියලා ෆොන් එක අතට ගත්තා.


දින් (දිනිතිට නිශා කතා කරන්නෙ එහෙමයි) ලෑස්තිවෙයන් උඹට තමයි මාත් එක්ක යන්න වෙන්නෙ.සර් කිව්ව උඹත් එක්ක යන්න කියලා.

අනේ.. බොරු නේ?.. මට වැඩ තියනවානේදිනිති කිව්වා.
බොරු නෙවි දැන් උපාලි අයියා(රියදුරු) වාහනේ බලාගෙන ඇති යමං.නිශා හෑන්ඩ් බෑගය ගන්න ගමන් කිව්වා.
ධර්මෙ සර්ට වෙන කව්රුවත් හිටියෙ නැද්ද මාව අල්ල ගත්තෙ.දින්ති අසුනින් නැගිට ඔලුව පිරිමදිමින් ඇහුවා.
මම කිව්වෙ උඹත් එක්ක යන්නම් කියලා,මේකෙ හිරවෙලා ඉන්නෙ නැතුව යමං පොඩ්ඩක්
එහෙනං උඹ තමයි බාල්දිය දාලා තියන්නෙ.යමං ඉතිංදිනිතිත් හෑන්ඩ් බෑගය අරන් එළියට බැස්සා.

සහන උයන විශේෂ අධ්‍යාපන පාසලතරමක් විශාල දැන්වීම් පුවරුව අසල වාහනය නතර කළ උපාලි මිස්ලා ගිහින් වැඩේ කරගෙන එන්න මං මෙතන ඉන්නංකියලා සීට් එක පස්සට කරගත්තා.

දැං ඉතිං අපි එනකං හොද බුරුත කොටයක් ඉරාවිඋපාලි අයියා වහනය නැවැත්තුවොත් නිදාගන්නා බව දන්න නිශා කිව්වෙ වාහනෙන් බැහැල පාසල් කාර්යාලයට යන ගමන්.

පව් බං උඹනං මහා.... අනේමංදා උඹට රංකිරි කට ගෑවෙ කව්ද..උඹේ තාත්තාවගේ කෙනෙක්ට නේ උඹ ඔය විහිලු කරන්නෙ.වාහනේ නවත්තලා නිදාගත්තට මොකද බං වෙන්නෙ යද්දි නිදා නොගෙනදිනිති ඇහුවා.

රංකිරි ද? ආහ් එක කලේ උසාවියේ තෝල්කමුදලි නේ... හොදයි ද?”
නිශා ලා එනබව කලින් දන්වා තිබුනු නිසා විදුහල්පතිනිය තොරතුරු ටිකක් සුදානම් කර තිබුනා.එම තොරතුරු පරීක්ෂාකොට සටහන් කරගත් දෙදෙනා පාසල් පන්ති කාමර පරීක්ෂා කිරීමට විදුහල්පතිනිය සමග පිටත්වුනා.

මේ තියන්නේ අපේ සංඥා භාෂා පන්තිය.මේ උගන්වන්නෙ අපිට ඉන්න දක්ෂ ගුරුවරයෙක්, මිස්ටර් අවිශ්කවිදුහල්පතිනිය දිනිති දෙසට හැරි අවිශ්කව හදුන්වා දුන්නා.
හෙ..හෙලෝදිනිති මද සිනාවකින් අවිශ්ක දෙස බලමින් කිව්වා.

අවිශ්ක සිනාසෙමින් හිස නමා ආචාරශිලීව දිනිති දෙස බැලුවා. දෙදෙනාගේ ඇස් එකිනෙක මුනගැහුනා
අමුතුම දැනීමක් දෙදෙනාටම ඇතිවුනා.... ඒ කුමක් ද? එය සිතාගැනිමට ඒමොහොත ප්‍රමාණවත් වුනේ නෑ

ඒ මොහොත කල්පයක් නම්.....



(අයිතිය "කිරිපැණි" බ්ලොග් අඩවිය සතුය)



No comments:

Post a Comment