ඔබ මට තරුවකි

Saturday, December 29, 2012

ඔබ මට තරුවකි 29,30

29 කොටස (27/11/2012)


මෙම ගැටුම පිළිබද කිසිවක් අවිශ්කවත් මලිත් වත් විකුම්වත් දිනිනිතිට කිව්වේ නෑ.ඒත් පසුදා නිශාගේ අතින් බැරිවීමකින් ඒ  බව කියවුනා.දිනිති මහත්සේ කලබල වුනා ඇය නිවසේ අයට හම්බන්තොට නගරයට යන බව පවසා මාතර පැමිණියා.


“මම දැන් මාතර ඉන්නේ ඔයාට පුළුවන් ද අපි මුණගැහෙන තැනට එන්න” දිනිති අවිශ්කට කෙටි පණිවිඩයකින් දැන්වූවා.


අවිශ්ක ද සිය දෙමාපියන්ගේ ඇනුම්බැණුම් මධ්‍යයේම සිය යතුරුපැදියට නැගී පිටත්වුනා.හිස තදින් රිදුම් දුන්න ද දිනිති හමුවීමට ලැබීම මහත් සැනසිල්ලක් වන නිසා එය දරාගනිමින්ම ඉදිරියට ධාවනය කලා.


ඔවුන් යලි මුණගැසුණා.... කල්පයකට පසු ද.... නෑ... ඊටත් වැඩි කාලයකට පසු.... එසේ ඔවුන්ට දැනූනා.අවිශ්කගේ මුහුනේ තැන තැන ප්ලාස්ටර් අලවා තිබෙනු දැක දිනිතිට දරාගන්න බැරිවුනා.ඇය අතින් මුව වසා‍ගෙන, ඉදිරියට යනුවෙනුවට පසුපසට ගියා.නැවතුනා.නැවත ඉදිරියට දිවගොස් අවිශ්කව තදින් බදාගත්තා.... මොහොතක් පරිසරයම නිහඩවුනා?... නෑ... ඔවුන්ට එසේ දැනුනා.


“මොකද්ද රත්තරං මේ කරගත්තේ.ඇයි මට මේ බව නොකිව්වේ.”දිනිති හිතපුරා නෙත් දොවා එන හැඩුම් වලකාලමින් ඇසුවා.1


අවිශ්ක නිහඩවම ඈ දෙස බලා සිටියා. ඒ බැල්ම තුල දිනිති ඇසු ප්‍රශ්නයටත් මතුවට අසන්න සිටි ප්‍රශ්න වලටත් පිළිතුරු තිබුනා.


“ඔයා ගෙදරට කියලද ආවේ?” අවිශ්ක මදවේලාවකින් ඇසුවා.

දිනිති නැත යයි කියන්නට හිස සැළුවා.

“දැන් එයාලා කලබලවෙයි නේ”

“කමක් නෑ”

“එහෙනම් යමු....” 
 අවිශ්ක සිය සුරත දිගු කලා.ඔවුන් දෑත් පටලාගෙන හිස් වෙරළ තීරය දිගේ පියවර තැබුවා.සිහින් රළ පැමිණ ඔවුන්ගේ පියසටහන් මකා දැමුවා. හරියට ඔවුන් ගිය දෙස කිසිවකුගෙන් සගවන්න වගේ.


 *************************************************************

දේවිකා මිදුලට බැස පාර දෙස බලා සිටියා. සිය දියණිය මේ වන විට පැමිණිය යුතුව තිබුනත් ඇගේ පමාව දේවිකාට මහත් ගැටළුවක් ඇතිකරමින් තිබුනා.නැවත නිවසට ගිය ඇය දිනිතිට ඇමතුමක් ගත්තා.ඒ වනවිට දිනිතිත් අවිශ්කත් මාතර තානායමේ දිවා ආහාරය ගනිමින් සිටියා.දිනිති ඇමතුම ලබාගත්තා,


“දුව කොහේද ඉන්නෙ?”

“අම්මා මම මේ ටවුමේ ඉන්නෙ.යාළුවෙක් හම්බවුනා එයාත් එක්ක එයාලයි ගෙදර යන්න හදන්නේ.”

“ඔයා මට කලින් කිව්වෙ නෑ නේ ඒ බවක්.‍කවුද යාළුවා කොහෙද ගෙවල්?”


“මේ.. ඉ.. ඉස්කෝලේ යාළුවෙක්.ටවුමෙදි මුණගැහුනේ මේ කිට්ටුවමයි ගෙදර තියන්නෙ.ඉතින් කරදරේ එහේ යං කියලා.මම මේ කොල් කරලා කියන්න හදනකොට තමයි අම්මා කෝල් කලේ.”

“හ්ම් එහෙනම් කමක් නෑ හැබැයි හවස්වෙන්න කලින් එන්න ඕන”


“හරි අම්මා... මම තියනවා බුදු සරණයි!”

“බුදු සරණයි!”


සියල්ල අසා සිටි අවිශ්ක,

“ඔයා දැන් බොරු ගොතන්නත් දන්නවා නේ” යයි පැවසුවා.

“මට ඔයාව බලන්න එන්න වෙන ක්‍රමයක් නැති නිසයි එහෙම කළේ”

“දැන් ඔයා ආයෙත් යනවද?” අවිශ්ක ඇසුවා.


“යන්න එපා ද?”

“ගියොත් ආයෙත් මෙහෙමවත් අපිට හමුවෙන්න පුළුවන් වෙයි ද?”

“මම දැන් කරන්න ඕන මොකක් ද කියලා මට කියාදෙන්න අවිශ්ක”

අවිශ්ක දිගු හුස්මක් පිට කලා. “ඇයි අපි හමුවුනේ දිනිති.... අපිට මෙහෙම වෙන බව දැනගෙන නේ ද අපි මේ දුර ගමන ආවේ?දැන් ඔයා මගින් නතරවෙන්නද හදන්නේ?”

“නෑ රත්තරං... මම නවතින්නෙ නෑ... මම ඔයත් එක්ක එනවා... අද උනත් යමු.”දිනිති අවිශ්කගේ  දෑත් තදින් අල්ලාගනිමින් කිව්වා.


“නෑ ඔයා දැන් යන්න. ගිහින් පුළුවන්නම් රෙජිස්ට්‍රේෂන් එක කල්දාගන්න... එතකොට අම්මට උනත් මීට වඩා හොදවෙලා තියේවි නේ.”

තවත් පැයක් පමණ ඔවුන් කථාබහ කරමින් සිට තානායමෙන් පිටවුනා. බස් නැවතුමට පැමිණියා දිනිති හම්බන්තොට බලා ධාවනය වන බසයට ගොඩවුනා.බසය පිටත් වුනා. දිනිති ජනේලයෙන් හිස ඉවතට දමා අවිශ්ක දෙස බැළුවා.


අවිශ්කගේ හදවත තනිකමකින් හා සියුම් වේදනාවකින් පිරි ගියා... "මේ අපි මුණගැහුණු අන්තිම දවස ද දිනිති?" අවිශ්කගේ යටිසිත පෙරැලිකළා.


30කොටස(14/12/2012)


කාලය ගෙවී යද්දි දිනිති විවිධ අයුරින් විවාහ ලියාපදිංචිය කල් දැමීමට උත්සාහ දැරුවා.විටෙක අසනීප බවක් පෙන්නුවා. එය ප්‍රමාණවත් නොවුනු විට.කෑම බීම නැවත්වූවා.නමුත් සිය පියාගේ දැඩි අණසක මැද එයද පළක් වූයේ නෑ.අවිශ්කත් දිනිතිත් අපේක්ෂා නොකල නමුත් විකුම් බලා සිටි දිනය උදා වුනා.


දිනිති පෙර දා රෑ පුරා හැඩීමෙන් රතුවු නෙත් ඇතිව තමා හැඩගන්වන අයුරු කිසිදු හැගීමකින් තොරව දර්පණය තුලින් බලාසිටියා.


විකුම් සිය මිතුරන් කීහිපදෙනෙක් සහ සිය මව සමග පැමිණ උදෑසන බෝජන සංග්‍රහය භුක්තිවිදිමින් සිටියා.දිනිති හැඩ ගැන්වු ශිල්පිණිය ඉවත්ව ගියා. මදවේලාවකට පසු දිනිතිගේ දුරකථනයට කෙටි පණිවිඩයක් පැමිණියා

 ඒ අවිශ්කගෙන්...


තව ටිකකින් ඔයා මගේ නෙ‍වි නේද?”


දිනිතිට සිය පපුව ‍දෙපළුවි යන බවක් දැනුනා.ඇයට තවත් හඩන්න ශක්තියක් තිබුනේ නෑ.ඇය සිය ඇදේ හාන්සි වුනා.දුරකථනය අතින් අත් හැරුනා. ඒත් සමගම විකුම් කාමරයට ආවා.

.. මගේ මනාමාලි මොකද මේ දොයි!”


දිනිති කිසිවක් නොකියා උගුලකට හසුවු මුවපැටික්කියෙක් සේ  විකුම් දෙස බලා සිටියා.

හ්ම් දැං යමු දිනිති. අන්න රෙජිස්ට්‍රාර් නෝනත් ආවා... දැං තවත් කල්පනා කරකර ඉන්න දෙයක් නෑ... ඔයාට දැන් මේ දේ කරන්නම වෙනවා...යං යං


විකුම් දිනිතිව ඇදෙන් නැගිටුවා විසිත්ත කාමරය වෙත කැදවාගෙන ගියා.සියළු දෙනා තමා දෙස බලා සිටින විට දිනිතිට තමා ගැනම මහත් කණගාටුවක් වැනි හැගිමක් අතිවුනා.


විවාහ සහතිකය මත ඇය සිය අත්සන තැබුවේ සිහිනෙන් වගෙයි.

 ***********************************************************

අවිශ්ක එදින නිවසෙන් නොව සිය කාමරයෙන්වත් ඉවතට පැමිණියේ නෑ.මංගලා මේ කිසිවක් සිතාගනු නොහැකිව මලිත්ව ඇමතුවා.එයින් සිදුව ඇති සියල්ල දැනගත්තා.මලිත් පැමිණ දොරට ගසා මහත් වෑයමක් ගෙන එය විවර කරවා ගත්තා.උදේ එකොළහට පමණ.එතෙක් අවිශ්ක දියබිදක් හෝ නොගෙන සිය ඇද මත දිගාවි සිටියා.


මොකක් ද බං මේ වැඩේ තේරුම?”


අවිශ්ක හිසි බැල්මෙන් වහලය දෙස බලා සිටියා මිස කිසිම අංගචලනයක් හෝ කළේ නැ.


එවර මලිත් අවිශ්කගේ දෙවුරෙන් ඔසවා සොලවමින් නැවත පෙර පැණය වඩාත් තිවෘර ලෙස විමසුවා.

උඹ හදන්නේ නොකා නොබි ඉදලා දිනිතිට රිද්දන්න ද? ඒක වෙන්නේ නෑ.උඹ රිද්දන්නෙ උඹේ අර අහිංසක අම්මටයි තාත්තටයි කියලා මතක තියාගනින්.දිනිතිට උඹ මෙතන මළත් දැන් කරන්න පුළුවන් දෙයක් නෑ.”


එවර අවිශ්කගේ නෙත් අගින් කදුළු සීරාවක් ගලා ගියා. මලිත් ට සිය මිතුරා,ප්‍රාණ සම සගයා ගැන මහත් වේදනාවක්,දුකක් දැනුනා.ඔහු අවිශ්කව බදාගත්තා.1


මචං...... ....මට තේරෙනවා බං උඹේ හිතේ කොච්චර දුකක් තියනවද කියලා.ඒත් මචං.....මං.....මං උඹට කියන්නේ දැන් කරන්න දෙයක් ඇත්තෙ නෑ කියලා විතරයි. උඹ උඹට පුළුවන් උපරිමය කළා.ඒත් මචං මොනව කරන්නද ඉවසපන්..... කවුරු නැතත් මායි උඹේ අම්මතාත්තයි උඹත් එක්ක ඉන්නවා.අපි බලමු...”


මෙ තවත් පැයක් පමණ පෙරැත්ත කිරිමෙන් පසු මලිත් ‍කෙසේහෝ අවිශ්කව කාමරයෙන් ඉවතට ගත්තා.වදෙන් පොරෙන් බතුත් කන්න දුන්නා.සවස් වෙද්දි අවිශ්කත් මලිතුත් නිවසේ ඉස්තෝප්පුවට වි ඈතින් යන වාහන දෙස බලා සිටිනු දැකිය හකි වුනා.1


හවස් වුනා බං මම ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන රෑ වෙලා එන්නම්.” මලිත් අසුනින් නැගිටිමින් කිවුවා. 1
අවිශ්ක සිටි ලෙසටම පාරදෙස බලා සිටියා. මලිත් නිවස තුලට ගියේ මංගලා මුණ ගැසීමටයි.


ඇන්ටි,මම යනවා...රෑ වෙන්න එන්නම්.මම එනකොට රෑට කෑම මොනවා හරි අරං ‍එන්නං.ඇන්ටි උයන්න ඕන නෑ.අවිශ්ක ලගින් ඉන්න. ටික දවසකින් ඔය අප්සට් එක හරි යාවි.”


මංගලා ඉකිබිදිමින් සිය අතැගිලි වලින් නෙත් පිස දැමුවා.


තමනුත් මේ දේවල් වලට වගකියන්න ඕන.මේවා මෙච්චර දුර දිග යන්න නොදී අපේ ගොන් නාම්බට තේරුම් කරලා දෙන්න තිබුනා ඔය විදියේ දේවල් සිද්දවෙන්න ඔය දෙමාපියො අකමැති වෙන විත්තිය.”

දිසානායක කොහේදෝ සිට පැමිණ මලිත්ට දොස් තැබුවා.


මේ දරුව මක් කරන්නද? ඔය වයසට ඔහොම දේවල් හිතෙන විත්තිය අපිටත් කලින් හිතන්න තිබ්බා.ඒකට කටයුතු හදන්නතිබ්බා.” මංගලා වෙවිලන ස්වරයෙන් කීවා.


තිබ්බා...තිබ්බා සේරටම කලින් කට්ටිය එකතුවෙලා ඔය කරගෙන තියන්නේ.... මම මුල ඉදන්ම ඕකට විරුද්ධ වුනා.මම දන්නවනේ ඕකුන්ගෙ හැටි.අවස්තාවාදියෝ..” දිසානායක පුපුරාගිය කේන්තියෙන් කිව්වා.


***************************************************

ඉතින්.... 


රාත්‍රිය එළැඹුනා.....

මලිත් ඇවිත් ගියා....


හැමෝම නින්දට පිවිසුනා. ඒත් අවිශ්කට වත් දිනිතිට වත් නින්ද අසලකටවත් එන්න බැරිවුනා.දිනිති නිවසෙන් මිදුලට බැස්සා. එදා අවිශ්ක සමග පෙමින් බැදුනු සේපාලිකා ගස යට බංකුව ඇගේ නෙත ගැටුනා.ඈ ඒ මත හිදගත්තා.අවිශ්කත් හිස්වු මනසින් යුතුව ඔහුගේ නිවසින් නික්මුනා.1මිදුලේ අඹ ගස යටට පැමිණි ඔහු අහස දෙස බැළුවා.පෝය ලග නිසා සද අහස ඒකාලෝක කරමින් වැඩෙමින් තිබුනා. ඒත් පුංචි තරුකැට ඒ ආලෝකයට අභියෝග කරමින් දිදුළමින් තිබුනා.එදා දිනිති සමග සේපාලිකා ගස යට සිට තරු කැට දෙස ආදරෙන් බැලූ අයුරු අවිශ්කට සිහි වුනා.දිනිතිගේ දෑස්වල වු එළිය මේ තරුකැටවල තිබේද?

(උපුටා ගැනිම තහනම්)

No comments:

Post a Comment