ඔබ මට තරුවකි

Saturday, March 2, 2013

ඔබ මට තරුවකි 31 / 32

1 ොටස කීයවීම සදහා "older post" වෙත පිවිසෙන්න....

31කොටස(30/12/2012)

දැන් අපි මේ කතාවේ අවසානයට ලං වෙලා කියලා ඔයාලට හිතිලා ඇති. ඔව් ඒක හරි වෙන්න පුළුවන්.... ඒත් තව ටික දිනක් ඔයාලට මේ කතාව කියන්න මට සිදුවෙනවා.ඔයාලා සිතන විදියේ අවසානයක් මේ කතාවේ තියේවිද? අපි බලමු.!
පසු දිනත් දිනිති සිටියේ සිහියෙන් ද අසිහියෙන් ද කියලා ඇයටවත් නිනව්වක් තිබුනේ නැ.ඇයට අවිශ්කගේ තත්වය දැනගන්න විදියක් තිබුනේ නෑ.1ඇය යැවු එක කෙටි පණිවිඩයකට වත් පිලිතුරක් තිබුනෙ නෑ.ඉතින් ඇය සිය මිතුරියට ඇමතුමක් ගත්තේ ඇගෙන්වත් තෙරතුරක් සොයාගතහැකි වේදැයි බැලීමටයි.

“නිශා.........ඉහ්ග්..” දිනිතිට වචන ගලපගන්න බැරි වුනා.
“ආ.. දින්... මතක් වුනාද අපිව...” නිශා හිටියෙ සිය මිතුරිය ගැන දුකින් වගේම තරහින්.

“හිග්............අ.. අනේ නිශා.. අවිශ්කට කොහොමද?”
“කවුද බං අවිශ්ක කියන්නෙ,උඹ දන්න කෙනෙක් ද?” 

“අනේ නිශා ඔ... ඔයත් ඇයි ඔහොම කතා කරන්නේ... මට  සිද්ධවුනේ මොකක් ද කියලා ඔයා හොදටම දන්නවානේ.මට අවිශ්ක ගැන දැනගන්න විදියක් නැති නිසයි ඔයාගෙන් අහන්නේ.”

“දින්... මම දන්නවා සේරම.... මම උඹට මේ සම්බන්දෙ පටන් ගනිද්දි කිව්වා මෙහෙම දුකක් වෙයි කියලා. එදා උඹ කිව්වා නේ ඒවට මූණදෙන්න පුළුවන් කියලා.ඇයි එහෙනම් ඔහොම දේකට ඉඩ දුන්නේ.අර අහිංසකයා දැන් විදවනවා නේ. දැන් මොකටද එයා ගැන හොයන්නේ.උඹ දැන් බැදලා නේ.සතුටින් හිටපන්...”
නිශාගේ ඒ දැඩි වාග් ප්‍රහාරයට දිනිතිගේ කණ් අගුළු වැටුනා ද මොළය හිරි වැටුනාදැයි සිතාගැනිමට නොහැකි වුනා.ඇගේ උගුර දෙපසින් තද වෙමින් තිබෙන බවත් තවත් එක වදනක් හො කතාකිරීමට නොහැකි වෙන බවත් පමණක් ඇයට තේරුණා.

“නිශා.... අවිශ්ක.... ම මට.... සමා..වෙ....  ටීක්...ටීක්...ටීක්” දුරකථනය විසන්ධි වුනා.
මේ සිදුවීමෙන් නිශා ද කලබල වුනා. ඇය එසැනින් නැවත් දිනිතිට ඇමතුමක් ගත්තා.

“ඔබ ඇමතූ අංකය මේ මොහොතේ සම්බන්ධ කළ නොහැකියි. කැරුණාකර පසුව අමතන්න.”

දිගින් දිගටම උත්සාහ කළත් ප්‍රතිඵලය එයමයි.
***********************************************
මලිත් අවිශ්ක සමග පන්සලට ගියා. 

බොධිරාජයාණන් වහන්සේ අසල හිදගත් ඔවුන් නව දළු මතු වී එන බෝ රිකිලි දෙස බලා සිටියා.බෝ ගස ජීවිතයට යස පාඩම් කියාදෙන බව අවිශ්කට නිකමට සිතුනා.එක් කළෙක රෝස පැහැ නව දළු ද වරෙක ලා කොළ පාට ලපටි දළු ද තවත් වරෙක තද කොළ පාට ‍පත්‍ර ද ඉන් පසු දුඹුරු වන් වියළි පත්‍ර ද ඊටත් පසු අතු ඉති පමණක් ද දරා සිටීම1 හරියට ජීවිතයේ විවිධ අවධි සහ ප්‍රේමයේ විවිධ අවධි වැනි යයි ඔහුට සිතුනා.

“මොනවද කල්පනා කරන්නේ.අපි මෙතෙන්ට ආවේ ටිකක් සැහැල්ලුවෙන්න. කල්පනා කරන්න නෙවි.”
මලිත් අවිශ්කගේ නෙත් ඉදිරියෙන් අත්සොලවා කල්පනාව බිදින ගමන් සැළකර සිටියා.

“මචං.... උඹ, මම, නිශා අපි සේරම කොච්චර කල්පනා කලත් දැන් වැඩක් නෑ.අපි හිත හදාගන්න ඕන.හිතපන් දිනිතිට ටික කාලයක් යනකොට අර හාදයත් එක්ක ජිවත් වෙන එක හුරු වෙනවා.ඒක තමයි මිනිස් ස්වභාවය.අරු දිනිතිට අඩුපාඩුවක් නම් වෙන්න තියන්නෙ නෑ.ඒක ෂුවර්.ඉතින් දිනිතිට හොද ජීවිතයක් ලැබෙයි කියලා අපි හිත හදාගමු බං.උඹ ඔහොම විදවනවා කියලා දැනගත්තහම දිනිතිට වුනත් ඒක දරාගන්න බෑ කියලා මට වඩා උඹ දන්නව නේ.1ආදරේ කියන්නේ ළං කර ගැනීම විතරක් නෙවි බං... ඒ තුළ අනිකාගේ යහපත වෙනුවෙන් කරන පරිත්‍යාගත් තියනවා.”

“පරිත්‍යාග....මෙච්චර ලොකු පරිත්‍යාග”අවිශ්ක විමසුවා.

“ඔව්.පරිත්‍යාග,උඹ දැන් ඒ දේ කරළා ඉවරයි.පරිත්‍යාගයක් කරලා ඒ ගැන දුක්වෙනව නම් ඒකෙ වටිනාකමක් නැ නේ ද?” මලිත් ඉතා සංවේදීව අවිශ්කගෙන් විමසුවා.
අවිශ්ක දිග සුසුමක් පිට කළා.

“මේ විදියෙ දෙයක් වුනු පළවෙනිය උඹ නෙවි.අන්තිමයත් උඹ නෙවි.මිනිස් සම්බන්ධතා ඔහොම තමයි.ගොඩනැගෙනවා...බිදවැටෙනවා....ආයේ ගොඩනැගෙනවා. ලෝකෙ ඉන්නේ එකම විදියට හිතන අයනම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ.දෙමාපියෝ දරුවො දිහා බලන්නේ එක විදියකට.දරුවෝ දෙමාපියෝ දිහා බලන්නෙ තවත් විදියකට.දෙගොල්ලොම වෙලාවකට ආත්මාර්ථකාමී වෙනවා.වැඩියෙන් ආත්මාර්ථකාමී වුනු අය දිනනවා.ඒත් ඒ අය දන්නේ නෑ පැරදුනු අය පැරදුනේ දිනපු අය ගැන හිතපු නිසා කියලා.ඒක තේරෙන කොට මුලින් දිනපු අයත් විදවන්න පටන් අරන් ඉවරයි.”

අවිශ්ක මේ දේශනාව සාවදානව විවරණය කරගනිමින් සිටියා.ඇත්තටම ඔහුගේ සිතට සැහැල්ලුවක් දැනුනා.
මේ අතර මලිත්ට ඇමතුමක් ලැබුනා.ඒ නිශා ගෙන්

“අයියේ.. දින් කෝල් කළා.. අවිශ්ක අයියා ගැන ඇහුවා.මම ටිකක් කේන්තියෙන් කතා කලේ. එක පාර සමාවෙන්න කියලා ඩිස්කනෙ‍ක්ට් වුනා. මම ආයේ ට්‍රයි කළා ‍‍ෆෝන් ඕෆ්.”

“ඔයා බැනපු නිසා එහෙම වෙන්න ඇති.”
“නෑ... එයා කතා කලෙත් අමාරුවෙන්.. මට නම් බයයි.”
“ඔයා මාර යාළුවෙක් නේ මෙයා මෙච්චර අප්සට් නම් එයා කොහොම ඇති ද ? එහෙව් එකේ කඩාපැන්නාම හරියනව ද? මම දන්නෑ ඕන මළදානයක් කරගන්නවා. මම මේ අපේ එකාගේ ඔළුව ටිකක් රිලැක්ස් කරන්න හදන‍වා..ඔවා දැනගත්තොත් මු පිස්සෙක් වෙයි. මම තියනවා පස්සෙ ගන්නම්.බායි!!”

“හ.. හරි හරි බායි!”



32 කොටස (27/01/2013)


දුව.... දිනිති... මොකක්ද සද්දේ... 


විමසුම් ස්වරයෙන් අසමින් දේවිකා දිනිතිගේ කාමරය දෙසට දිවයන්න වුයේ එම දෙසින් යමක් ඇදමත පතිත වෙනුත් ඒ සමග යමක් බිදී යන හඩත් මිදුලේසිට ගෙට ගොඩවෙමින් සිටි ඇයට ඇසුනු නිසයි.

කාමරයේ තිරරෙද්ද මෑත් කර බලන දෙවිකාගේ නෙත් විමතියෙන් විශාලවී ගියා.ඇයට දකින්නට ලැබුනේ ඇද මත ඇදවැටී එයින් බිමට පතිතවීමට ආසන්නව සිටි දිනිතිවයි.ඒත් සමග1 ඇගේ දුරකථනය බිම වැටී බැටරිය ද ඈතට විසිවී ගොස් තිබුනා.

අනේ දුවේ...! දේවිකා වහාම පැන දිනිතිව ඔසවා ඇදමත හරියාකාරව සැතපුවා. ඇගේ කම්මුල් වලට සෙමෙන් ගැසුවා.කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ.

අනේ කවුරුත් නැද්දෝ...! දේවිකා හැකි උපරිමයෙන් කෑ ගැසුවා. වෙවුළුම් ස්වරයෙන් වු ඒ හඩ නිවසේ ස්තොප්පුවට වත් ඇසුනේ නැති තරම්. මෙතන සිට තවත් මොරදීමෙන් පලක් නැත. නිවසේ තවත් කිසිවකුත් නැති බව ඇයට මතක් වූයේ පසුවයි. ඇය දිනිතිගේ හිස කොට්ටය මත පිහිටුවා.වතුර වීදුරුවක් ගෙන ඒමට නැගිට්ටා.

බිය වැඩිකමට ඇයට සිය දෙපා පවා අවසග වුනා.පුටුවක වැදී පය පැකිළි ඇදවෙටෙන්නට ගොස් යලි අත බිම ගසා නැගිට ගෙන මුළුතැන් ගෙයට පිවිස වතුර පුරවාගත් වීදුරුවද රැගෙන දිනිති වෙත ආවා.

වීදුරුවෙන් දිය ගෙන දිනිතිගේ මුහුණට ඉසිනු ලැබුවා.නැවත කම්මුලට තට්ටු කරා.
දිනිති.... අ අනේ දුවේ නැගිටින්න. 1අනේ නැගිටින්න රත්තරං...

දිනිතිගේ දෑස්පිය යන්තමින් සෙලවෙන්න වුනා.පසුව සෙමෙන් විවර වුනා. දේවිකා දිනිතිව සිය ළැමට තුරුළුකර ගත්තා.

මේ අතර වීරසුරිය ද පැමිණියා.ඔහු වහාම දිනිති සිය සුපුරුදු පුද්ගලික රෝහලට රැගෙන ගියා.

*********************************************
අවිශ්ක මලිත් සමග පන්සල් ගොස් නැවත නිවසට පැමිණියා. ඒ වනවිට දහවල් ආහාර වෙලාවත් පැමිණිලා.
ඔවුන් එකට හිද ආහාර ගැනීම ඇරඹුවා. මංගලා පසෙක සිට දෙමිතුරන් ආහාර ගන්නා දෙස බලා සිටියේ අඩු පාඩු සොයාබලා සපයන්න වගෙයි.

“ඇන්ටිත් අපි එක්කම කමු. අන්කල් දැන්ම එන එකක් නෑ මම එද්දි දැක්කා සෝමවීර අන්කල්ලයි ගෙවල් පැත්තෙ යනවා.දෙන්න සෙට්වුනාම ඉතින් දන්නවානේ.”

“හරි හරි මම පස්සෙ කන්නම්.පුතාලා කන්න. අන්කල් එහෙනම් අද තුන හතර වෙනකල් එන එකක් නෑ.”
මේ අතර එක වරම කෑම නැවැත්වූ අවිශ්ක සිය උගුරට අත තබා ගත්තා.

“මොකද බං”
“ඇයි පුතා... මොකද? හිරවුනාද?”

ඔව් යයි හගවන්නට මෙන් හිස සැළූ අවිශ්ක වතුර උගුරු කීපයක් බී නැවත සිය පිගාන දෙස බැළුවා. නැවත මලිත් දෙස බැළූ ඔහු අත සෝදා පුටුවෙන් නැගිට විසිත්ත කාමරය දෙසට ගියා.

“මක් වුනාද?” මලිත් මංගලාගෙන් විමසුවා.
“කවුද දන්නෙ දරුවෝ... ඔය දරුවා කන්න මම බලන්නං”
“නෑ නෑ මටත් ඇති.ඇන්ටි කන්න. මම හෙමින් ගිහින් බලන්නං” එසේ කියා මලිත් ද අසුනින් නැගිට දෑත් සෝදා වතුර උගුරු දෙකක් ගිල දමා අවිශ්ක ගිය දෙසටම ගියා.

“මොකද බං වෙලා තියන්නේ.. කෑම නැවැත්තුවේ? අර අම්මා මහන්සියෙන් උයපුවා.”

“දිනිති කාල නැතුවද දන්නෑ බං” අවිශ්ක බෙරි කරගත් මුහුණින් යුතුව සන් කළා.

“අනේ මං දන්නෑ බං උඹ..... දැං අද උදේ ඉදන් උඹට පැහැදිලි කරපු වචන ටික මම පන්සලේ ගස් කොළං වලට කිව්වා වගේනේ.” මලිත් කෝපයෙන් පැවසුවා.

*********************************************

දිනිති අසනීපවී රෝහල් ගත කළ බව විකුම්ට දැන්වූයේ වීරසූරිය විසිනුයි. එසැනින් ඔහු සිය මෝටර් රථයට ගොඩවුනා.

“මම එනකොට රෑ වුනොත් කඩේ වහලා යතුර ගෙදරට දීලා යන්න.” ඔහු රථයේ සිටම සිය හිතවත් ගෝලයාට පැවසුවා.
රථය පාරට දැමු ඔහු හක්මණ-බෙලිඅත්ත හරහා තංගල්ල මාර්ගයේ වේගයෙන් ධාවනය කලා.

“දිනිතිට මොකක් ද මේ එකපාරටම වුනේ... අරූ ගැන හිත හිත නොකා නොබී හිටියා වත් ද...” විකුම්ට දිනිති ගැන කේන්තියකුත් ආවා.

රථය බෙලිඅත්ත මංසංධිය පසුකර මදක් ඉදිරියට ධාවනය වුනා.පරණ ලොරි කබලක් හෙමි හෙමින් යන ආකාරය විකුම් දුටුවා. ඔහු කෝපයෙන් යුතුව එය පසුකර යාමට සිය රථය පාර මැදට ගත්තා.එවිටම අනෙක් පසින් පැමිණි බස් රථයක විකුම් ගේ රිය ගැටුනා.

මෝටර් රිය කැරකී ගොස්  පාරේ අයිනක තිබූ කොහොඹ ගසක වැදී නැවතුනා.1 විකුම්ට කිසිවක් සිතාගැනීමට නොහැකි වුනා.දෑස් අදුරු වී ගියා. දස දෙසින් මිනිසුන් කෑකෝ ගසන හඩත් රිය නළා හැඩවෙන හඩත් වරින් වර ඇසුනා. එය ද ක්‍රමයෙන් නෑසී ගියා.



2 comments:

  1. harima asawen read kala...godaak lassanai..ithuru tika post karana kal balan innawa.digatama me wage katha liyanna wish karanawa...
    djmaxmadushan@gmail.com

    ReplyDelete
  2. ස්තුතියි! දිගටම මේ පැත්තෙ එන්න..

    ReplyDelete