ඔබ මට තරුවකි

Saturday, June 8, 2013

ඔබ මට තරුවකි 33

33 කොටස(02/03/2013)

දේවිකා දිනිතිට සුප් ස්වල්පය බැගින් පොවමින් සිටියා. දිනිති කුඩා දැරියක ලෙස එය රස බලන ආකාරය දෙස වීරසූරිය බලා සිටියා. මේ අතර ඔහුගේ දුරකථනය නාද වුනා.
“හෙලෝ”
“හෙලෝ මම මේ විකුම්ගේ යාළුවෙක් කතා කරන්නෙ. ඔය මිස්ටර් වීරසූරිය ද?”

“ඔව්. වීරසූරිය තමා කථා කරන්නේ.විකුම් පුතා දැන් මෙහේ එනවා කියලා කිව්වා. ඇයි මොකක්ද කාරණය?”

“මේ... විකුම්ට පොඩි කරදරයක් වෙලා... දැන් මාතර හොස්පිටල් එකේ ඉන්නේ... විකුම්ගේ අම්මා තමයි කෝල් කරන්න කිව්වේ.”
“මො...මොක....පො..පොඩ්ඩක් ඉන්න....මේ......”
ඇසූ පුවතින් වික්ෂිප්ත වු වීරසූරිය දිනිතිත් මවත් සිටි රෝහල් කාමරයෙන් ඉවතට ගියේ තම ඉදිරි කතා බහෙන් මේ සිදුව ඇති දේ දිනිතිට තේරුම් යාමට ඉඩ ඇති බව සිතුනු නිසයි.
“දරුවො මොකක්ද වෙලාතියන්නෙ කියලා හරියටම කියන්න...”

“නෑ අන්කල් කලබලවෙන්න එපා.... දිනිති බලන්න එද්දි බෙලිඅත්ත හරයෙදි තමයි ඇක්සිඩන්ට් වෙලා තියන්නේ. මෙහාට එද්දි සිහිය තිබ්බෙත් නෑ.. ඒත් දැන් නම් සිහිය ආවා.. දැන් තියටර් එකට ගන්නවා කිව්වා.කකුලකට තමා ගොඩක් ඩැමේජ් තිබ්බේ.”

“හරි හරි මම දැන්මම එන්නම්”

අවිශ්ක දින කිහිපයක නිවාඩුවකට පසු පාසලට පැමිණියා.තම ආදරණිය ගුරුවරයා නැවත පංතියට පැමිණීම මේ අහිංසක දරුවන්ට මහත් සතුටක් ගෙන දුන්නා.තමන්ට බාහිර ලෝකය සමග තම අදහස් හුවමාරු කරගැනීමට ඇති පහසුම මග කියාදෙන ගුරුතුමා ඔවුන්ට නම් දෙවි කෙනෙකුට සමානයි.
අවිශ්ක සිය පාඩම අරඹා මදවේලාවකින් විදුහල්පතිනියගෙන් කැදවීමක් ලැබුනා.ඔහු ඉක්මනින් විදුහල්පතිනියගේ කාමරයට පිවිසියා.
“ආ... එන්න මිස්ටර් අවිශ්ක....” විදුහල්පතිනිය අවිශ්කට ඉදිරිපස අසුන පෙන්වමින් පැවසුවා.1

අවිශ්ක සැකෙන් මෙන් විදුහල්පතිනිය දෙස බලමින් හිදගත්තා.

“මම මිස්ටර් අවිශ්කට එන්න කිව්වේ ඔයාගේ ලීව් ගැන කතා කරන්න. පහුගිය දින කීපෙම වැඩට ආවෙ නැත්තෙ ඇයි.ලීව් ඇප්ලයි කරල තිබුනෙ දවස් දෙකකට ඒත් සතියක්ම ඇවිත් නෑ....ඔයා දන්නවානේ මෙහේ ඔය සබ්ජෙක්ට් එකට ඉන්නෙ ඔයා විතරයි. අපිට නිවාඩු 42ක් තියනවා තමයි ඒත් වෙන ජොබ් වගේ නෙවි අපි කටයුතු කරන්නෙ අපේ රටේ අනාගත පරපුරත් එක්ක.අපේ නිවාඩුවක් නිසා ඒ අයට අහිමිවෙන කාලය ආපහු ලැබෙන්නෙ නෑ...”

අවිශ්ක සංඥා බසින් කරුණු පැහැදිලි කලා...
“මැඩම මට පෞද්ගලික ප්‍රශ්නටිකක් තිබුනා... ඒ නිසා තමයි නිවාඩු ගත්තේ.... එහෙම ප්‍රශ්න තියන් මම ආවත් හිත එකලස් කරන් උගන්වන්න අමාරුබව දන්න නිසයි නෑවිත් හිටියේ.”

“හරි හරි මිස්ටර් අවිශ්ක, මම දන්නවා ඔයා රාජකාරිය කොච්චර අවංකව සහ ආදරෙන් කරනවද කියලා.ඒ නිසාම තමයි මිස්ටර් අවිශ්ක නැති අඩුව මේ පාසලට මෙතරම් දැනෙන්නේ.... දැන් යන්න ගිහින් ලෙසන් එක කන්ටිනිව් කරන්න.”
“තැංක් යූ මැඩම්”
අවිශ්ක අසුනින් නැගිට තුරු පෙළක් යටින් වැටී ඇති මාවත ඔස්සේ සිය පංති කාමරය දෙසට පිය මැන්නා.
*****************************************
ශල්‍යකර්මය අවසන් කර විකුම් නැවත දැඩිසත්කාර ඒකකයට රැගෙන ආවා.හිස හැර අනෙක් සියල්ල රෙද්දකින් වසා තිබුනා.විකුම්ගේ මව සහ දිනිතිගේ පියා රෝගීන් බැලීමට යන අය සදහා ඇති කබා හැද දොරටුවෙන් අතුළුවීමට බලා සිටියා.වෛද්‍යවරයා වාට්ටුවෙන් පිටතට පැමිණියා.
“මේ අර ඇක්සිඩන්ට් වෙලා ආපු පේෂන්ට්ගේ අම්මා වෙන්න ඇති.”විකුම්ගේ මව දෙසට හැරෙමින් ඔහු පැවසුවා.

“ඔ..ඔව් ඩොක්ට” විකුම්ගේ මව හැඩූකදුලින් යුතුව පැවසුවා.
“දැන් මෙතන කලබල කරන්න එපා... මෙතන ඉන්නෙ සීරියස් 
අය....ඔයාලා කලබල කරනවා කියන්නෙ ඒ අනිත් අයටත් හිරි හැරයක්....හෙමින් සීරුවට ගිහින් ලෙඩාව බලන්න. එයාට තව ටිකකින් සිහිය ඒවි.”1
“අනේ ඩොක්ටර්,දරුවට කොහොමද?” වීරසුරිය විමසුවා.”
“ආ... එයාගේ දකුණු කකුල සීරියස්ලි ඩැමේජ් වෙලා....දනහිසෙන් පහල අස්ථි කිහිප ස්ථානයකින්ම කැඩිලා. අපිට ඒක රිකවර් කරන්න පුළුවන් කමක් නෑ.... ඒ නිසි ඒ කොටස කපන්න සිද්දවුනා...”

“මො...මොනවා... අනේ මගේ පුතේ....”විකුම්ගේ මවට දරාගැනීමට බැරි වේදනාවක් දැනුනා.ඇය අසලවු පුටුවක හිදගත්තා.”
“අම්මා කලබල වෙන්න එපා... ඔය තරමින් හරි බේරුනේ වාසනාවකට වෙන්න පුළුවන්.”වෛද්‍යවරයා එසේ කියමින් විකුම්ගේ මවගේ හිසට අත තබා යන්න ගියා.
වීරසුරිය අන්දමන්ද වු ස්වරූපයෙන් යුතුව අසලවු කනුවකට වත්තම්වුනා.
**************************************

No comments:

Post a Comment